2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංවිම 2025 අවසානයේ දැවැන්ත අලාභයක් ලබලා..
2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය, 2025 වසර අවසාන වන විට යළිත් දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව එම මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා මණ්ඩලය රුපියල් බිලියන 32.5 ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇත.
2024 වසරේ රුපියල් බිලියන 565.3 ක් වූ මණ්ඩලයේ මුළු ආදායම 2025 වසරේදී රුපියල් බිලියන 436.1 දක්වා 23% කින් පහළ බැස තිබීම මෙම පාඩුවට ප්‍රධානතම හේතුව වී තිබේ.
එසේ වුවද, විදුලිය උත්පාදනය සහ බෙදා හැරීම සඳහා යන පිරිවැය (Cost of Sales) රුපියල් බිලියන 438.7 සිට රුපියල් බිලියන 452.8 දක්වා 3% කින් ඉහළ ගොස් ඇත.
වාර්තාවට අනුව මණ්ඩලයේ පරිපාලන වියදම් ද 15% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් බිලියන 22.8 ක් ලෙස සටහන් වේ. මීට අමතරව බැංකු ණය සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සඳහා ගෙවිය යුතු මූල්‍ය පිරිවැය (Finance Cost) රුපියල් බිලියන 31 ඉක්මවා තිබීම මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සහ ලංකා කෝල් සමාගම වැනි ආයතන ද ඇතුළත් කරමින් ගණනය කළ "සමූහ" (Group) මට්ටමේදී අලාභය රුපියල් බිලියන 12.8 ක් දක්වා අඩු වී ඇත්තේ අනෙකුත් අනුබද්ධ සමාගම් ලැබූ ලාභය හේතුවෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..