News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාවේ ගල්ෆ් යුද යන්ත්‍රය: ලොවට හෙළිවූ මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ජාලය

Mar 7, 2026 at 06:42 PM
|

ගල්ෆ් රාජාණ්ඩුවලට අයත් භූමිවල එක්සත් ජනපද හමුදා කඳවුරු නොමැතිව ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණය කළ නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිය. මෙම කඳවුරු ඉරානයට එරෙහිව ඇමරිකාවේ ප්‍රහාරාත්මක බලය යෙදවීමට අත්‍යවශ්‍ය වන්නවූ අඩිතාලම බව යුද් විශේෂඥ යෝ පෙන්වා දෙති.  දිගු කලක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්තියේ උපායමාර්ගික මුල් ගලක් වී ඇත්තේ මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරුය. එම කඳවුරු වල මුඛ්‍ය පරමාර්ථාය වන්නේ ගෝලීය තෙල් සැපයුම්වල ආරක්ෂාව සහතික කිරීම, මිත්‍ර පාක්ෂිකයින් ආරක්ෂා කිරීම සහ එක්සත් ජනපද-ඊශ්‍රායල් ආඛ්‍යානයට අනුව ප්‍රධාන වශයෙන් ඉරානයෙන් පැන නගින කලාපීය තර්ජන වැළැක්වීමයි.

මැද පෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරු අතරින් එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය කලාපයේ ඇමරිකානු හමුදා පැවැත්මේ මුල් ගල්වලින් එකකි. එහි මෙහෙයුම් පර්සියානු ගල්ෆ්, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ අවට මුහුදු කලාපය පුරා විහිදේ. බළ ඇණියේ ප්‍රධාන කඳවුරු බහරේන්, කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඕමානයේ පිහිටා ඇති අතර හමුදා මූලස්ථාන, තීරණාත්මක යටිතල පහසුකම්, සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් කඳවුරු සහ වරායන් මෙම කඳවුරු වලට ඇතුළත් වේ. ඉරානයට එරෙහි "ඔපරේෂන් එපික් ෆියුරි" මෙහෙයුමට පෙර, එක්සත් ජනපදය පළිගැනීමක් අපේක්ෂා කළ අතර මෙම කඳවුරුවල හමුදා සහ සහායක කාර්ය මණ්ඩලය සැලකිය යුතු ලෙස අඩු කළේය. කෙසේ වෙතත්, අතිරේක ප්‍රහාරක හමුදා සහ මිසයිල ආරක්ෂණ පද්ධති යෙදවීම කලාපයේ සැලකිය යුතු එක්සත් ජනපද මිලිටරි ගොඩනැගීමකට හේතු වී තිබේ.


එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය

ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනයට එරෙහිව 1995 දී "කාන්තාර කුණාටුව" මෙහෙයුමෙන් පසුව පස්වන බලඇණිය නැවත සක්‍රිය කරන ලදී. එවැනි අස්ථායී කලාපයක, ඇමරිකාව පැවසූ පරිදි "ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස" ඇතිකිරීම  සඳහා සහාය වීමට එක්සත් ජනපද නාවික හමුදාවට නිරන්තර සක්‍රියව පවත්වා ගැනීමට සිදු වූ බව පැහැදිලි විය. අද වන විට, පස්වන බලඇණිය පර්සියානු ගල්ෆ් කලාපයේ සිට ඉන්දියානු සාගරයේ විශාල කොටස් දක්වා වර්ග සැතපුම් මිලියන 2.5 ක ප්‍රදේශයක් පුරා මෙහෙයුම් අධීක්ෂණය කරනු ලබයි.

මෙම බලඇණියේ මූලස්ථානය  ස්ථාපිතව ඇත්තේ බහරේනයේ එක්සත් ජනපද නාවික හමුදාවේ මධ්‍යම කඳවුරේ NSA බහරේන් හෙවත් නාවික සහාය ක්‍රියාකාරකම් බහරේන් ලෙසය. ජුෆෙයාර් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති NSA බහරේනය, ගබඩා, සන්නිවේදන සහ බුද්ධි අංශ සඳහා අණදෙන මධ්‍යස්ථාන, බේස්බෝල් පිටියක් සහ නිවාස පහසුකම් ඇතුළු නගර ඒකක කිහිපයක් ආවරණය කරයි. පස්වන බලඇණියේ වගකීම් ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන USS ඒබ්‍රහම් ලින්කන්, ආර්ලී බර්ක් පන්තියේ ප්‍රහාරක යාත්‍රා, නැව් සහ සබ්මැරීන වැනි වාහක ප්‍රහාරක කණ්ඩායම් ඇතුළුව බලඇණි මෙහෙයුම් සම්බන්ධීකරණය කරයි.

පස්වන බලඇණිය මීට පෙර අර්නස්ට් විල් (1987-1988 දී සිදු කරන ලදී; තෙල් ටැංකි සහිත නෞඛා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී) සහ ප්‍රේයින් මැන්ටිස් (1988 දී සිදු කරන ලදී; පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරාන තෙල් වේදිකාවලට පහර දීම) මෙහෙයුම් සඳහා සහභාගී විය. මෙම බලඇණිය 2003 ඉරාක යුද්ධයට සහ ඓSඓS සහ යේමන හවුතිවරුන්ට එරෙහි මෙහෙයුම් සඳහා ද සහභාගී විය. මේ වන විට සිදු විය යුතු සේම, පස්වන බලඇණිය දැන් ඉරානයට එරෙහි එපික් ෆියුරි මෙහෙයුමට සෘජුවම සම්බන්ධ වේ.

බහරේන්: NSA බහරේන්

එක්සත් ජනපද නාවික හමුදාවේ මධ්‍යම කඳවුර සහNSA බහරේනයේ ප්‍රාථමික අණදෙන මධ්‍යස්ථානය සිතියම්වල "එක්සත් ජනපද නාවික කඳවුර" ලෙස සරලව සලකුණු කර ඇත. 1971 දී එක්සත් ජනපද නාවික හමුදාවට බ්‍රිතාන්‍ය බලඇණියෙන් මෙම කඳවුර උරුම විය. 1995 දී පස්වන බලඇණිය නැවත ස්ථාපිත කිරීමෙන් ටික කලකට පසු, එහි මූලස්ථානය මෙහි ස්ථාපිත කරනු ලැබීය. පස්වන බලඇණියට යාබදව වරායක්, පරිවාර ස්ථාන සහ රෝහලක් සහිත සැපයුම් මධ්‍යස්ථානයක් ඇති අතර එය කලීෆා බින් සල්මාන් වරාය ලෙස නම් කර ඇත්තේ බහරේනයේ අභාවප්‍රාප්ත අගමැති (1935-2020) ට ගෞරවයක් ලෙසය. ණ්Sඇ බහරේනය මෙම වරායට මායිම් වන අතර, පස්වන බලඇණියේ සියලුම භාණ්ඩ මෙම වරාය හරහා ප්‍රවාහනය කරනු ලැබේ.

NSA බහරේනයේ ඇමරිකානු ආගමනය සැලකිය යුතු සිද්ධියක් වන අතර, යුද්ධයක් නොමැති කාලය තුළ එහි භටයින් 8,500 ක් දක්වා ප්‍රමානයක් සීරුවෙන් තබා තිබුණි. කෙසේ වෙතත්, අඛණ්ඩ සටන් මෙහෙයුම් හේතුවෙන්, එහි රඳවා සිටි භටයින් සංඛ්‍යාව 1,000 ක් දක්වා අඩු කර ඇත. මෙම කඳවුර එක්සත් ජනපද නාවික විනාශ ප්‍රහාරක සහ ගුවන් යානා වාහක සඳහා සත්කාරකත්වය සපයන අතර, නාවික හමුදාවේ ගුවන් ආරක්ෂක හමුදා සහ පේට්‍රියට් මිසයිල ආරක්ෂක පද්ධති මගින් ආරක්ෂා කර ඇත. ඊට අමතරව, පෙබරවාරි 28 වන දින සතුරුකම්වල පළමු දිනයේ ඉලක්ක කරන ලද විශාලතම අභ්‍යවකාශ සන්නිවේදන සහ සංඥා බුද්ධි මධ්‍යස්ථාන වලින් එකක්ද එහි පිහිටා ඇත. ඉරානය බැලස්ටික් මිසයිල සහ ෂහෙඩ් කමිකේස් ඩ්‍රෝන යානා මගින් මෙම කඳවුර ඉලක්ක කර ඇත.

කටාර්: අල් උඩෙයිඩ් ගුවන් කඳවුර

අල් උඩෙයිඩ් ගුවන් කඳවුර 1996 දී කටාර් රාජ්‍ය විසින් කාන්තාර කුණාටු මෙහෙයුමෙන් පසු ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් යටතේ ඉදිකරන ලදී. කටාර් පරිපාලනයේ මූලික ඉලක්කය වන්නේ අසල්වැසි රටවලින්, විශේෂයෙන් ඉරානයෙන් එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා කලාපයේ ස්ථාවර ඇමරිකානු හමුදා පැවැත්ම සහතික කිරීමයි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රථම වරට 2001 දී ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සඳහා මෙම කඳවුර භාවිතා කළ අතර, 2002 දී කටාර් සමඟ නිල ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එමඟින් එක්සත් ජනපද ගුවන් හමුදාවට අල් උඩෙයිඩ් සිට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් අතරතුර සහ විශේෂයෙන් 2021 දී එක්සත් ජනපද හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කර ගැනීමේදී එක්සත් ජනපද ගුවන් හමුදා මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමේදී මෙම කඳවුර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. හවුති සහ ISIS ට එරෙහි මෙහෙයුම් ද මෙම කඳවුරේ සිට සිදු කරන ලදී.

අද වන විට අල් උඩෙයිඩ් කලාපයේ විශාලතම එක්සත් ජනපද ගුවන් කඳවුර ලෙස කටයුතු කරන අතර සාම කාලය තුළ පුද්ගලයින් 10,000 ක් දක්වා ස්ථානගත කළ හැකිය (මෙම සංඛ්‍යාව 2026 පෙබරවාරි මාසයේදී 5,000 දක්වා අඩු කරන ලදී). ඇමරිකානු ගුවන් යානා වලට අමතරව, මෙම කඳවුර කටාර් ගුවන් හමුදාවේ සහ කලාපයේ අනෙකුත් එක්සත් ජනපද සහචරයින්ගේ ගුවන් යානා සඳහාද සත්කාරකත්වය සපයයි. හෙක්ටයාර 24 කට වඩා ආවරණය වන පරිදි, එය දිනකට ගුවන් යානා 1,000 කට වඩා ප්‍රහාර සඳහා පහසුකම් සපයයි. කඳවුරට C-17 විශාල හමුදා ප්‍රවාහන ගුවන් යානා, B-52H සහ B-1B බෝම්බ හෙලන ගුවන් යානා මෙන්ම F-22 සහ F-35 ප්‍රහාරක ජෙට් යානා සඳහා පහසුකම් සැලසිය හැකිය. ආධාරක ගුවන් යානා, ඉන්ධන පිරවීමේ ගුවන් යානා සහ  RQ-4 ග්ලෝබල් හෝක් සහ MQ-9  ඔත්තු බැලීමේ-ප්‍රහාරක ඩ්‍රෝන යානා ද අල් උඩෙයිඩ් හි ස්ථානගත කර ඇත.

මෑතකදී, කඳවුර ඉරාන මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන් ප්‍රහාර කිහිපයකට ලක්ව ඇත. චන්ද්‍රිකා ඡායාරූප මගින් ගුවන් කඳවුරට උතුරින් ඇති පූර්ව අනතුරු ඇඟවීමේ AN/FPS-132 රේඩාර් මධ්‍යස්ථානයට හානි සිදුවී ඇති බව පෙන්නුම් කරයි. මෙය ඉරාන මිසයිල ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමේදී එක්සත් ජනපද හමුදා දැනුවත්භාවය අඩාල කරන අතර ගවේෂණ බලකායේ මෙහෙයුම් හැකියාවන් සැලකිය යුතු ලෙස අඩාල කරනු ලබයි.

කුවේට්: අරිෆ්ජන්  කඳවුර, බුහ්රිං  කඳවුර, අලි අල් සේලම්  කඳවුර

සමුහ හමුදා ඉරාක ආක්‍රමණයෙන් කුවේටය මුදවා ගත් විට, කාන්තාර කුණාටු මෙහෙයුමෙන් පසුව කුවේට්හි එක්සත් ජනපද කඳවුරු පිහිටුවන ලදී. එහි ප්‍රධාන ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන තුනක් ඇත.එනම්  අරිෆ්ජන් කඳවුර, බුහ්රිං කඳවුර සහ අලි අල් සේලම් ගුවන් කඳවුර කලාපයේ එක්සත් ජනපද හමුදා සඳහා ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථාන ලෙස සේවය කරන අතර CENTCOM මෙහෙයුම් සඳහාද සහාය වේ. මෙම පහසුකම් 2003 ඉරාක යුද්ධයට පෙර පිහිටුවන ලද අතර එම ගැටුමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ඉරානයට එරෙහි ප්‍රහාරය සඳහා සූදානම් වීමේදී කුවේටයේ එක්සත් ජනපද කඳවුරු නැවතත් තීරණාත්මක වී ඇත. කුවේටය F-16 ප්‍රහාරක ජෙට් යානා සහ AH-64 Apache හෙලිකොප්ටර් වලින් සමන්විත පෙරටුගාමී එක්සත් ජනපද හමුදාවන්ට සත්කාරකත්වය සපයයි. අලි අල් සේලම් ගුවන් කඳවුර මේ සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. යොදවා ඇති එක්සත් ජනපද ගුවන් හමුදා ඒකක සඳහා ඉන්ධන, පතොරම් සහ අමතර කොටස් සඳහා සැපයුම් මාර්ග හොඳින් ස්ථාපිත කර ඇත. පාබල හමුදා සහ පේට්‍රියට් මිසයිල ආරක්ෂක පද්ධති ද මෙම කඳවුරුවල යොදවා ඇත.

කුවේටයට ඉරානයේ පළිගැනීමේ ප්‍රහාර පෙබරවාරි 28 වන දින ආරම්භ වූ අතර, මිසයිල සහ ඩ්‍රෝන යානා රට ඉලක්ක කරගනිමින්  දියත් කෙරිනි. ප්‍රහාර සඳහා පැරණි ද්‍රව ඉන්ධන මිසයිල සහ වඩාත් දියුණු ඝන ඉන්ධන ෆතේ-110 මිසයිල යන දෙකම භාවිතා කරන ලදී. එක්සත් ජනපද හමුදා මර්මස්ථන වෙත ෂහෙඩ්-136 කමිකේස් ඩ්‍රෝන සහ විවිධ කෲස් මිසයිල ද ප්‍රහාර එල්ල විය. කුවේට්හිදී, වත්මන් ගැටුම අතරතුර එක්සත් ජනපදය එහි පළමු නිල වශයෙන් පිළිගත් සටන් වලින් සිදුවූ මරණවලට මුහුණ දුන්නේය. ගුවන් කඳවුරු, ගුවන් ආරක්ෂක පද්ධති, ගබඩා සහ අණදෙන මධ්‍යස්ථාන ඇතුළුව කුවේටයේ ඇති සියලුම ඇමරිකානු හමුදා පහසුකම් ඉරාන පළිගැනීමේ ප්‍රහාරවලින් හානි වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය: අල් ධෆ්‍රා ගුවන් කඳවුර සහ ජෙබෙල් අලි වරාය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, එක්සත් ජනපද හමුදාව අල් ධෆ්‍රා ගුවන් කඳවුර සහ ජෙබෙල් අලි වරාය පදනම් කරගනිමින් පිහිටුවා ඇත. මෙම ස්ථාන පර්සියානු ගල්ෆ් නිරීක්ෂණය සඳහා උපායමාර්ගික ස්ථාන ලෙස සේවය කරන අතර ඉරානයේ ප්‍රධානතම ඉලක්ක බවට පත්ව ඇත.

අල් ධෆ්‍රා ගුවන් කඳවුර අබුඩාබි සිට කිලෝමීටර් 32 ක් දකුණින් පිහිටා ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපද ගුවන් හමුදාවන් සඳහා ඒකාබද්ධ පහසුකමක් ලෙස සේවය කරයි. මුලින් 1980 ගණන්වල ප්‍රතිසංස්කරණය කරන ලද සිවිල් ගුවන් තොටුපළක් වූ මෙය අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ  සිට ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සඳහා එක්සත් ජනපදය විසින් භාවිතා කර ඇත. 2002 සිට, ඇමරිකානු ගුවන් ගවේෂණ අංශයක් එහි ක්‍රියාත්මක වී ඇති අතර, ඉන්ධන පිරවීම, ඔත්තු බැලීම සහ භූමි ඉලක්ක වෙත නිරවද්‍ය ප්‍රහාර එල්ල කිරීම සඳහා විශේෂඥතාවයක් දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරීන් විසින් කළමනාකරණය කරනු ලබන පේට්‍රියට් සහTHAAD  මිසයිල ආරක්ෂක පද්ධති කඳවුරේ යොදවා ඇත. එහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් දහස් ගණනක් සමඟ අවම වශයෙන් ඇමරිකානු භටයින් 5,000 ක් පමණ ස්ථානගතව සිටිති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන ප්‍රධාන එක්සත් ජනපද හමුදා පහසුකම ජෙබෙල් අලි වරාය වන අතර එය ලොව විශාලතම කෘතිම වරායන්ගෙන් එකක් වන අතර කලාපයේ එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. 1979 සිට, එක්සත් ජනපදයට මෙම වරායට ප්‍රවේශය ලැබී ඇති අතර, එය ගුවන් යානා වාහක සහ ප්‍රහාරක යාත්‍රා ඇතුළු සටනට අවශ්‍ය යාත්‍රා සැපයීම, සේවා සැපයීම සහ අලුත්වැඩියා කිරීම සඳහා සැපයුම් මධ්‍ය්ස්ථානයක් ලෙස සේවය කරයි. නැංගුරම් 140 ක් සහ වර්ග කිලෝමීටර් 35 ක් ආවරණය වන පරිදි, වරායට එකවර විශාල නැව් 20 ක් දක්වා නවාතැන් ගත හැකිය. එහි නාවිකයින්, ඉංජිනේරුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 1,000 ක් පමණ සේවයේ යෙදී සිටියි.

පෙබරවාරි 28 වන දින සිට ඉරානය මෙම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කඳවුරු වලට එරෙහිව බලගතු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කළේය. ගැටුමේ මුල් දිනවල ඉරානය අල් දෆ්රා වෙත ෆතේ -110 හා 313 වර්ගයේ  බැලස්ටික් මිසයිල 10ත් 15ත් අතර ප්‍රමානයක්ද එල්ල කළ අතර ෂාහෙඩ්-136 කමිකේස් ඩ්‍රෝන යානා 50 ක්ද  පමණ ප්‍රහාර සඳහා යෙදවීය. ගුවන් යානා රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයකට සහ ධාවන පථයට හානි සිදු වූ අතර ගුවන් යානා වලටද හානි සිදුවී තිබිය හැකිය. ඇමරිකානු හමුදා අතර තුවාල ලැබූවන් වාර්තා වී ඇත.කඳවුරේ මිසයිල ආරක්ෂක පද්ධති කඳවුර ආරක්ෂා කරන අතර පැමිණෙන සියලු තර්ජන වලට බාධා කළ නොහැක.

ඉරානය ප්‍රධාන වශයෙන් ඩ්‍රෝන සහ කෲස් මිසයිල මගින් ජෙබෙල් අලි වරාය ඉලක්ක කරනු ලැබූ ඇති අතර එමඟින් ඉන්ධන ගබඩා පහසුකම්, බඩු ගබඩා, තටාක සහ දොඹකර වලට හානි සිදු වී ඇත. කාර්ය මණ්ඩලය අතර තුවාල ලැබූවන් වාර්තා වී ඇත.කෙසේ වුවද ඩ්‍රෝන ප්‍රහාරවලට පෙර එක්සත් ජනපද නාවික හමුදා නැව් ඉවත් විය.

ඕමානය: RAFO Thumrait සහ RAFO Masirah, Duqm සහ Salalah වරායන්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ඇමරිකානු හමුදා කඳවුරු වල ස්ව්භාවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ කටාර්හි තත්වයෙන් වෙනස් වේ. මන්ද ඕමානයේ විශාල ස්ථිර අමෙරිකානු කඳවුරු ස්ථාපිත කර නැත. ඒ වෙනුවට, එය 1980 ගණන්වල ස්ථාපිත කරන ලද පහසුකම් ප්‍රවේශ ගිවිසුමක් මත රඳා පවතී. පස්වන බලඇණියට සහාය වීම සහ CEණ්ඨ්COM මෙහෙයුම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරමින්, භටයින් විතැන් කිරීම, සැපයුම් සහ පුහුණුව සඳහා එක්සත් ජනපදය  ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ (RAFO) කඳවුරු සහ වරායන් කිහිපයක් භාවිතා කරයි. 2026 දී, ඉරානයට එරෙහි මෙහෙයුම සඳහා සූදානම් වීමේ දී ඕමානයේ පහසුකම් වැඩි දියුණු කරන ලදී. ඕමානයේ මැදිහත්වීමේ භූමිකාව සැලකිල්ලට ගනිමින්, ඉරානය සහ එහි නියෝජිතයින් සුල්තාන් රාජ්‍යය තුළ ස්ථාන ඉලක්ක කිරීමෙන් වැළකී සිටීමට නැඹුරුව සිටියි.

1981 සිට ඩොෆාර් පළාතේ ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ ථුම්‍රඉට් ගුවන් කඳවුර එක්සත් ජනපද ගුවන් හමුදාව සඳහා ප්‍රාථමික ප්‍රවේශ ස්ථානයක් ලෙස සේවය කර ඇත. වර්ග කිලෝමීටර් 100 ක් පමණ ආවරණය වන පරිදි, එය නිතිපතා ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ ගුවන් යානා සත්කාරකත්වය සපයයි. පස්වන බලඇණි මෙහෙයුම් සඳහා සහාය වන ටැංකි ගුවන් යානා, සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සහ ඩ්‍රෝන යානා සඳහා එක්සත් ජනපදය මෙම කඳවුර භාවිතා කරයි. ඕමානයේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ මසිරා ගුවන් කඳවුර, නාවික ගුවන් සේවා සඳහා සහාය වීම සඳහා ද යොදා ගනී.

ඩක්ම් සහ සලාලා වරායන් කලාපයේ එක්සත් ජනපද නාවික හමුදාවන්ට සැපයුම් සැපයීම සඳහා සැපයුම් මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි. ඒවාට ගුවන් යානා වාහක සහ ප්‍රහාරක යාත්‍රා සඳහා පහසුකම් සැලසිය හැකි අතර, නැව් තටාක සහ විශාල ගබඩාද ඇත.

ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, ඕමාන රජය මධ්‍යස්ථභාවය පවත්වා ගෙන ගිය අතර එක්සත් ජනපදයෙන් ඈත් විය. මෙම ස්ථාවරය ඕමානයට එල්ල වූ ඉලක්කගත බැලස්ටික් මිසයිල ප්‍රහාර වැළැක්වීමට උපකාරී වූ නමුත්, මාර්තු 3 වන දින යේමනයේ සිට ඉරාන ප්‍රොක්සි හමුදා විසින් සිදු කරන ලද කමිකේස් ඩ්‍රෝන් ප්‍රහාරයකින් එය ආරක්ෂා කිරීමට අපොහොසත් විය.

සෞදි අරාබිය

මැදපෙරදිග ඇමරිකාවේ විශාලතම සගයා ලෙස, රාජධානියට සැලකිය යුතු හානියක් සිදු වුවහොත්, සෞදි අරාබිය ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලට සම්බන්ධ විය හැකිය. සෞදි අරාබියේ එක්සත් ජනපද හමුදා පැවැත්ම ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර වටා කේන්ද්‍රගත වී ඇත. එය සැපයුම් සහ මිසයිල ආරක්ෂක හැකියාවන් අනුව CENTCOM මෙහෙයුම් සඳහා සහාය වන අතර යේමන හවුතිවරුන්ගේ තර්ජන මැඩපැවැත්වීම සඳහා භාවිතා කරයි.

රියාද් සිට කිලෝමීටර් 100 ක් ගිනිකොන දෙසින් පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර 1982 දී රාජකීය සෞදි ගුවන් හමුදාව සඳහා ඉදිකරන ලද අතර 1991 දී ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ඇරම්කෝ තෙල් සංස්ථාවේ පහසුකම්වලට හූති ප්‍රහාර එල්ල කිරීමෙන් පසු 2019 දී කඳවුරේ එක්සත් ජනපද ක්‍රියාකාරකම් නැවත ආරම්භ විය. පේට්‍රියට් මිසයිල බැටරි හතරක් එහි යොදවා ඇත.

ඉරානය සෞදි අරාබියේ හමුදා කඳවුරු සහ ඇරම්කෝ සතු පහසුකම් දෙකම ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ෂහෙඩ්-136 කමිකාසේ ඩ්‍රෝන යානා දියත් කර ඇත. ප්‍රහාර මගින් පේට්‍රියට් මිසයිල බැටරි, ගුවන් කඳවුරු යටිතල පහසුකම් සහ ඇරම්කෝ නිෂ්පාදන ස්ථාන වලට හානි සිදුවී ඇත.

කලාපයේ තත්වය අවිනිශ්චිත ලෙස අස්ථාවර වන අතර, ගල්ෆ් රාජාණ්ඩුවලට පහර දීමෙන් ඉරානය මෙම ජාතීන්ට තම හමුදා මෙහෙයුම නතර කිරීමට එක්සත් ජනපදයට ඒත්තු ගැන්වීමට බල කරන බව පෙනේ. පෙනෙන විදිහට, එවැනි පීඩනයක් ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදය මත එල්ල වෙමින් පවතී. කෙසේ වෙතත්, ගුවන් ප්‍රහාර ඇතුළුව අසල්වැසි රටවලින් දැඩි පළිගැනීමේ ප්‍රතිචාරයක් ඇති කළ හැකි රේඛාවක් තරණය කිරීමෙන් ඉරානයට වළක්වා ගත හැකිද යන්න පැහැදිලි නැත. දැනට, එය එසේ කිරීමට සමත් වෙමින් සිටී.

America’s Gulf war machine: What we know about the US military network in the Middle East


පරිවර්තනය ජීවන්ත ජයතිස්ස



සම්බන්ධිත පුවත් | Related News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.
රෙන්අයි ජියාඕ (Ren’ai Jiao) ප්‍රදේශයේ මෑතකදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පිලිපීනයේ චෝදනා අනුගමනය කරමින් ප්‍රකාශ නිකුත් කළ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (DPP) බලධාරීන් චීනයේ ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු විසින් අද(21) දැඩි ලෙස විවේචනය කරනු ලැබීය.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති විශාල නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීමට අවස්ථාව සැලසෙන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි විසින් ආරක්ෂක අමාත්‍ය මිහායිල් ෆෙදොරොව් යුක්රේන රජයේ අමාත්‍ය මණ්ඩලය විශාල ලෙස ප්‍රතිසංවිධානය කිරීමේදී ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන්, තමන්ට තවත් බලවත් දේශපාලන ප්‍රතිවාදියෙකු බිහි කරගෙන ඇති බව යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු The Times පුවත්පතට ප්‍රකාශ කර ඇත.
යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක සයිබර් අපරාධය, දශක ගණනාවක් පුරා පද්ධතිය තුළ පැවති පාලන හා පරිපාලනමය දුර්වලතාවල ප්‍රතිඵලයක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඉරානය සමඟ පවතින යුද ගැටුම හේතුවෙන් මේ වන විට ඇමරිකාවට, ඩොලර් බිලියන 37.5ක එනම් පවුම් බිලියන 28ක පමණ වැය වී ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක වත්මන් මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.