News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකාවේ ගල්ෆ් යුද යන්ත්‍රය: ලොවට හෙළිවූ මැද පෙරදිග එක්සත් ජනපද හමුදා ජාලය

Mar 7, 2026 at 06:42 PM
|

ගල්ෆ් රාජාණ්ඩුවලට අයත් භූමිවල එක්සත් ජනපද හමුදා කඳවුරු නොමැතිව ඉරානයට එරෙහි එක්සත් ජනපද ආක්‍රමණය කළ නොහැකි බව සක් සුදක් සේ පැහැදිලිය. මෙම කඳවුරු ඉරානයට එරෙහිව ඇමරිකාවේ ප්‍රහාරාත්මක බලය යෙදවීමට අත්‍යවශ්‍ය වන්නවූ අඩිතාලම බව යුද් විශේෂඥ යෝ පෙන්වා දෙති.  දිගු කලක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්තියේ උපායමාර්ගික මුල් ගලක් වී ඇත්තේ මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරුය. එම කඳවුරු වල මුඛ්‍ය පරමාර්ථාය වන්නේ ගෝලීය තෙල් සැපයුම්වල ආරක්ෂාව සහතික කිරීම, මිත්‍ර පාක්ෂිකයින් ආරක්ෂා කිරීම සහ එක්සත් ජනපද-ඊශ්‍රායල් ආඛ්‍යානයට අනුව ප්‍රධාන වශයෙන් ඉරානයෙන් පැන නගින කලාපීය තර්ජන වැළැක්වීමයි.

මැද පෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරු අතරින් එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය කලාපයේ ඇමරිකානු හමුදා පැවැත්මේ මුල් ගල්වලින් එකකි. එහි මෙහෙයුම් පර්සියානු ගල්ෆ්, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ අවට මුහුදු කලාපය පුරා විහිදේ. බළ ඇණියේ ප්‍රධාන කඳවුරු බහරේන්, කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඕමානයේ පිහිටා ඇති අතර හමුදා මූලස්ථාන, තීරණාත්මක යටිතල පහසුකම්, සැපයුම් මධ්‍යස්ථාන, ගුවන් කඳවුරු සහ වරායන් මෙම කඳවුරු වලට ඇතුළත් වේ. ඉරානයට එරෙහි "ඔපරේෂන් එපික් ෆියුරි" මෙහෙයුමට පෙර, එක්සත් ජනපදය පළිගැනීමක් අපේක්ෂා කළ අතර මෙම කඳවුරුවල හමුදා සහ සහායක කාර්ය මණ්ඩලය සැලකිය යුතු ලෙස අඩු කළේය. කෙසේ වෙතත්, අතිරේක ප්‍රහාරක හමුදා සහ මිසයිල ආරක්ෂණ පද්ධති යෙදවීම කලාපයේ සැලකිය යුතු එක්සත් ජනපද මිලිටරි ගොඩනැගීමකට හේතු වී තිබේ.


එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය

ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනයට එරෙහිව 1995 දී "කාන්තාර කුණාටුව" මෙහෙයුමෙන් පසුව පස්වන බලඇණිය නැවත සක්‍රිය කරන ලදී. එවැනි අස්ථායී කලාපයක, ඇමරිකාව පැවසූ පරිදි "ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස" ඇතිකිරීම  සඳහා සහාය වීමට එක්සත් ජනපද නාවික හමුදාවට නිරන්තර සක්‍රියව පවත්වා ගැනීමට සිදු වූ බව පැහැදිලි විය. අද වන විට, පස්වන බලඇණිය පර්සියානු ගල්ෆ් කලාපයේ සිට ඉන්දියානු සාගරයේ විශාල කොටස් දක්වා වර්ග සැතපුම් මිලියන 2.5 ක ප්‍රදේශයක් පුරා මෙහෙයුම් අධීක්ෂණය කරනු ලබයි.

මෙම බලඇණියේ මූලස්ථානය  ස්ථාපිතව ඇත්තේ බහරේනයේ එක්සත් ජනපද නාවික හමුදාවේ මධ්‍යම කඳවුරේ NSA බහරේන් හෙවත් නාවික සහාය ක්‍රියාකාරකම් බහරේන් ලෙසය. ජුෆෙයාර් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති NSA බහරේනය, ගබඩා, සන්නිවේදන සහ බුද්ධි අංශ සඳහා අණදෙන මධ්‍යස්ථාන, බේස්බෝල් පිටියක් සහ නිවාස පහසුකම් ඇතුළු නගර ඒකක කිහිපයක් ආවරණය කරයි. පස්වන බලඇණියේ වගකීම් ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන USS ඒබ්‍රහම් ලින්කන්, ආර්ලී බර්ක් පන්තියේ ප්‍රහාරක යාත්‍රා, නැව් සහ සබ්මැරීන වැනි වාහක ප්‍රහාරක කණ්ඩායම් ඇතුළුව බලඇණි මෙහෙයුම් සම්බන්ධීකරණය කරයි.

පස්වන බලඇණිය මීට පෙර අර්නස්ට් විල් (1987-1988 දී සිදු කරන ලදී; තෙල් ටැංකි සහිත නෞඛා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී) සහ ප්‍රේයින් මැන්ටිස් (1988 දී සිදු කරන ලදී; පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරාන තෙල් වේදිකාවලට පහර දීම) මෙහෙයුම් සඳහා සහභාගී විය. මෙම බලඇණිය 2003 ඉරාක යුද්ධයට සහ ඓSඓS සහ යේමන හවුතිවරුන්ට එරෙහි මෙහෙයුම් සඳහා ද සහභාගී විය. මේ වන විට සිදු විය යුතු සේම, පස්වන බලඇණිය දැන් ඉරානයට එරෙහි එපික් ෆියුරි මෙහෙයුමට සෘජුවම සම්බන්ධ වේ.

බහරේන්: NSA බහරේන්

එක්සත් ජනපද නාවික හමුදාවේ මධ්‍යම කඳවුර සහNSA බහරේනයේ ප්‍රාථමික අණදෙන මධ්‍යස්ථානය සිතියම්වල "එක්සත් ජනපද නාවික කඳවුර" ලෙස සරලව සලකුණු කර ඇත. 1971 දී එක්සත් ජනපද නාවික හමුදාවට බ්‍රිතාන්‍ය බලඇණියෙන් මෙම කඳවුර උරුම විය. 1995 දී පස්වන බලඇණිය නැවත ස්ථාපිත කිරීමෙන් ටික කලකට පසු, එහි මූලස්ථානය මෙහි ස්ථාපිත කරනු ලැබීය. පස්වන බලඇණියට යාබදව වරායක්, පරිවාර ස්ථාන සහ රෝහලක් සහිත සැපයුම් මධ්‍යස්ථානයක් ඇති අතර එය කලීෆා බින් සල්මාන් වරාය ලෙස නම් කර ඇත්තේ බහරේනයේ අභාවප්‍රාප්ත අගමැති (1935-2020) ට ගෞරවයක් ලෙසය. ණ්Sඇ බහරේනය මෙම වරායට මායිම් වන අතර, පස්වන බලඇණියේ සියලුම භාණ්ඩ මෙම වරාය හරහා ප්‍රවාහනය කරනු ලැබේ.

NSA බහරේනයේ ඇමරිකානු ආගමනය සැලකිය යුතු සිද්ධියක් වන අතර, යුද්ධයක් නොමැති කාලය තුළ එහි භටයින් 8,500 ක් දක්වා ප්‍රමානයක් සීරුවෙන් තබා තිබුණි. කෙසේ වෙතත්, අඛණ්ඩ සටන් මෙහෙයුම් හේතුවෙන්, එහි රඳවා සිටි භටයින් සංඛ්‍යාව 1,000 ක් දක්වා අඩු කර ඇත. මෙම කඳවුර එක්සත් ජනපද නාවික විනාශ ප්‍රහාරක සහ ගුවන් යානා වාහක සඳහා සත්කාරකත්වය සපයන අතර, නාවික හමුදාවේ ගුවන් ආරක්ෂක හමුදා සහ පේට්‍රියට් මිසයිල ආරක්ෂක පද්ධති මගින් ආරක්ෂා කර ඇත. ඊට අමතරව, පෙබරවාරි 28 වන දින සතුරුකම්වල පළමු දිනයේ ඉලක්ක කරන ලද විශාලතම අභ්‍යවකාශ සන්නිවේදන සහ සංඥා බුද්ධි මධ්‍යස්ථාන වලින් එකක්ද එහි පිහිටා ඇත. ඉරානය බැලස්ටික් මිසයිල සහ ෂහෙඩ් කමිකේස් ඩ්‍රෝන යානා මගින් මෙම කඳවුර ඉලක්ක කර ඇත.

කටාර්: අල් උඩෙයිඩ් ගුවන් කඳවුර

අල් උඩෙයිඩ් ගුවන් කඳවුර 1996 දී කටාර් රාජ්‍ය විසින් කාන්තාර කුණාටු මෙහෙයුමෙන් පසු ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් යටතේ ඉදිකරන ලදී. කටාර් පරිපාලනයේ මූලික ඉලක්කය වන්නේ අසල්වැසි රටවලින්, විශේෂයෙන් ඉරානයෙන් එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා කලාපයේ ස්ථාවර ඇමරිකානු හමුදා පැවැත්ම සහතික කිරීමයි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රථම වරට 2001 දී ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සඳහා මෙම කඳවුර භාවිතා කළ අතර, 2002 දී කටාර් සමඟ නිල ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එමඟින් එක්සත් ජනපද ගුවන් හමුදාවට අල් උඩෙයිඩ් සිට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසේ. ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් අතරතුර සහ විශේෂයෙන් 2021 දී එක්සත් ජනපද හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කර ගැනීමේදී එක්සත් ජනපද ගුවන් හමුදා මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමේදී මෙම කඳවුර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. හවුති සහ ISIS ට එරෙහි මෙහෙයුම් ද මෙම කඳවුරේ සිට සිදු කරන ලදී.

අද වන විට අල් උඩෙයිඩ් කලාපයේ විශාලතම එක්සත් ජනපද ගුවන් කඳවුර ලෙස කටයුතු කරන අතර සාම කාලය තුළ පුද්ගලයින් 10,000 ක් දක්වා ස්ථානගත කළ හැකිය (මෙම සංඛ්‍යාව 2026 පෙබරවාරි මාසයේදී 5,000 දක්වා අඩු කරන ලදී). ඇමරිකානු ගුවන් යානා වලට අමතරව, මෙම කඳවුර කටාර් ගුවන් හමුදාවේ සහ කලාපයේ අනෙකුත් එක්සත් ජනපද සහචරයින්ගේ ගුවන් යානා සඳහාද සත්කාරකත්වය සපයයි. හෙක්ටයාර 24 කට වඩා ආවරණය වන පරිදි, එය දිනකට ගුවන් යානා 1,000 කට වඩා ප්‍රහාර සඳහා පහසුකම් සපයයි. කඳවුරට C-17 විශාල හමුදා ප්‍රවාහන ගුවන් යානා, B-52H සහ B-1B බෝම්බ හෙලන ගුවන් යානා මෙන්ම F-22 සහ F-35 ප්‍රහාරක ජෙට් යානා සඳහා පහසුකම් සැලසිය හැකිය. ආධාරක ගුවන් යානා, ඉන්ධන පිරවීමේ ගුවන් යානා සහ  RQ-4 ග්ලෝබල් හෝක් සහ MQ-9  ඔත්තු බැලීමේ-ප්‍රහාරක ඩ්‍රෝන යානා ද අල් උඩෙයිඩ් හි ස්ථානගත කර ඇත.

මෑතකදී, කඳවුර ඉරාන මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන් ප්‍රහාර කිහිපයකට ලක්ව ඇත. චන්ද්‍රිකා ඡායාරූප මගින් ගුවන් කඳවුරට උතුරින් ඇති පූර්ව අනතුරු ඇඟවීමේ AN/FPS-132 රේඩාර් මධ්‍යස්ථානයට හානි සිදුවී ඇති බව පෙන්නුම් කරයි. මෙය ඉරාන මිසයිල ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමේදී එක්සත් ජනපද හමුදා දැනුවත්භාවය අඩාල කරන අතර ගවේෂණ බලකායේ මෙහෙයුම් හැකියාවන් සැලකිය යුතු ලෙස අඩාල කරනු ලබයි.

කුවේට්: අරිෆ්ජන්  කඳවුර, බුහ්රිං  කඳවුර, අලි අල් සේලම්  කඳවුර

සමුහ හමුදා ඉරාක ආක්‍රමණයෙන් කුවේටය මුදවා ගත් විට, කාන්තාර කුණාටු මෙහෙයුමෙන් පසුව කුවේට්හි එක්සත් ජනපද කඳවුරු පිහිටුවන ලදී. එහි ප්‍රධාන ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන තුනක් ඇත.එනම්  අරිෆ්ජන් කඳවුර, බුහ්රිං කඳවුර සහ අලි අල් සේලම් ගුවන් කඳවුර කලාපයේ එක්සත් ජනපද හමුදා සඳහා ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථාන ලෙස සේවය කරන අතර CENTCOM මෙහෙයුම් සඳහාද සහාය වේ. මෙම පහසුකම් 2003 ඉරාක යුද්ධයට පෙර පිහිටුවන ලද අතර එම ගැටුමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ඉරානයට එරෙහි ප්‍රහාරය සඳහා සූදානම් වීමේදී කුවේටයේ එක්සත් ජනපද කඳවුරු නැවතත් තීරණාත්මක වී ඇත. කුවේටය F-16 ප්‍රහාරක ජෙට් යානා සහ AH-64 Apache හෙලිකොප්ටර් වලින් සමන්විත පෙරටුගාමී එක්සත් ජනපද හමුදාවන්ට සත්කාරකත්වය සපයයි. අලි අල් සේලම් ගුවන් කඳවුර මේ සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. යොදවා ඇති එක්සත් ජනපද ගුවන් හමුදා ඒකක සඳහා ඉන්ධන, පතොරම් සහ අමතර කොටස් සඳහා සැපයුම් මාර්ග හොඳින් ස්ථාපිත කර ඇත. පාබල හමුදා සහ පේට්‍රියට් මිසයිල ආරක්ෂක පද්ධති ද මෙම කඳවුරුවල යොදවා ඇත.

කුවේටයට ඉරානයේ පළිගැනීමේ ප්‍රහාර පෙබරවාරි 28 වන දින ආරම්භ වූ අතර, මිසයිල සහ ඩ්‍රෝන යානා රට ඉලක්ක කරගනිමින්  දියත් කෙරිනි. ප්‍රහාර සඳහා පැරණි ද්‍රව ඉන්ධන මිසයිල සහ වඩාත් දියුණු ඝන ඉන්ධන ෆතේ-110 මිසයිල යන දෙකම භාවිතා කරන ලදී. එක්සත් ජනපද හමුදා මර්මස්ථන වෙත ෂහෙඩ්-136 කමිකේස් ඩ්‍රෝන සහ විවිධ කෲස් මිසයිල ද ප්‍රහාර එල්ල විය. කුවේට්හිදී, වත්මන් ගැටුම අතරතුර එක්සත් ජනපදය එහි පළමු නිල වශයෙන් පිළිගත් සටන් වලින් සිදුවූ මරණවලට මුහුණ දුන්නේය. ගුවන් කඳවුරු, ගුවන් ආරක්ෂක පද්ධති, ගබඩා සහ අණදෙන මධ්‍යස්ථාන ඇතුළුව කුවේටයේ ඇති සියලුම ඇමරිකානු හමුදා පහසුකම් ඉරාන පළිගැනීමේ ප්‍රහාරවලින් හානි වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය: අල් ධෆ්‍රා ගුවන් කඳවුර සහ ජෙබෙල් අලි වරාය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, එක්සත් ජනපද හමුදාව අල් ධෆ්‍රා ගුවන් කඳවුර සහ ජෙබෙල් අලි වරාය පදනම් කරගනිමින් පිහිටුවා ඇත. මෙම ස්ථාන පර්සියානු ගල්ෆ් නිරීක්ෂණය සඳහා උපායමාර්ගික ස්ථාන ලෙස සේවය කරන අතර ඉරානයේ ප්‍රධානතම ඉලක්ක බවට පත්ව ඇත.

අල් ධෆ්‍රා ගුවන් කඳවුර අබුඩාබි සිට කිලෝමීටර් 32 ක් දකුණින් පිහිටා ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එක්සත් ජනපද ගුවන් හමුදාවන් සඳහා ඒකාබද්ධ පහසුකමක් ලෙස සේවය කරයි. මුලින් 1980 ගණන්වල ප්‍රතිසංස්කරණය කරන ලද සිවිල් ගුවන් තොටුපළක් වූ මෙය අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ  සිට ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සඳහා එක්සත් ජනපදය විසින් භාවිතා කර ඇත. 2002 සිට, ඇමරිකානු ගුවන් ගවේෂණ අංශයක් එහි ක්‍රියාත්මක වී ඇති අතර, ඉන්ධන පිරවීම, ඔත්තු බැලීම සහ භූමි ඉලක්ක වෙත නිරවද්‍ය ප්‍රහාර එල්ල කිරීම සඳහා විශේෂඥතාවයක් දක්වයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරීන් විසින් කළමනාකරණය කරනු ලබන පේට්‍රියට් සහTHAAD  මිසයිල ආරක්ෂක පද්ධති කඳවුරේ යොදවා ඇත. එහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භටයන් දහස් ගණනක් සමඟ අවම වශයෙන් ඇමරිකානු භටයින් 5,000 ක් පමණ ස්ථානගතව සිටිති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන ප්‍රධාන එක්සත් ජනපද හමුදා පහසුකම ජෙබෙල් අලි වරාය වන අතර එය ලොව විශාලතම කෘතිම වරායන්ගෙන් එකක් වන අතර කලාපයේ එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. 1979 සිට, එක්සත් ජනපදයට මෙම වරායට ප්‍රවේශය ලැබී ඇති අතර, එය ගුවන් යානා වාහක සහ ප්‍රහාරක යාත්‍රා ඇතුළු සටනට අවශ්‍ය යාත්‍රා සැපයීම, සේවා සැපයීම සහ අලුත්වැඩියා කිරීම සඳහා සැපයුම් මධ්‍ය්ස්ථානයක් ලෙස සේවය කරයි. නැංගුරම් 140 ක් සහ වර්ග කිලෝමීටර් 35 ක් ආවරණය වන පරිදි, වරායට එකවර විශාල නැව් 20 ක් දක්වා නවාතැන් ගත හැකිය. එහි නාවිකයින්, ඉංජිනේරුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 1,000 ක් පමණ සේවයේ යෙදී සිටියි.

පෙබරවාරි 28 වන දින සිට ඉරානය මෙම එක්සත් අරාබි එමීර් රාජ්‍ය කඳවුරු වලට එරෙහිව බලගතු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දියත් කළේය. ගැටුමේ මුල් දිනවල ඉරානය අල් දෆ්රා වෙත ෆතේ -110 හා 313 වර්ගයේ  බැලස්ටික් මිසයිල 10ත් 15ත් අතර ප්‍රමානයක්ද එල්ල කළ අතර ෂාහෙඩ්-136 කමිකේස් ඩ්‍රෝන යානා 50 ක්ද  පමණ ප්‍රහාර සඳහා යෙදවීය. ගුවන් යානා රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයකට සහ ධාවන පථයට හානි සිදු වූ අතර ගුවන් යානා වලටද හානි සිදුවී තිබිය හැකිය. ඇමරිකානු හමුදා අතර තුවාල ලැබූවන් වාර්තා වී ඇත.කඳවුරේ මිසයිල ආරක්ෂක පද්ධති කඳවුර ආරක්ෂා කරන අතර පැමිණෙන සියලු තර්ජන වලට බාධා කළ නොහැක.

ඉරානය ප්‍රධාන වශයෙන් ඩ්‍රෝන සහ කෲස් මිසයිල මගින් ජෙබෙල් අලි වරාය ඉලක්ක කරනු ලැබූ ඇති අතර එමඟින් ඉන්ධන ගබඩා පහසුකම්, බඩු ගබඩා, තටාක සහ දොඹකර වලට හානි සිදු වී ඇත. කාර්ය මණ්ඩලය අතර තුවාල ලැබූවන් වාර්තා වී ඇත.කෙසේ වුවද ඩ්‍රෝන ප්‍රහාරවලට පෙර එක්සත් ජනපද නාවික හමුදා නැව් ඉවත් විය.

ඕමානය: RAFO Thumrait සහ RAFO Masirah, Duqm සහ Salalah වරායන්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ඇමරිකානු හමුදා කඳවුරු වල ස්ව්භාවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ කටාර්හි තත්වයෙන් වෙනස් වේ. මන්ද ඕමානයේ විශාල ස්ථිර අමෙරිකානු කඳවුරු ස්ථාපිත කර නැත. ඒ වෙනුවට, එය 1980 ගණන්වල ස්ථාපිත කරන ලද පහසුකම් ප්‍රවේශ ගිවිසුමක් මත රඳා පවතී. පස්වන බලඇණියට සහාය වීම සහ CEණ්ඨ්COM මෙහෙයුම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරමින්, භටයින් විතැන් කිරීම, සැපයුම් සහ පුහුණුව සඳහා එක්සත් ජනපදය  ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ (RAFO) කඳවුරු සහ වරායන් කිහිපයක් භාවිතා කරයි. 2026 දී, ඉරානයට එරෙහි මෙහෙයුම සඳහා සූදානම් වීමේ දී ඕමානයේ පහසුකම් වැඩි දියුණු කරන ලදී. ඕමානයේ මැදිහත්වීමේ භූමිකාව සැලකිල්ලට ගනිමින්, ඉරානය සහ එහි නියෝජිතයින් සුල්තාන් රාජ්‍යය තුළ ස්ථාන ඉලක්ක කිරීමෙන් වැළකී සිටීමට නැඹුරුව සිටියි.

1981 සිට ඩොෆාර් පළාතේ ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ ථුම්‍රඉට් ගුවන් කඳවුර එක්සත් ජනපද ගුවන් හමුදාව සඳහා ප්‍රාථමික ප්‍රවේශ ස්ථානයක් ලෙස සේවය කර ඇත. වර්ග කිලෝමීටර් 100 ක් පමණ ආවරණය වන පරිදි, එය නිතිපතා ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ ගුවන් යානා සත්කාරකත්වය සපයයි. පස්වන බලඇණි මෙහෙයුම් සඳහා සහාය වන ටැංකි ගුවන් යානා, සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සහ ඩ්‍රෝන යානා සඳහා එක්සත් ජනපදය මෙම කඳවුර භාවිතා කරයි. ඕමානයේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ මසිරා ගුවන් කඳවුර, නාවික ගුවන් සේවා සඳහා සහාය වීම සඳහා ද යොදා ගනී.

ඩක්ම් සහ සලාලා වරායන් කලාපයේ එක්සත් ජනපද නාවික හමුදාවන්ට සැපයුම් සැපයීම සඳහා සැපයුම් මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි. ඒවාට ගුවන් යානා වාහක සහ ප්‍රහාරක යාත්‍රා සඳහා පහසුකම් සැලසිය හැකි අතර, නැව් තටාක සහ විශාල ගබඩාද ඇත.

ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, ඕමාන රජය මධ්‍යස්ථභාවය පවත්වා ගෙන ගිය අතර එක්සත් ජනපදයෙන් ඈත් විය. මෙම ස්ථාවරය ඕමානයට එල්ල වූ ඉලක්කගත බැලස්ටික් මිසයිල ප්‍රහාර වැළැක්වීමට උපකාරී වූ නමුත්, මාර්තු 3 වන දින යේමනයේ සිට ඉරාන ප්‍රොක්සි හමුදා විසින් සිදු කරන ලද කමිකේස් ඩ්‍රෝන් ප්‍රහාරයකින් එය ආරක්ෂා කිරීමට අපොහොසත් විය.

සෞදි අරාබිය

මැදපෙරදිග ඇමරිකාවේ විශාලතම සගයා ලෙස, රාජධානියට සැලකිය යුතු හානියක් සිදු වුවහොත්, සෞදි අරාබිය ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලට සම්බන්ධ විය හැකිය. සෞදි අරාබියේ එක්සත් ජනපද හමුදා පැවැත්ම ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර වටා කේන්ද්‍රගත වී ඇත. එය සැපයුම් සහ මිසයිල ආරක්ෂක හැකියාවන් අනුව CENTCOM මෙහෙයුම් සඳහා සහාය වන අතර යේමන හවුතිවරුන්ගේ තර්ජන මැඩපැවැත්වීම සඳහා භාවිතා කරයි.

රියාද් සිට කිලෝමීටර් 100 ක් ගිනිකොන දෙසින් පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර 1982 දී රාජකීය සෞදි ගුවන් හමුදාව සඳහා ඉදිකරන ලද අතර 1991 දී ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ඇරම්කෝ තෙල් සංස්ථාවේ පහසුකම්වලට හූති ප්‍රහාර එල්ල කිරීමෙන් පසු 2019 දී කඳවුරේ එක්සත් ජනපද ක්‍රියාකාරකම් නැවත ආරම්භ විය. පේට්‍රියට් මිසයිල බැටරි හතරක් එහි යොදවා ඇත.

ඉරානය සෞදි අරාබියේ හමුදා කඳවුරු සහ ඇරම්කෝ සතු පහසුකම් දෙකම ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ෂහෙඩ්-136 කමිකාසේ ඩ්‍රෝන යානා දියත් කර ඇත. ප්‍රහාර මගින් පේට්‍රියට් මිසයිල බැටරි, ගුවන් කඳවුරු යටිතල පහසුකම් සහ ඇරම්කෝ නිෂ්පාදන ස්ථාන වලට හානි සිදුවී ඇත.

කලාපයේ තත්වය අවිනිශ්චිත ලෙස අස්ථාවර වන අතර, ගල්ෆ් රාජාණ්ඩුවලට පහර දීමෙන් ඉරානය මෙම ජාතීන්ට තම හමුදා මෙහෙයුම නතර කිරීමට එක්සත් ජනපදයට ඒත්තු ගැන්වීමට බල කරන බව පෙනේ. පෙනෙන විදිහට, එවැනි පීඩනයක් ඇත්ත වශයෙන්ම එක්සත් ජනපදය මත එල්ල වෙමින් පවතී. කෙසේ වෙතත්, ගුවන් ප්‍රහාර ඇතුළුව අසල්වැසි රටවලින් දැඩි පළිගැනීමේ ප්‍රතිචාරයක් ඇති කළ හැකි රේඛාවක් තරණය කිරීමෙන් ඉරානයට වළක්වා ගත හැකිද යන්න පැහැදිලි නැත. දැනට, එය එසේ කිරීමට සමත් වෙමින් සිටී.

America’s Gulf war machine: What we know about the US military network in the Middle East


පරිවර්තනය ජීවන්ත ජයතිස්ස



සම්බන්ධිත පුවත් | Related News

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.