News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

බලය බෙදීම හරහා අනාගත ශ්‍රී ලංකාව තුළ මතුවිය හැකි අර්බුද ගැන පැහැදිලි කරමින් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා සභාවේ පරිපාලන ලේකම් ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි "ගාලු දිස්ත්‍රික් සම්ප්‍රාප්තිය" 2024 ජුනි මස 29 වැනි සෙනසුරාදා, එනම් අද සවස ගාල්ල නගර සභා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොවන බවට සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතට තම පක්ෂය සහාය ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇති කර ගනු ලැබූ ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳව ජූලි 02 සහ 03 යන දිනවලදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය විපක්ෂය වර්ජනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

තමන්ගේ ආදරණීය පුතා තමන් ලඟට පැමිණ තමන්ට සැත්කමක් කරගෙන කෙල්ලෙක් වීමට අවශ්‍ය බව හා ගැහැනු දරුවා තමන්ට පිරිමියෙකු බවට පත්වීමට අවශ්‍ය බව දෙමාපියන්ට පැවසුව හොත් ඊට එකඟ වන්නේ දැයි කාන්තාවන් සවිබලගැන්වීමේ පනතට එරෙහිව සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී හෙළ අභිමන් ජාතික ව්‍යාපාරයේ නායක, ආචාර්ය සුපුන් ජයසිංහ මහතා සිදු කල දේශනයේ දී විමසා සිටියේ ය.

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි කියූ විසිපස්දෙනා ජූලි මස 15 වැනිදාට ප්‍රථම එසේ ආණ්ඩුවට එක්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත සිහිකැඳවීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ, අගමැති හා ජනාධිපතිවරයාගේ මෙන්ම සියලු දෙනාගේ වගකීමක් වන බවත්, බහුතරයේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වුවද මෙරට එම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ ගැටලුවක් ඇති වී තිබෙන බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසති.

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.


දේශීය පුවත්

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට ඉන්දියාවෙන් තවත් මිලියන 300ක්

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට සහාය වීම සඳහා තවත් වසරක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ඉන්දියාව තීරණය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.