News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ගොවිජන පවුරෙන් ඇමති වසන්තට යෝජනාවලියක්..

Mar 7, 2026 at 05:21 AM
|

මේ වන විට ආණ්ඩුවේ විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීමේ යෝජනාව වෙනුවෙන්, ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීමේන් පසු ගොවියාටත් පාරිබෝගිකයාටත් සාධානරය ඉටු කිරිම වෙනුවෙන් වන ගොවිජන පවුර සකස් කර ඇති යෝජනාවලිය වසන්ත සමරසිංහ ඇමතිවරයාට භාරදීම ඊයේ දින  සිදුවිය. 

වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ඇමතිවරයාට භාරදුන් යෝජනා පහත පරිධි වේ. 

ගරු ඇමතිතුමනි

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සමාගමක් සංස්ථාගත කිරීම සඳහා නැසනල් ඇග්‍රි මාර්කට් පුද්ගලික සමාගම නමින් සීමා සහිත පුද්ගලික සමාගමක් පිහිටුවීම පිළිබඳව

පළමුවෙන්ම, රට පුරා පවතින විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ලෙස හඳුන්වනු ලබන ආර්ථික මධ්‍යස්ථාන 14ක් පාලනය කිරීම සඳහා 2005 සිට ක්‍රියාත්මක වූ කළමනාකරණ භාරයන් ආශ්‍රිත ගැටළු අඳුනා ගැනීම සහ ඒවා නිවැරදි කිරීම සඳහා නව මධ්‍යගත යාන්ත්‍රණයක් අවශ්‍ය බව පිළිගැනීම පිළිබඳව අපගේ ගෞරවය සහ ස්තුතියි ඔබතුමාට පිරිනමමු. එසේම 2024 නොවැම්බර් මාසයේදී නිකුත් කළ 2412/08 ගැසට් පත්‍රය මගින් එම ආර්ථික මධ්‍යස්ථාන ඔබතුමාගේ අමාත්‍යාංශය යටතට පත් කිරීමෙන් පසුව ඉතා කෙටි කාලයකදී, එනම් 2025 මැයි 07 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ඔබතුමන්ගේ නව විසඳුම ඉදිරිපත් කිරීමද අගය කරමු. කෙසේ වෙතත් ඊට පෙර අදාළ යෝජනාවේ ගුණ අගුණ පිළිබඳව, ගොවි සංවිධාන වෙළඳ සංවිධාන සහ ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම පොදු මහජනතාවගේ අදහස් විමසීමක් සිදුකළා නම් එය ඉතා වැදගත් වන බව මේ වන විට ඔබතුමාගේ යෝජනාවට එරෙහි එල්ල වන විරෝධතා වලින් පැහැදිලි වේ. 

ඔබතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාවේ මූලික අරමුණ එනම් සියලුම ආර්ථික මධ්‍යස්ථාන මධ්‍යගතව කළමනාකරණය කළ යුතු බව පිළිගැනීම අප ඉතා ඉහළින් අගය කළද ඔබතුමා විසින් ඉදිරිපත් කරන යාන්ත්‍රණය මගින් ජාතික අවශ්‍යතාවයක් ඉටු කිරීම වෙනුවට සමස්ත යාන්ත්‍රණයම මහා කෘෂි යෙදවුම් සමාගම් කිහිපයක ආධිපත්‍යයට යටත් වීමේ අනතුරක් මතුවේ. ඔබතුමා විසින් යෝජනා කරන සමාගම් රෙජිස්ටර් සමාගම යටතේ නීතිගත කරනු ලබන, සීමාසහිත සමාගමේ කොටස් අයිතිය මුල් අවස්ථාවේදී භාණ්ඩාගාර ලේකම්වරයා යටතට පත් කළද පසුව සමස්ත දේපළවල වටිනාකම අනුව නිර්ණය වන කොටස්වල වටිනාකම අනුව ඒවා පුද්ගලික සමාගම් විසින් මිලදී ගැනීමට අවස්ථාව නිර්මාණය වේ. ඒ අනුව මේ වන විට කෘෂි යෙදවුම්වලට අදාළව වෙළඳපොළ තුළ ආධිපත්‍යය පතුරුවන මහා සමාගම් නිෂ්පාදන වෙළඳපොළ තුළ ආධිපත්‍ය පැතිරීම සඳහා ඉහළ මිලට එම කොටස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වන බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. 

ඊට අමතරව මුල්වටයේදී එනම් කොටස් අයිතිය භාණ්ඩාගාරය සතුව පවතින තෙක් ඔබතුමාට අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීම මගින් ජනතා පරමාධිපත්‍යයට අනුව ආයතනය මෙහෙයවීමේ බලයක් ලැබුණද මහා සමාගම් විසින් කොටස් මිලදී ගැනීමෙන් පසුව ඔබතුමාට මහජනයා විසින් පවරා ඇති පරමාධිපත්‍යයේ බලය එම සමාගම්වල ප්‍රාග්ධනය හිමියන් විසින් අත්පත් කර ගන්නා බව ඔබතුමා පිළිගන්නවා ඇත. එසේම ආර්ථික මධ්‍යස්ථාන පාලනය කිරීමේ ක්‍රියාවලිය මගින්  ගොවියාගේ ජීවිතවලට, රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ ආර්ථිකය තුළ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වයට අදාලව විශාල බලපෑමක් ඇති වන අතර පාරිභෝගිකයාට දීර්ඝ කාලීනව සැබෑ ලෙසම සාධාරණය ඉටු කිරීමේ අවශ්‍යතාවයට මෙන්ම වෙළඳාට සහ විවිධ අතරමැදියන් විසින් වෙළඳපොළ තුළ ඇතිකරන ඇති කරන මිල විකෘතිය වැළැක්වීමේ අවශ්‍යතාවයට ද විශාල බලපෑමක් සිදුවෙන බව ඔබතුමාටද තේරුම් ගත හැක. 

එම නිසා ඔබතුමාගේ මූලික යහපත් අරමුණ සහ ප්‍රබල දිර්ගකාලින ජාතික අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා පහත සඳහන් යෝජනා ඔබතුමා වෙත ඉතා ගෞරවයෙන් ඉදිරිපත් කරමු. 

01 නව නීතියක් මගින් කෘෂි නිෂ්පාදන අලෙවි කළමනාකරන අධිකාරියක් පිහිටුවීම (එම නීතිය මගින් ඔබතුමාට මහජනයා ලබාදෙන පරමාධිපත්‍යයේ බලය අනුව අදාළ යාන්ත්‍රණය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියට මග පෙන්වීමේ අවස්ථාව ලැබේ) සහ එම නීතිය මගින් පහත සඳහන් වගකීම් ඉටු කිරීම

02 දැනට පවතින වෙළදුන් සහ අතරමැදියන් විසින් පාලනය කරන මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ක්‍රමය වෙනුවට ගොවී සංවිධාන සහ ගොවි සමූපකාර පිහිටුවීම සහ ඒවා යොදා ගැනීම මගින් සියලුම ආර්ථික මධ්‍යස්ථාන කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමේ (තොග සහ සිල්ලර) මධ්‍යස්ථාන බවට පරිවර්තනය කළ යුතුය. ඒ අනුව කඩ කාමර සියල්ල නිෂ්පාදකයා වෙත පැවරිය යුතු අතර ඒවා වෙළෙන්දන්ට හෝ අතරමැදියන්ට නැවත බදු දීම තහනම් කළ යුතුය.

03 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ හෙට්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතන වැනි ආයතන නියෝජනය වන ලෙස විද්වත් උපදේශක මණ්ඩලයක් පත් කිරීම

04 එම උපදේශක මණ්ඩලයේ පර්යේෂණ දත්ත සහ ගොවියාගේ අදහස් ලබා ගැනීම මගින් තෝරාගත් කෘෂි නිෂ්පාදන ප්‍රමාණයක් සඳහා අවම සහායක මිල (MSP) එනම් නිෂ්පාදන පිරිවැය අනුව ගොවියාට ලැබිය යුතු අවම මිල නියම කළ යුතුය. (ඉන්දියාවේ භෝග 22ක් සඳහා (MSP) පනවා ඇත)

05 ආර්ථික මධ්‍යස්ථාන වලින් ලාභ ඉපයීමේ අරමුණ වෙනුවට ඒවා ස්වාධීනව නඩත්තු කිරීම සඳහා අවශ්‍ය පිරිවැයට සාපේක්ෂව කඩ කාමර සහ තොග ගබඩා හෝ සීතාගාර ආදිය සඳහා සාධාරණ අවම මිල නියම කිරීම.

06 එම අධිකාරිය මගින් ගොවි සංවිධාන සහ සමූපකාර, එනම් ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු මෙහෙයවන නිෂ්පාදකයින් නියෝජනය වන සංවිධාන ලියාපදිංචි කිරීම, පුහුණුව සහ උපදෙස් ලබාදීම.

07 අධිකාරියේ ලාභයාංශයේ කොටසක් යොදවා ගොවීන්ගේ සුබ සාධනය පුහුණුව ආදිය සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීම.

08 පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීම සහ මිල පහත වැටීම වැළැක්වීම සඳහා සීතාගාර පහසුකම් සැපයීම සහ වටිනාකම් එකතු කිරීම් කර්මාන්ත දිරිගැන්වීම සඳහා ආයතනයේ අරමුදල් යෙදවීම. එම ක්‍රියාවලිය තුළ ගොවී සංවිධාන සහ ගොවි සමූපකාර සඳහා ප්‍රමුඛතාවය ලබාදීම.

09 බෙදා හැරීමේ ගැටළු අවම කිරීම සඳහා පුද්ගලික තොග වෙළදුන්ට සහ සමුපාකාර සමිතිවලට අවශ්‍යය පහසුකම් සහ වෙනත් අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ණය පහසුකම් ලබාදීම සදහා මැදිහත්වීම සහ බෙදා හැරීමේ වෙළඳුන් සහ සමූපකාර ලියාපදිංචි කිරීම මගින් නිසි මඟ පෙන්වීම ලබාදීම.

10 අදාල නීතිය මගින් ගොවි ජනතාවගේ සහ පාරිභෝගිකයාගේ පැමිණිලි විභාග කර විසඳුම් නිර්දේශ කිරීම සඳහා ත්‍රී පුද්ගල කොමිසමක් පත් කිරීම සහ ආනයන බදු වංචා හෝ මිල විකෘතියක් ඇතිවන ලෙස බදු සහන ලබාදීම තුළ දේශීය නිෂ්පාදනවල මිල ගණන් පහත වැටීම වැළැක්වීම හෙවත් මිල විකෘතිය වැළැක්වීම සඳහා රජයට නිර්දේශ ලබාදීමේ බලය එම නීතිය මගින් කොමිසමට ලබාදීම. එසේම කොමිසම මගින් සිදු කරන සියලු පරීක්ෂණ සහ ඊට අදාළ තොරතුරු මෙන්ම නිර්දේශ විධිමත්ව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පැනවීම.

ස්තුතියි

නලින් ද සේනාරත්න

කැදවුම්කරු

ගොවි ජනපරපුර

සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.
ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.