News Category
From Date
To Date
Maximum Number of Result

ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවට ‘සර්වජන බලය’ විසින් ඉදිරිපත් කරන බව ‘සර්වජන බලය’ විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු නිසි කාලය සම්බන්ධයෙන් අද (11දා) විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත.

සේවය හැරයෑමේ නිවේදනය අනුව සිය සේවය නොමැතිව දුම්රිය සේවය පවත්වාගෙන යා හැකි නම් එය සිදුකර පෙන්වන මෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ඔහු විසින් අවස්ථා ගණනාවක දී නඟන ලද චෝදනා හා හැසිරීම් මෙරට තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙස පෙනී යන බවත් සඳහන් කරමින් සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

කෝබෝල්ට් නිධිය පවතින සාගර කලාපය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහද්වීපික කොමිසම (UNCLCS) වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ අවසන් නිර්දේශ ලැබෙන තුරු ‘ඇෆනසි නිකිටින්’ මුහුදු කන්දේ ගවේෂණ කිරීම් අත්හිටුවන ලෙස අන්තර්ජාතික සාගර පතුල් අධිකාරියෙන් (ISBA) ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සමාජය බිඳවට්ටවා රාජ්‍ය අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මෙරට තුළ සිදුවූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීන දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

"ජනාධිපතිවරණය කල් දමන්න" නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනු කර තිබේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අභිප්‍රාය වුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම බව ඇතුළු කරුණු දක්වමින් ජානිපෙ නායකවරයා විසින් මෙම අතුරු පෙත්සම ගොනුකර ඇත.


දේශීය පුවත්

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට ඉන්දියාවෙන් තවත් මිලියන 300ක්

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට සහාය වීම සඳහා තවත් වසරක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ඉන්දියාව තීරණය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.