News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරයා උතුරට ගිය විට උතුරේ ජනයාගේ සහ ඩයස්පෝරාවේ ආකර්ශනය දිනාගන්න උත්සාහ දරන බවත්, ඒ නිසා මෙරට සිටින අනෙක් ජන කොටස්වල අයිතිවාසිකම් ඔහුට අමතක වන බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ජයවර්ධනපුර රෝහලේ දී නන්දන ගුණතිලක මහතා මට මුල් වතාවට හමුවන්නේ ජනවාරි 8 ඒ මහුගේ වකුගඩු තත්ත්වය පිළිබඳ බලා ගැනීමට මට පැවරෙන නිසාවෙන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජනාධිපතිවරයා යාපනයේ සිදුකරන ප්‍රකාශ හරහා උතුරේ ජනතාවගේ සහ ඩයස්පෝරාවේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බවත්, එමඟින් අනෙකුත් ජන කොටස්වලට ඇති අයිතිවාසිකම් පිළිබඳව ඔහුට අමතක වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සිංහල බෞද්ධයන් අනුරාධපුරය පසුකරගෙන නාගදීපය වඳින්නට යාම සිංහල ජාතිවාදී් ක්‍රියාවක් බවට සහ සිංහල ජාතිවාදයට ඉඩ නොදෙන බවට ගම්‍ය වන ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීම පිළිබඳව ලංකාවේ ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මූලික හැඳින්වීමම වැරදී ඇති බවත් අගමැති හරිනි අමරසූරිය, අධ්‍යාපන ඇමැතිනිය ලෙස මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා ඇත්තේ ප්‍රතිසංස්කරණයක් ලෙස නොව පරිවර්තනයක් ලෙසින් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ, ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් පිරිසක් දැනට බන්ධනාගාරගතව උපවාසයේ යෙදෙන පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන්ව බැහැදැක උන් වහන්සේ සමඟ සාකච්ජා කිරීම අද (16) උදෑසන ත්‍රිකුණාමලය බන්ධනාගාරයේදී සිදු කෙරිණි.


දේශීය පුවත්

ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.

සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..

ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.

තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..

තුන්වන පාර්ශ්වයකට තොරතුරු ලබා නොදෙන ලෙස දන්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට යවන ලද ලිපියක් සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික දුමින්ද නාගමුව විසින් අනාවරණයක් සිදු කරයි.

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..

අධිකරණය මගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සිවුරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටි කෝසල සේනාධීර මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්

තුන්හුලස් වැනි එකක් සහ ටින් එකක් වැනි ආණ්ඩුවට කඩේයන නාලිකා දෙකක් ඇති බවත්, මේ දිනවල එම නාලිකාවල ඇත්තේ ජාතික පුවත් නොව ජාත්‍යන්තර පුවත් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ වහතා පවසයි.

මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

රට කරවන අයට සහ රට අල්ලා ගැනීමට බලා සිටිමින් යටි උගුල් අටවන අයටත් දීමට ඇති පනිවුඩය නම් ඥානසාර හිමිගේ සිවුර ගලවා වීරයා මැරුවා යැයි පැවසීමට හැකි වුවත්, මේ රටේ වීරයන් හදන්නේ මහා සංඝරත්නය මිස අන් කිසිවෙකු නොවන බව මතක තබාගත යුතු බවත් මහා සංඝතරත්නය පවසති.

පොලිස් ප්‍රධානීන් පත්කිරීම් සම්බන්ධයෙන් ඇමති ආනන්දට චාමරගෙන් දැඩි ප්‍රහාරයක්..

පොලිස් නිලධාරීන් සහ උසස් පොලිස් ප්‍රධානීන් පත්කිරීමේදී තෑගි බෝග හා වෙනත් වාසි තකා කටයුතු කර ඇති බවට චෝදනා කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.