News Category
From Date
To Date
Maximum Number of Result

දරුණු කුණාටුව මැඩපත්වන ස්ථාවරත්වයේ නැංගුරම— නව යුගයේ චීන සංවර්ධනයේ ගෝලීය වැදගත්කම-ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතාගේ අදහස්

Mar 14, 2026 at 11:28 AM
|

“මනුෂ්‍යත්වය සපිරුණු  අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනගන කොටස්කරුවෝ” යන නමින්  2026 මාර්තු 13 වන දින  ශ්‍රී  ලංකාවේ ගරු චීන තානාපති Qi Zhenhong මහතා විසින් ශ්‍රී ලංකාවේ බුද්ධි මණ්ඩල සාමාජිකයන් සහ මාධ්‍යවේදින් අරමුණු කර ගනිමින් දේශනයක් පවත්වනු ලැබීය. 

2026 චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සනිටුහන් කරමින් චීනයේදී පැවැත්වූ “ද්විත්ව සැසි” පිළිබඳව ඉහත කී ප්‍රජාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පවත්වනු ලැබිනි. එහිදී චීන තානාපතිවරයා "මෙම වසරේ සිට, චීනයේ සංවර්ධනය 2035 වන විට සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්තිවාරම් ශක්තිමත් කිරීම සහ සියලු පෙරමුණු වලින් ඉදිරියට යාම සඳහා ප්‍රධාන කාල පරිච්ඡේදයකට පිවිස තිබෙනවා." යනුවෙන් පැවසීය.


චීන තානාපතිවරයාගේ සම්පූර්න දේශනය පහතින්... 

බුද්ධිමණ්ඩල වල සහ මාධ්‍යවල හිතවත් මිත්‍රවරුනි,

සුභ සන්ධ්‍යාවක්! ඔබ සැම හමුවීමට ලැබීම මහත් සතුටක්. අද මෙහි බොහෝ හුරුපුරුදු මිතුරන් මෙන්ම නව මුහුණු රාශියක් දැකීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. පළමුවෙන්ම, චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ අපගේ තානාපති කාර්යාලයේ කටයුතු කෙරෙහි ඔබ දක්වන දිගුකාලීන උනන්දුව සහ සහයෝගය පිළිබඳව මගේ අවංක කෘතඥතාව පළ කරනු ලබනවා! මින් පෙර අපි ඔබට ආරාධනා කර වසරකට වැඩි කාලයක් ගත වී ඇති අතර, මෙම කාලය තුළ චීනය සහ පෘථිවි ගෝලය යන දෙදෙනාම බොහෝ වෙනස්කම් ව්ලට ලක්ව තිබෙනවා. අද අපි මෙහි රැස්වන්නේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය අවබෝධය ගැඹුරු කිරීමට මෙන්ම පොදු සැලකිල්ලක් දක්වන කරුණු සම්බන්ධයෙන් එකිනෙකා සමඟ විවෘතව අදහස් හුවමාරු කර ගැනීමටයි.

චීනයේ පැවැත්වූ “ද්විත්ව සැසි” ඊයේ සාර්ථකව අවසන් වූ බව ඔබ සැම දැනුවත්  බව මම විශ්වාස කරනවා. වාර්ෂිකව චීනය විසින් සිදු කරන මෙම ක්‍රියාව ලෝකයට චීනය තේරුම් ගැනීමට ඉතා වැදගත් කවුළුවක් වී තිබෙනවා. නමුත් මෙම වසරේ “මෙම ද්විත්ව සැසි” විශේෂයෙන් වැදගත් වන්නේ 2026 චීනයේ 15 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සනිටුහන් කරන නිසාවෙනුයි. මෙම වසරේ සිට, චීනයේ සංවර්ධනය 2035 වන විට සමාජවාදී නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්තිවාරම් ශක්තිමත් කිරීම සහ සියලු පෙරමුණු වලින් ඉදිරියට යාම සඳහා ප්‍රධාන කාල පරිච්ඡේදයකට යොමු කර තිබෙනවා. එබැවින්, 2026 දී පැවැත්වූ “ද්විත්ව සැසි” පසුගිය වසර පහේ චීනය ලද ජයග්‍රහණ සමාලෝචනය කිරීම පමණක් නොව, ඉදිරි වසර පහ සඳහා ගමන් මග ප්‍රස්ථාරගත කිරීම සහ පැහැදිලි අරමුණු සකස් කිරීමක් ද වනවා.

පසුගිය ගෙවුණු වසර පහ සැබවින්ම අසාමාන්‍ය කාලපරිච්ඡේදයක් වූවා. බොහෝ අභ්‍යන්තර හා බාහිර අභියෝග මධ්‍යයේ වුවද, ෂී ජින්පින් සහෝදරයා සමස්ථ චීන සමාජයේ හරය ලෙස සලකන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ  අධිෂ්ඨානශීලී නායකත්වය යටතේ චීනය, 14 වන පස් අවුරුදු සැලැස්මේ දක්වා ඇති සියලුම අරමුණු සහ කාර්යයන් මේ වන විට සාර්ථකව ඉටු කර තිබෙනවා.

සාක්ෂාත් කර ගත් කරුණු අතර පළමු කාරණය ලෙස , චීනයේ ආර්ථික නිමැවුම ඉහළ යමින් පැවතීම පෙන්වා දිය හැකියි. දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව එම පසුගිය වසර පහ තුළ යුවාන් ට්‍රිලියන 110, යුවාන් ට්‍රිලියන 120, යුවාන් ට්‍රිලියන 130 සහ යුවාන් ට්‍රිලියන 140 (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 20.25 ක් පමණ) යන සන්ධිස්ථාන පසුකර තිබෙනවා. සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 5.4% ක අගයක් අත් පත් කර ගනිමින් සහ ගෝලීය ආර්ථික වර්ධනයට දායකත්ව අනුපාතය 30% ක් පමණ පවත්වා ගෙන යාමට සමත්ව තිබෙනවා.

දෙවන කාරණය ලෙස , විද්‍යාත්මක, තාක්‍ෂණික සහ කාර්මික නවෝත්පාදනයන්හි ඉදිරි ගමන පෙන්වා දිය හැකියි. ජාතික පර්යේෂණ සහ සංවර්ධන වියදම් සාමාන්‍ය වාර්ෂික අනුපාතය 10% කින් වර්ධනය වී තිබෙන අතර, සමස්ත පරිමාවෙන් ගත් කළ ගෝලීය වශයෙන් දෙවන ස්ථානයට පත් වීමට හැකියාව ලබා ගෙන තිබෙනවා. පසුගිය වසර 16 තුළ චීනයේ නිෂ්පාදන අංශය එකතු කළ අගය අනුව ලොව ප්‍රමුඛයා වන අතර එය ගෝලීය මුළු එකතුවෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් වෙනවා.

තෙවනුව, ඉහළ මට්ටමේ විවෘත කිරීම හෙවත් ආයතනික විවෘතභාවය  කිරීම, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ හුදෙක් තීරුබදු අඩු කිරීම් වලින් ඔබ්බට ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන උපායමාර්ගික, ක්‍රියාශීලී ප්‍රතිපත්තිය අඛණ්ඩව පුළුල් වෙමින් පවතිනවා. භාණ්ඩ වෙළඳාම අතින් චීනය අඛණ්ඩව වසර 9 ක් ගෝලීය වශයෙන් පළමු ස්ථානයට පත්ව ඇති අතර, එහි සේවා වෙළඳාම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 ඉක්මවා තිබෙනවා. චීනය නිෂ්පාදන අංශයේ විදේශ ආයෝජන සඳහා ඇති සියලුම ප්‍රවේශ සීමාවන් ද ඉවත් කර තිබෙනවා.

සිව්වනුව, චීනය හරිත පරිවර්තනය ක්‍රමයෙන් ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. චීනය මේ වන විට ලොව විශාලතම සහ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති පද්ධතිය නිර්මාණය කර තිබෙනවා. මුළු රටේම ස්ථාපිත ධාරිතාවෙන් 60% ක් පමණ පුනර්ජනනීය බලශක්තියෙන් සමන්විත වන අතර, එයින් අදහස් වන්නේ සෑම කිලෝවොට් පැය 10 ක විදුලි පරිභෝජනයෙන් 4 ක් පමණ හරිත බලයෙන් ලැබෙන බවයි. චීනය දිගු කලක් තිස්සේ එනම් අඛණ්ඩව වසර 10 ක් තිස්සේ ලොව විශාලතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා සහ විකුණුම්කරු ලෙස කටයුතු කර තිබෙනවා.

2025 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 140.19 ක් (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 20.28) වූ අතර එය පෙර වසරට වඩා සියයට 5 ක වැඩි වීමකි. භාණ්ඩ ආනයනය සහ අපනයනය යුවාන් ට්‍රිලියන 45.47 ක් (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 6.58) ක් වූ අතර එය වසරින් වසර 3.8% ක වැඩිවීමක් සනිටුහන් කරනු ලබනවා. චීනය රටවල් සහ කලාප 160 කට අධික සංඛ්‍යාවක ප්‍රධාන වෙළඳ හවුල්කරුවා බවට පත්ව තිබෙනවා. පාරිභෝගික භාණ්ඩවල වාර්ෂික සිල්ලර අලෙවිය පළමු වරට යුවාන් ට්‍රිලියන 50 (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 7.23) ඉක්මවා ගිය අතර ඒ අනුව චීන පරිභෝගිකයා ආර්ථික වර්ධනයට 52% ක දායකත්වයක් ලබා දී තිබෙනවා. රට පුරා පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනය යුවාන් ට්‍රිලියන 3.92 (ඇමරිකානු ඩොලර් බිලියන 569 ක් පමණ) ඉක්මවා ගිය අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.8 ක් වැනි අගයකට ළඟා වී තිබෙනවා. චීනයේ ප්‍රධාන කෘත්‍රීම බුද්ධි කර්මාන්තයේ පරිමාණය යුවාන් ට්‍රිලියන 1 (ඇමරිකානු ඩොලර් බිලියන 144.66) ඉක්මවා ගිය අතර චීනයේ විවෘත මූලාශ්‍ර විශාල භාෂා ආකෘති බාගත කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම සංඛ්‍යාලේඛන චීන ආර්ථිකයේ බලවත් ඔරොත්තු දීමේ හැකියාව සහ දීප්තිමත් අපේක්ෂාවන් අවධාරණය කරනු ලබනවා. මෙම වසරේ පැවැත්වූ  “ද්විත්ව සැසි ” 2026 සඳහා 4.5%-5% දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් සඳහා ප්‍රායෝගික සහ සාධාරණ ඉලක්කයක් තබා ඇති අතර, අපගේ ප්‍රායෝගික කටයුතුවලදී ඊටත් වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගැනීමට අපි උත්සාහ කරනවා.

ඉදිරි වසර පහ හොඳින් නිරීක්ෂණය කර, 15 වන පස් අවුරුදු සැලැස්ම උසස් තත්ත්වයේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන අතර වාර්ෂික ජාතික පර්යේෂණ සහ සංවර්ධන වියදම් සාමාන්‍යයෙන් 7% කට වඩා වර්ධනය විය යුතු බවත්, මූලික ඩිජිටල් ආර්ථික කර්මාන්තවල එකතු කළ අගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.5% ​​දක්වා ළඟා විය යුතු බවත් නියම කරනු ලබුවා. තවද, ජාතික විස්තීර්ණ ත්‍රිමාණ ප්‍රවාහන ජාලය හෙවත් සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ, කාර්යක්ෂම සහ නවීන සැපයුම් පද්ධතියක් ගොඩනැගීම සඳහා වන චීනයේ 2021–2035 උපායමාර්ගික සැලැස්ම නව බලශක්ති පද්ධති, නව යටිතල පහසුකම් සහ බාහිර ලෝකයට විවෘත කිරීම සඳහා වේදිකා කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රධාන ව්‍යාපෘති 23 ක් ක්‍රියාත්මක කරනවා. මෙම ඉලක්ක සහ සැලසුම් චීන නවීකරණය සඳහා චීනය උත්සාහ කළ යුතු අරමුණු සහ කාර්යයන් පමණක් නොව, මුළු ලෝකයටම ලැබෙන “අවස්ථා ලැයිස්තුවක්” ද අන්තර්ගත වෙනව.

මෙම වසර ආරම්භයේදී, බොහෝ රටවල නායකයින් චීනයට පැමිණියා. ලොව පුරා බොහෝ ව්‍යාපාරික නියෝජිතයින් විසින් “චීනයට යන්න”නමින් නව රැල්ලක් ඇති කර තිබෙනවා. මෙය චීනයේ ආර්ථික අපේක්ෂාවන් කෙරෙහි ඇති ශක්තිමත් ගෝලීය විශ්වාසය සහ හිතකර අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරනවා. චීන ආර්ථිකය ද හොඳ ආරම්භයක් සමඟ ධනාත්මකව ප්‍රතිචාර දක්වා තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ආනයන හා අපනයනවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1,099.54 දක්වා වන අගයකට ළඟා වූ අතර එය පසුගිය වසරට වඩා 21% කින් වැඩි වීමකි. අපනයනය සියයට 21.8 කින් වැඩි වූ අතර ආනයනය සියයට 19.8 කින් ඉහළ ගියේය. දුර්වල ගෝලීය වර්ධනය සහ ඉහළ යන අවදානම් සහ අභියෝග තිබියදීත්, චීනය ලෝක ආර්ථිකය සඳහා විශ්වාසදායක එන්ජිමක් ලෙස පවතින බව මෙම සංඛ්‍යාලේඛන මගින් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරනවා.

මේ අතර, ඉහළ යන ගෝලීය ආතතීන්, පැතිර යන ආධිපත්‍යවාදය සහ බහුපාර්ශ්විකවාදයට ඇති දැඩි කම්පන මධ්‍යයේ, චීනය ලෝක සාමය සඳහා ස්ථායීකාරකයක් ලෙස නැගී සිටීමේ අභියෝගය භාර ගෙන තිබෙනවා. මෙම වසර ආරම්භයේදී, මැද පෙරදිග ගැටුම් පුපුරා යාම, දැනටමත් කැළඹිලි සහිත ලෝකයකට තවදුරටත් අවිනිශ්චිතතාවයක් එක් කර ඇති අතර, සාමය සහ සංවර්ධනය සඳහා මානව වර්ගයාගේ කල් පවතින අභිලාශය ඉස්මතු කරනවා. මානව සමාජය දැන් සාමය සහ යුද්ධය, එකමුතුකම සහ ගැටුම අතර ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. ගෝලීය ප්‍රවණතා සහ කාලයේ ආත්මය හෙවත් අපේ යුගයේ සාමාන්‍ය බුද්ධිමය, සදාචාරාත්මක සහ චිත්තවේගීය වාතාවරණය නියෝජනය පිළිබඳ තියුණු අවබෝධයකින් යුතුව, ජනාධිපති ෂී ජින් පිං මහතා මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය, ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම සහ ගෝලීය පාලන මුලපිරීම යෝජනා කරනු ලැබුවා. මෙම යෝජනා මගින් වත්මන් යුගයේ මානව වර්ගයා ගමන් කරන්නේ කොතැනටද යන විශාල ප්‍රශ්නයට පිළිතුරු සපයන ලද අතර, ගෝලීය අභියෝග සඳහා චීන ප්‍රඥාව සහ විසඳුම් ලබා දෙන අතර, ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී සහ ලෝක සාමය ආරක්ෂා කිරීමේදී ප්‍රධාන රටක් ලෙස චීනයේ ස්ථිර කැපවීම සහ වගකීම පෙන්නුම් කරනු ලබනවා.

මානව වර්ගයාගේ සතුරන් විවිධ ජාතීන් හෝ විවිධ  ආගමික ඇදහැලි වල නියැලෙන විවිධ ජන කොටස් නොවේ. මානව වර්ගයාගේ සතුරන්  යුද්ධය, දරිද්‍රතාවය, කුසගින්න සහ අයුක්තියයි. තනිව සටන් කිරීමෙන් හෝ තමා ගැන පමණක් බලා ගැනීමෙන් ඒවා පරාජය කළ නොහැකියි. ඒ වෙනුවට, ලෝකය එකට එකතු වී පොදු අනාගතයක් ගොඩනඟා ගත යුතුයි. 15 වන පස් අවුරුදු සැලැස්මේ නව ආරම්භක ස්ථානයේ සිටගෙන, චීනය ස්ථාවර හා ධනාත්මක සංවර්ධනයක් තුළින් ජයග්‍රාහී සහයෝගීතාවය සඳහා අඩිතාලම තහවුරු කරනු ලබනවා. විවෘත හා ඇතුළත් ප්‍රවේශයක් හෙවත් පුද්ගල පසුබිම, හැකියාව, අනන්‍යතාවය හෝ තත්වය නොසලකා සියලුම පුද්ගලයින් අගය කරනු ලබන, ගරු කරනු ලබන සහ සම්පූර්ණයෙන්ම සහභාගී වීමට බලගන්වන ලද උපාය මාර්ගයක්, ප්‍රතිපත්තියක් හෝ මානසිකත්වයක් සමඟ හවුල්කාරිත්වය සඳහා මාර්ග පුළුල් කරනු ලබනු ඇත. එලෙසම, එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල ස්ථිරව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව වැනි සමාන අදහස් ඇති රටවල් සමඟ කටයුතු කිරීමට අදහස් කරනු ලබයි.එලෙසම 15 අවුරුදු සැලැස්ම මානව සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහ මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට නොනවතින උත්සාහයන් දරනු ලබනවා.

චීනය සහ ශ්‍රී ලංකාව කාලානුරූපී සාම්ප්‍රදායික මිත්‍රත්වයක් භුක්ති විඳින රටවල් දෙකකි. ගෝලීය දකුණේ සාමාජිකයන් ලෙස, චීනය සහ ශ්‍රී ලංකාව සංවර්ධනය හා පුනර්ජීවනය කරා යන මාවතේ සෙසු සංචාරකයින් වන අතර ජයග්‍රාහී සහයෝගීතාවයේ හොඳ හවුල්කරුවන් වී සිටිති. ජනාධිපති ෂී ජින් පිං පවසා ඇති පරිදි, "චීනය සමඟ ඇවිදීම යනු අවස්ථා සමඟ ඇවිදීමයි. චීනය විශ්වාස කිරීම යනු හෙට දවස විශ්වාස කිරීමයි. චීනය තුළ ආයෝජනය කිරීම යනු අනාගතයේ ආයෝජනය කිරීමයි." චීනයේ ශක්තිමත් සංවර්ධනය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට තවත් නව අවස්ථා ගෙන එනු ඇති අතර දෙරටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ නිර්මාණය කරනු ඇත.

හිතවත් මිත්‍රවරුනි, ඔබ සැම චීනයේ වර්ධනය සහ චීන-ශ්‍රී ලංකා සහයෝගීතාවය සමීපව අනුගමනය කර තිබෙනවා. චීන-ශ්‍රී ලංකා සබඳතා සහ ජනතාව අතර හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේදී ඔබට තවදුරටත් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වේවායි මම බලාපොරොත්තු වෙනවා. අද දින අපගේ නව  මිතුරන් සහ පැරණි  මිතුරන් යන දෙපිරිසම සමඟ අවංක හා ආකර්ශනීය සාකච්ඡා ඉදිරියටත් පැවැත්වීමට සහ අපගේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ස්තූතියි!


සම්බන්ධිත පුවත් | Related News

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි.
තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිවුරක් පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, සේනක පල්ලෙතැන්න පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් නොවැම්බර් 09 දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.