News Category
From Date
To Date
Maximum Number of Result

ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණය කරනතුරු නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද සී.ඩී. ලේනව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ.

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

ගම්මාන කිහිපයක් 2017 යහපාලන ආණ්ඩුව සමයේ වවුනියාව දිස්ත්‍රික්කයෙන් ඉවත්කර උතුරු මැද පළාතට එකතුකර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල හා දෙමළ ජනතාවගේ සංයුතිය වෙනස්වී ඇති බව හා ඔවුන්ගේ පරිපාලනමය ගැටලු නිරාකරණය කරගැනීමට වවුනියාව දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශයකට යාමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ කොළඹ මහනගර සභාවට අයත් වාහන නැවතුම්පළවල් වලින් අයවිය යුතු ලක්ෂ 2500කට වැඩි හිඟ මුදලක් ඇති බවය.

උතුරේ වෙසෙන හඬක් නොමැති සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් රජයෙන් සිදුවිය යුතු කාරණා ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංදේශයක් බාර දීමට සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ(2) කටයුතු කළහ.

මහචාර්ය ගෝමික උඩුගමසූරිය කණ්ඩායම ජාතික ජන බලවේගයේ ආරාධනයෙන් ඔවුන්ගේ "රිසර්ච් සහ ඩිවලප්මන්ට් පොලිසිය" සාදා ඇති බවත් එය ජනගත කිරීම ඊට සුදුසු ප්‍රචාරයක් දී සිදුකිරීම ඉතා නිවැරදි බවත් එසේම වඩා නිවැරදිව කිරීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක්ද පවතින බවත් යසස් ධර්මදාස මහතා පවසයි.

ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


දේශීය පුවත්

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට ඉන්දියාවෙන් තවත් මිලියන 300ක්

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට සහාය වීම සඳහා තවත් වසරක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ඉන්දියාව තීරණය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.