News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට උත්සාහ දරන බවට සංඛ චන්දිම අබේවර්ධන කළ චෝදනාවට ක්‍රිෂාන්ත රත්නවීරගෙන් පිළිතුරු..

Mar 13, 2026 at 07:30 PM
|

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය අනීතික යුද්ධයක් දියත්කර ඇති පසුබිමක ඊශ්‍රායලයට සේවය කිරීම අරමුණුකරගෙන පිහිටවූ සංවිධානවල ඒජන්තයන් කණ්ඩායමක් විසින් ලංකාව තුළ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අරමුණින් මැදිහත් වීමට ක්‍රියාකරමින් සිටින බවට පවසමින් ඉකුත් දා  ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදී ඒ මහතා පැවසුවේ ක්‍රිෂාන්ත රත්නවීර  නමැත්තා ලංකාවේ ජාතික විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඊශ්‍රායලයට පක්ෂව වෙනස් කරන්න තීරණාත්මක ලෙස මැදිහත් වී සිටින බවයි. 

කෙසේ වෙතත් මෙයට සංඛ චන්දිම අබේවර්ධන වෙත ක්‍රිෂාන්ත රත්නවීර මහතා විසින් පිළිතුරක් ලබාදී තිබේ. 

එම පිළිතුරු ලිපිය පහළින්..

මා හිතවත් සංඛ චන්දිම අබේවර්ධන වෙත,

ක්‍රිෂාන්ත රත්නවීරගෙන් උත්තරයක්...

ඉන්දියානු සාගරයේ උපායමාර්ගයක මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව භූ දේශපාලනික ඉහළ විභවයක් හිමි කරගෙන තිබේ. මේ නිසාම අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ උපායමාර්ගික තීරණය කිරීම රටක ආර්ථික දේශපාලනික සහ භූ දේශපාලනික පැවැත්මට තීරණාත්මක ලෙස බලපෑම් කරයි. මේ නිසාම දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව දැනුවත් කිරීමයි. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් අන්තවාදයට යටත්ව බව ඉතිහාසයෙන් ඔබට එය පෙන්වාදිය හැක.

1956 දී ලංකාව ඊශ්‍රායලය සමඟ තානාපති සම්බන්ධතා ඇති කරගත් අතර 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයට මුස්ලිම් රටවල්, ඉන්දියාව සහ සෝවියට රුසියාව එල්ල කරන ලද බලපෑම නිසා ඊශ්‍රායල් රජය සමග තානාපති සම්බන්ධතා අත්හිටුවීමට සිදුවිය. මෙහිදී සිරිමාවෝ මැතිණියගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය එම තීරණයත් සමඟම විශාල අභියෝගයකට ලක් විය.

1980 දශකයේ දී ඉන්දියාවේ සහයෝගයෙන් ලංකාවේ බෙදුම්වාදී දෙමළ ත්‍රස්තවාදින් පෝෂණය කිරීමත් සමගම ලංකාව දීර්ඝ කාලීන යුද්ධයකට පැටලුනි. 1983 දී සිදුවූ ජාතිවාදී කෝලාහල ලංකාව ජාත්‍යන්තරය තුළ මිනී කන්නන්ගේ දේශය ලෙස නම්කර කොන් කරන ලදී. ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ රජයට දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී  සංවිධාන සමග යුද්ධ කිරීමට අවි ආයුධ, ගුවන් යානා ලබාදීමට ලෝකයේ රටවල් ප්‍රතික්ෂේප කරන ලදී.

ලංකාව ඒ වන විට මුළු උතුරු පළාත තුළම ත්‍රස්තවාදීන්ගේ අනසකට යටත් වෙමින් තිබුණි. ඒ යුද හමුදාවට මාර්ගවල ගමනාගමනය සිදුවූයේ දෛනික බිම් බෝම්බ පුපුරවා හැරීමත් සමඟමය. මේ නිසා උතුරු පළාත සමගම කොළඹ සම්බන්ධීකරණය වූයේ ගුවන් යානා සහ හෙලිකොප්ටර් මගින්ය. ලංකාවේ ඒ වන විට පාවිච්චි කරන ලද හෙලිකොප්ටර් යානා වූයේ ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් 212 හෙලිකොප්ටර් යානාය. මේවා බෙල් 212 හෙලිකොප්ටර් යානා වලට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අමතර කොටස් දීම පවා ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා උතුරු පළාතේ මෙහෙයුම් සඳහා සැපයුම් ලබා ගැනීමට විශාල බාධාවකට මුහුණ දීමට ජනාධිපති ජේ.ආර් ජයවර්ධනගේ රජයට සිදුවිය. එපමණක් නොව ජනාධිපතිවරයාගේ පරිහරණය සඳහා වෙන්කර තිබූ හෙලිකොප්ටර් යානා පවා අමතර කොටස් නොමැති නිසා භාවිතයට ගැනීමට බැරි අසීරු අවස්ථාවකට මුහුණ දුන්හ.

මේ වෙලාවේ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ යකාගෙන් බැරි නම් යකාගේ ආච්චිගෙන් හරි උදව් ගන්න ඕනේ පවසමින් තම පුත් රවී ජයවර්ධන ඊශ්‍රායලයට පිටත් කර හරිමින් ඊශ්‍රායලයෙන් බෙල් ගුවන් යානා වලට අමතර කොටස් ඉල්ලා සිටියහ. ඊට ඊශ්‍රායලය සහාය හිමි විය. මේ අවස්ථාවේදී ලංකාවට ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් යානා අමතර කොටස් ලබා නොදෙන ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායලයට බලපෑම් කර සිටියත් ඒවා මායිම් නොකර බෙල් 212 ගුවන් යානා අමතර කොටස් ලංකාවට ලබාදුනි. ඊට අමතරව විශාල ලෙස සැහැල්ලු අවි වන GPMG, MPMG, M16, RPG, Mini Uzi වැනි ආයුධ තොග පිටින් ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ය. STF බලකාය ආරම්භ කිරීමත් ශක්තිමත් බුද්ධි අංශයක් නිර්මාණය කිරීමත් මොසාඩ් එකේ සහය ලබා දුනි. ඒ වගේම LTTE විරුද්ධ දෙමළ කණ්ඩායම් ජේ.ආර් ගේ ඉල්ලීමට ඊශ්‍රායලය තුළ LTTE එරෙහිව පුහුණු කළේය. (ඔය LTTE පුහුණු කලා යන චෝදනාව පැමිණෙන්නේ මේ නිසාය)

ඒ වගේම 1994 ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය LTTE සමගම සාමයට අවතීර්ණ වූ පසු සාම ක්‍රියාවලිය 1995 අවසන් වූයේ ත්‍රිකෝණාමල වරායට මුහුදු කොටි ප්‍රහාර එල්ල කරමින්ය. ඒ වන විට LTTE සංවිධානයේ තීරාණාත්මක ප්‍රහාරක වෙඩි බලය තිබුණේ මුහුදු කොටි බලකාය තුළය. මුහුදු කොටි බලකාය සම්පූර්ණයෙන් උතුරු මුහුදු පාලනයට නතු කරගෙන තිබුනේ ශ්‍රී ලංකා නාවික හමුදාවට වඩා ප්‍රභල වෙඩි බලයක් මුහුදු කොටින් සතුව තිබුණි. මේ නිසා උතුරේ මුහුදේ දී මුහුදු කොටි බලකායට අභියෝග කිරීමට නම් මුහුදු කොටි බලකායේ වෙඩි බලය අභිබවා යෑමට හැකි වෙඩි බලයකින් යුතු වේග ප්‍රහාරක යාත්‍රාවක අවශ්‍යතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට අවශ්‍ය වුනි. ඒ වන විට ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාවට අවි ආයුධ ලබාදීමෙන් වැළකී සිටියහ. මේ වෙලාවේදී පිහිටට ආවේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රා ලංකාවට ලබාදීමෙන් මුහුදු කොටින්ට අභියෝග කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමිනි. මුහුදු කොටි බලකාය පරාජය කිරීමේ තීරණාත්මක හැරවුම් ප්‍රහාරක යාත්‍රාව වූයේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත ඩෝරා යාත්‍රාවයි. 

ඒ වගේම 1995 බිඳවැටුණු සටන් විරාම ගිවිසුමත් සමගම කොටි ගුවන් බලකාය ශක්තිමත් වී තිබුණි. මේ සඳහා ඇෆ්ඝනිස්තානයේ තලේබාන්වරුන් හරහා ඇමරිකාවේ නිෂ්පාදිත ස්ටේන්ජර් මිසයිල ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභියෝග කිරීමට කොටි ගුවන් බලකාය ශක්තිමත් වී තිබුණි. මෙම ස්ටේන්ජර් මිසයිල ලබා ගැනීමට තලේබාන්වරුන් සහ කුමාරන් පද්මනාදන් සම්බන්ධීකරනය කරන්නේ ඉරානයේ IRGC බළකායයි. ඒ වන විටත් ඇවිරෝ ගුවන් යානා කිහිපයකට මිසයිල එල්ල කරමින් උතුරු කලාපය සම්පූර්ණයෙන් කොටි ගුවන් බලකායේ ආධිපත්‍යයට නතු කරගෙන තිබුණි. ශ්‍රී ලංකාව ගුවන් ප්‍රහාරක යානා ලෙස භාවිතා කළේ බ්‍රසීලයේ නිෂ්පාදිත සාමසෙට්ඨි සහ පුකාරා වැනි කුඩා ප්‍රහාරක යානාය. මෙම ප්‍රහාරකයානා වලින් කොටින්ට අභියෝග කිරීම එම මොහොතේදී විහිළුවක් විය. මේ වෙලාවේ ඊශ්‍රායලයෙන් කරපු විශේෂ ඉල්ලීමට ඊශ්‍රායලයේ නිෂ්පාදිත කෆීර් ගුවන් යානා ලබාදීමට ඊශ්‍රායලය එකඟ වුනි. මේ මොහොතේත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කෆීර් ගුවන් යානා එන්ජිම නිෂ්පාදනය ඇමරිකානු ජෙනරාල් මෝටර් සමාගමේ නිෂ්පාදනයක් බැවින් කෆීර් යානා ලංකාවට ලබා නොදෙන ලෙස කීවත් ඇමරිකානු ඉල්ලීම ගණන් නොගෙන කෆීර් යානා ශ්‍රී ලංකාවට ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කළේය. එය පමණක් නොව එම ගුවන් යානා ශ්‍රී ලංකාවට ගෙනා පසු LTTE ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහර දුන්නේ ඊශ්‍රායල් ගුවන් නියමුවන් විසින්ය. මන්දයත් කෆීර් ගුවන් යානා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් පුහුණුවීම් සඳහා වසර 2ක් ගතවිය.

ශ්‍රී ලංකාවේ අවසන් සටනේ තීරණාත්මක ප්‍රහාරක යානාව වූයේ ඊශ්‍රායලයේ කෆීර් යානාය. ඒ වගේම ඊශ්‍රායලයේ නිශ්පාදිත නියමුවන් රහිත ගුවන් යානා ලබා දෙන බුද්ධි තොරතුරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිවැරදි ත්‍රස්තවාදී ප්‍රහාරක ඉලක්ක සපුරා ගැනීමට හේතුවිය. ඊශ්‍රායලය යනු යුද්ධය යන අවස්ථාවේ තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහායට පැමිණි රාජ්‍යයයි. කිසිදු විටෙකත් ඊශ්‍රායලය ලංකාව මගහැරියේ නැත. මාගේ ඊශ්‍රායලයට පක්ෂග්‍රාහීත්වය ඒ වෙනුවෙනි. 

මුහුදු කොටි බලකාය සහ ඉරානයේ IRGC හෙවත් ඉස්ලාමීය මුරබට හමුදාව එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කළ බව ඇමරිකානු ආරක්ෂ මූලාශ්‍රවල සඳහන්වේ. යේමනේ ඒඩ්න් වරායේ නවතා තිබූ U.S.S කෝල් නෞකාව 2000 එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයේ සැරසුම් ලැබී ඇත්තේ මුහුදු කොටි බලකායෙනි. මේ සඳහා IRGC බලකාය සහාය වී තිබේ. ලෝකයේ පුරා මේ වන විටත් නීති විරෝධී තෙල් වෙළඳාම, අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය වෙළඳාම සිදුකරන්නේ IRGC බලකායයි. යුද්ධය අවසන් වීමට පෙර කුමාරන් පද්ම නාද සතුව තිබූ ජාත්‍යන්තර ත්‍රස්තවාද නාවුක ජාලය සම්පූර්ණයෙන්ම අවි ආයුධ සහ මත්කුඩු ලෝකය පුරා බෙදා හැරීමේ කටයුතු ඉරානයේ IRGC බළකාය සමග කොටි සංවිධාන සම්බන්ධ වී ඇති බව ඇමෙරිකානු ආරක්ෂක වාර්තාවල සඳහන් වේ. LTTE ත්‍රස්ත ජාලය සහ ඉරානයේ IRGC මුරබට බලකාය තම අරමුණු වෙනුවෙන් එකිනෙකා සහයෝගයෙන් වැඩ කර ඇති බව ඔප්පු වේ. මේ වන විටත් ලංකාවේ පාසල් දරුවන් ගිලගන්නා මහත් පිළිලයක් වී ඇති අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් පැමිණෙන්නේ ඉරානයේ IRGC  ජාලය තුළින් බව බුද්ධි අංශ අනාවරණ කරයි.

ලංකාවට 2025 වසරේ විදේශ විනිමය ඩොලර් බිලියන 8ක් ලැබී ඇති අතර එයින් ඩොලර් බිලියන 2.5ක් ම ලැබී ඇත්තේ ඊශ්‍රායලයෙනි. ලංකාවෙන් වසර 5ක වීසා කාලය තුළ සිටින පිරිස 40,000 ඉක්මවන අතර වසර 5 වීසා කාලය ඉක්මවා ගොස් සිටින පිරිස 70,000කට අධික පිරිසක් ඊශ්‍රායලයේ වීසා නොමැතිව සේවයේ නිරතව සිටී. ඒ අනුව ලක්ෂයකට අධික පිරිසක් ඊශ්‍රායලයේ සේවය කරයි. මසකට අපේ ශ්‍රමකයෝ ඩොලර් මිලියන 200 - 300 මුදලක් ඊශ්‍රායලයෙන් ලංකාවට එවනු ලබයි. මේ වනවිට අපේ ශ්‍රමකයින්ගේ විශාල ඉල්ලුමක් ඊශ්‍රායල් රාජ්‍යයට නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලයට යනු වසර 5,000ක ඉතිහාසයක් ඇති වසර 4,000ට පෙර ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සබඳතා තරකර ගත් සහෝදරාත්මක ජාතියකි. එවන් රටක් සමග ශ්‍රී ලංකා වේ තානාපති සබඳතා අත්හිටුවා ඇත්තේ මුස්ලිම් දේශපාලකයින්ගේ බලපෑම නිසාවෙනි. රටක විදේශ ප්‍රතිපත්තියේ මුස්ලිම් ජාතියේ උවමනාවට ක්‍රියා කිරීම අපි කිසිවිටෙකත් අනුමත නොකරමි. ඔබ ඉරාන තානාපති කාර්යාලයට පස්සේ දොරින් ගිහින් කටයුතු කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොව ඉරානයේ කැමැත්ත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් බව ඔබගේ දේශපාලන මැදිහත්වීමෙන් පෙනේ.

සංඛ, ඔබ නියෝජනය කරන්නේ මුස්ලිම් අන්තවාදය ලෝකයේ නිර්මාණය කළ ඉරානයේ ආගමික උන්මත්තකයින් වූ මූලාවරුන් සමගය. ඔවුන් කාන්තා අයිතිවාසිකම් යටපත් කොට මූලික මිනිස් අයිතිවාසිකම් නොසලකා හැර තිබේ. ඔබ ලෝකයේ ශිෂ්ඨාචාර පැවැත්ම ආපස්සට ගමන් කරවන කණ්ඩායමකට උදව් කරනකොට අප උදව් කරන්නේ ශිෂ්ඨාචාරය ප්‍රගමනයට දායකත්වය දක්වන මැද පෙරදිග ඇති කාන්තා අයිතිවාසිකම් රකින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇති ශිෂ්ඨ රාජ්‍යකටය.

අප ඊශ්‍රායල් රාජ්‍යයට සහාය දක්වන්නේ අරමුණු කිහිපයක් මුල් කරගෙනය.

1. ඊශ්‍රායලය ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දීම.

2. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් ඉවත්වෙන තාරුණ්‍ය කෘෂි කර්මාන්තය තුළ රඳවා තබා ගැනීමට අවශ්‍ය නවීන කෘෂි තාක්ෂණය ඊශ්‍රායලයෙන් ලබා ගැනීම.

3. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකාවේ සේවකයින් 100,000ට වඩා සේවය කිරීම තුළින් ලංකාවට විදේශ විනිමය ගේන ප්‍රධාන රටක් වීම.

4. ලංකාව Gem & Jewelry Hub එකක් ලෙස ගොඩනැගීමට ඊශ්‍රායලයේ සහය ලබා ගැනීම.

ආදී අරමුණු පෙරදැරි කරගෙන ඊශ්‍රායල් රාජ්‍ය ලංකාවට වැදගත් වේ. ඊශ්‍රායල් රාජ්‍යය ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍යයෙන් රාජ්‍යයට උදව් කිරීමයි. පුද්ගලයින් හෝ සංවිධාන වලට කිසිදු ලෙසකත් ඉහත අරමුණු ඉෂ්ට කර ගැනීමට ඊශ්‍රායල් රාජ්‍ය උදව් නොකරයි. ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි විදේශ ප්‍රතිපත්තිය විය යුතු බව අප තරයේ විශ්වාස කරමු. ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සමාජ මතවාදය නිර්මාණය කිරීම අපගේ මූලික අපේක්ෂාවයි.

අප අදටත්, හෙටටත්, මතුවටත් ශ්‍රී ලංකාවේ නොබැදි විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින අතර එම ප්‍රතිපත්තිය තුළ ඉරානයද, පකිස්තානයද, ඊශ්‍රායලයද, ඇමරිකාවද, ඉන්දියාවද සෑම රටකම බලපෑ යුත්තේ එකම විදේශ ප්‍රතිපත්තිය බවත් ඊශ්‍රායල් රාජ්‍යය ඉවත් කර නිර්මාණය කරන්න හදන ඔබලාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරන බව අනිවාර්යයෙන් මතක් කරමි. එම මතය ඉස්ලාමී අන්තවාදයේ මතය බැවින් ඔබලාගේ මතය සමපාත වී ඇති බවත් එම මතයන් දෙකම එකට පරාජය කිරීමට කැපවෙන බව ඔබතුමාට ආදරයෙන් මතක් කරමු.

දේශප්‍රේමී ව්‍යාපාරයේ කැඳවුම්කරු,

-ක්‍රිෂාන්ත රත්නවීර-

සංඛ චන්දිම අභයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහළ වීඩියෝවෙන්..

සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.
Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.
ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.