අමෙරිකාව ලොව වටා සිදු කර ඇති මරණ සහ විනාශයන් ගැන මහාචාර්ය ජෝන් මියර්ශෙයිමර්ගෙන් අනාවරණයක්..
ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබද මහාචාර්ය ජෝන් මියර්ශෙයිමර් පවසන්නේ 1979 සිට 2021 දක්වා ඇමරිකානු සම්බාධක වල ප්‍රථිපල ලෙස ලෙස මිලියන 38 ක් මිනිසුන් මියගොස් ඇති බවයි.
මහාචාර්ය ජෝන් මියර්ශෙයිමර් පවසන කතාව පහළින්..
"අපි මහා කුරිරු රටක්. අපි ලෝකය වටා සිදු කරලා තියෙන මරණ සහ විනාශය ගත්තම එය අදහා ගත නොහැකියි. මම මෑතකදි කියෙව්වා The Lancet නම් විද්‍යාත්මක සඟරාව විසින් කරපු අධ්‍යයනක් , ඒක 2025 නොවැම්බර් මාසේ පල කරලා තිබුනේ . මේකේ අධ්‍යයනය කරලා තියෙනවා 1979 සිට 2021 දක්වා ඇමරිකානු සම්බාධක වල ප්‍රථිපල ලෙස ඇතිවෙලා තියෙන තත්වයන් ගැන. අපි මිලියන 38 ක් මිනිස්සු මරලා තියෙනවා.. .ඔව්.. මිනිස්සු මිලියන 38ක් !
මැද පෙරදිග විතරක් අපි කරලා තියෙන මහා විනාශය පුදුමාකාරයි.! ඉරාක යුද්ධයේ ප්‍රථිපල වලින්, වෙනුසියුලාව, කියුබාව සහ ඉරානය වගේ රටවලට අපි කරලා තියෙන දේවල්....!
ඔයාලට තේරෙනවාද අපි අපිට ලැබිලා තියෙන අතිවිශාල ආර්ථික අයුතු ලාභය (Leverage , මහාචාර්යවරයා මෙහිදී අදහස් කරන්නේ Petro Dollar ක්‍රමය සහ ඩොලරයේ බැංකු ආධිපත්‍ය නිසා ලැබුණ බලය) පාවිච්චි කරලා තියෙනවා රටවල් වල සාමාන්‍ය මහජනයාව බඩගින්නේ තියලා මරන්න, විඳවන්න දෙන්න ..
අපි සාමාන්‍ය ජනතාවට බරපතල දඬුවම් දීල තියෙනවා ඔවුන්ව ඔවුන්ගේ රටවල් වල ආණ්ඩු වලට විරුද්ධව සටන් කිරීමට පොළඹවන්න.. ඔබට තේරෙනවාද අපි මේක තමයි වෙනිසුවේලාවේ කරේ... අපි මේක තමයි ඉරානයේ කරන්නේ...අපි මේ සමාන්‍ය මහජනයාට මහා පීඩා කාරී දඬුවම් දෙනවා .එහෙම කරලා අපි ඒ මිනිස්සුන්ව ඒ ආණ්ඩු වලට විරුද්ධව ආයුධ ගන්න සලස්වනවා.
මට හරිම අමාරුයි සඳහන් කරන්න ඇමරිකාව ගෞරවනීය රටක් කියලා..මම හිතන්නෙ නෑ අපි විදේශ ප්‍රතිපත්ති පැත්තෙන් ගත්තොත් එහෙම හොඳ යහපත් රටක් කියලා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්