News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුවේ සත්‍ය සෙවීමේ කොමිසම තවත් බලගන්වා ක්‍රියාත්මක කරන බව සඳහන් කර ඇති බවද ඔවුන් එසේ පවසන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සර්වජන බලයේ "රණවිරු හමුව" සැප්තැම්බර් 1 දා (හෙට) පෙ.ව. 10 ට සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

"ව්‍යවසායකත්ව රාජ්‍යයක් - සතුටු දැයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් "සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම" ජනගත කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 31 වැනි සෙනසුරාදා එනම් අද පෙ. ව. 10:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය.

සත්‍ය සෙවීමේ කොමිසම පනත දුෂ්ඨ පාවාදීමක් බවත්, ලෝකයේ කිසිඳු රටක තමන්ගේ රටේ හමුදාව පාවාදෙන පාලකයන් නොසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

"මගේ මතය අනුව, අමෙරිකාවට ඇති ලොකුම ගැටලුව, ලෝකයට ඇති ලොකුම ගැටලුව න්‍යෂ්ථික අවි තරඟයයි" ට්‍රම්ප් බ්‍රහස්පතින්දා පැවසීය. "එම අවි විනාශකාරී බලවේගයක් වන අතර, කිසිවකු මීට පෙර දැක නැති ඒවා වන අතර, ඒවා කිසි විටෙක භාවිතා නොකරන බවට අප වග බලා ගත යුතුය." ඔහු අවධාරණය කළේය.

සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම ඊයේ(29) දින සිදුවිය.

සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ශ්‍රී ලාංකික ජනතාව නිවැරදි මාවතක අභිප්‍රේරණය කළොත් මේ රට ගොඩනැගිය හැකි බවත්, කාර්යක්ෂම හා ආත්ම විශ්වාසය මත කටයුතු කරන ජාතියක් එමගින් නිර්මාණය කරගත හැකි බවත් සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

සත්‍ය සෙවීමේ කොමිසම පනත හදිසියේ පහළ වූ පනතක් නොව 2002 සටන් විරාම ගිවිසුමේ දිගුවක් බවත්, 2002 සටන් විරාම ගිවිසුම මගින් LTTE සංවිධානයට විශාල වාසියක් ගෙන එද්දී ශ්‍රී ලංකා යුද හමුදාවට ඉතාම අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ බවත් විශ්‍රාමික මේජර්, නීතිඥ චරිත සිරිවර්ධන මහතා පවසයි.


දේශීය පුවත්

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

රැඳවියා නිදහස් කිරීමේ වරදට ගෙදර යවන්න ඕන ජනාධිපති.. - දිලිත් කියයි

තමන් නිදහස් කළ රැඳවියන් පිළිබඳ ජනාධිපති නොදන්නා බව කියන විට උදේට පත්තරෙන් සියල්ල දැනගත් ජනපති සිහිවන බවත් මේ ජනාධිපති පත්තරෙත් කියවා නොමැති බවත් සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

ජනපති අනුර ජර්මනියේ නිල සංචාරයක් සඳහා පිටත්ව යයි..

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියේය.

රනිල් අද CIDයට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

නත්තලටත් නීති විරෝධී ලෙස සිරකරුවන් 25ක් මුදා හැරලා..

නත්තල් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් සිරකරුවන් අතරේ එසේ නිදහස් කිරීමට කිසිසෙත් සුදුසුකම් ලබා නොමැති සිරකරුවන් 25 දෙනකුද නීති විරෝධී ලෙස මුදා හැර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් චීනයේ සංචාරයක..

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි.

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව ලැබූ අනුරාධපුරේ තිලකරත්න අතුරුදන්ලු..

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.