News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබාදීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන හේතුව වහා ජනතාවට හෙළිකරනු! - වෛද්‍ය වසන්ත බණ්ඩාර

Apr 22, 2026 at 09:35 AM
|

ලංකාවට අඩු මිලට ඛනිජ තෙල් සැපයීම සඳහා රුසියාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ සාකච්ඡා කිරීම සිදුවූ බවත්, ආණ්ඩුව මේ වන විට ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බව පැහැදිලි වන බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආණ්ඩුව මෙය කල් දමමින් මග හරිමින් ක්‍රියාත්මක නොකර සිටීමේ උත්සාහයක නිරතවී සිටින බවත් පවසන ඒ මහතා මෙයට හේතු ලෙස මහජන සංවාදය තුළ හේතු තුනක් දැකගත හැකි බවත් සඳහන් කරයි.

ඉන් එකක් වන්නේ රුසියාවෙන් අඩු මිලට තෙල් ලැබුනොත් රජයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස කොමිස් ගැසීමට, හොරකම් කිරීමට බැරිවීම බවත්, එනිසා හොරකම්වලට සම්බන්ධ පිරිස් මෙයට අකමැති බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළි කරයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවක දී ඒ මහතා පවසන්නේ රුසියාවෙන් ඩීසල් ගතහොත් ඩොලර් 150ත් 160ත් අතර මිලකට බරලයක් ගත හැකි බවත්, එසේ තිබියදී ඉන්දියාවෙන් ඩීසල් බැරලයකට ඩොලර් 286ක් ගෙවා මිලදී ගෙන ඇති බවට  මේවන විට හෙළිදරව් වී ඇති බවත් ය. 

මෙම ක්‍රියාවලිය ඉදිරියට යනවිට ගල් අඟුරු වංචාවටත්, බැඳුම්කර වංචාවටත් වඩා එහා ගිය වංචාවක් බවට මෙය පත්වන බවත් ඒ මහතා සඳහන් කරයි.

මෙම දූෂිතයන් කිහිප දෙනෙකුගේ උවමනාව මත ජනතාවට විශාල බරක් දැරීමට සිදුවන බවත් පැහැදිලි කරන ඒ මහතා, එම දූෂිතයන් ගැන ඉදිරියේදී හෙළිදරව් කිරීම සිදුකළ යුතුව ඇති බවත් සඳහන් කරයි.

රුසියාවෙන් ලාබෙට තෙල් ලබාදෙන විට එපා කියන දෙවෙනි කාරණය වන්නේ භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ සිටින යම් යම් නිලධාරීන් ජාත්‍යන්තර ණය දෙන ආයතවල ඒජන්තයින් ලෙස කටයුතු කරමින් මෙයට එරෙහි වීම බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

රුසියාව මීට පෙර 2016 දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අන්තර් ආණ්ඩු සහයෝගීතා කොමිසමක් පිහිටුවා ඉතා සහන පොලියට දීර්ඝකාලීනව භාවිත කළ හැකි ලෙස යූරෝ මිලියන 500ක ණයක් මෙරටට ලබාදුන් බවත්,  එහෙත් ඉන් එක යූරෝවක්වත් මෙම භාණ්ඩාගාර නිලධාරීන් වියදම් නොකළ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිකළේය.

මෙවරත් යම් ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් මෙයට අකුල් හෙලන බවට මතයක් ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

තුන්වන කාරණය වන්නේ ආණ්ඩුවේ නායකයන් ඉන්දියාවටත් අමෙරිකාවටත් ඇති බිය නිසා මෙයට එකඟ නොවන බව යැයි පෙනෙන්නට ඇති බවත්, මහා ජනවරමක් ලබා දී පත්කරගත් ජනාධිපතිවරයා ගරු කරන්නේ ජනතා පරමාධිපත්‍යට ද නැතිනම් ඉන්දියාවේ සහ අමෙරිකාවේ යටත් කිරීම් වලට දැයි ප්‍රශ්නයක් ඇති බවත් ඒ මහතා සඳහන් කරයි. 

මෙය ආණ්ඩුවටත් සියදිවි නසාගැනීමේ ක්‍රියාවලියක් බවට පත්වන බවත් පෙන්වා දෙන ඒ මහතා ඛනිජ තෙල් අර්බුදය නිසා ජීවන මිල වැඩිවී ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවට විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවත් සඳහන් කරයි.

රුසියානු අමාත්‍යවරුන් දෙදෙනෙකු පැමිණ අඩු මිලට ඉන්ධන ලබාදීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන හේතුව වහා ජනතාවට හෙළිකළ යුතු බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සම්බන්ධිත පුවත් | Related News

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.
චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.
පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.