News Category
From Date
To Date
Maximum Number of Result

ඇමරිකානු මිලිටරි මැදිහත්වීම ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට වඩා ශක්තිමත් කිරීමට සේවය කර ඇති අතර අල්කයිඩාව සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් යලි පිබිදීම නවතම උදාහරණය බව ඊයේ(01) ප්‍රකාශයට පත් කරන ලද ෆොක්ස් නිවුස් ඩිජිටල් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇෆ්ගන් ජාතික හමුදාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානී සාමි සදාත් ප්‍රකාශ කළේය. .

ශ්‍රී ලංකා භූමියට කෑදර වී, එය අත්පත්කර ගැනීමේ උවමනාවෙන් විවිධ බලවේග කටයුතු කරන බවත්, එනිසාම ඉතිහාසයේ සිට විවිධ කාලවලදී මෙරටේ යුදගැටුම් නිර්මාණය වූ බවත් විශ්‍රාමික කර්නල් කීර්ති ගුණසෝම මහතා පවසයි.

සත්‍ය සෙවීමේ කොමිසම නමින් එන රණවිරුවන් පවාදීමේ ක්‍රියාදාමය පරාජය කළ යුතු බවත්, මාතෘභූමිය බේරාදීමට ක්‍රියාකරන ලද්දේ රණවිරුවන් බවත් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවට අද(01) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී යෝජනා සම්මත විය.

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය වූ ප්‍රථම ස්ථූපය ගෞතම සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය ඓතිහාසික සපුමල්ගස්කඩ රාජ මහා විහාර පරිශ්‍රයේ දී ඊයේ (31) දින සිදුවිය.

සර්වජන බලයේ "රණවිරු හමුව" සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට කොළඹ 5, සම්බුද්ධත්ව මන්දිරයේ දී පැවැත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය අද ඒකමතිවකව යෝජනාවක් සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුවේ සත්‍ය සෙවීමේ කොමිසම තවත් බලගන්වා ක්‍රියාත්මක කරන බව සඳහන් කර ඇති බවද ඔවුන් එසේ පවසන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

නත්තලටත් නීති විරෝධී ලෙස සිරකරුවන් 25ක් මුදා හැරලා..

නත්තල් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් සිරකරුවන් අතරේ එසේ නිදහස් කිරීමට කිසිසෙත් සුදුසුකම් ලබා නොමැති සිරකරුවන් 25 දෙනකුද නීති විරෝධී ලෙස මුදා හැර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් චීනයේ සංචාරයක..

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි.

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව ලැබූ අනුරාධපුරේ තිලකරත්න අතුරුදන්ලු..

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

විදුහල්පතිලා වර්ජනයක් කැදවයි..

ඩෙංගු මදුරුවන් බෝවන අවදානම සහිත ස්ථාන පාසල් පරිශ‍්‍රයකින් වාර්තා වුවහොත් ඒවායේ විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර තිබේ.

කොළඹ SJB නගරාධිපති අපේක්‍ෂකට හකීම්ගේ විරෝධය..

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට සමඟි ජන බලවේගයෙන් ඊසා සරුක් ඉදිරිපත් කරවීමට පෙර සමගි ජන බලවේග නායකත්වය අනෙකුත් පක්ෂ සමඟ යම් දුරකට සාකච්ඡා කරන්නට තිබුණේ යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පැවැසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.