News Category
From Date
To Date
Maximum Number of Result

නොරච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ උපරිම ජනන ධාරිතාව ලබා ගැනීමට බරපතල බාධා එල්ල වී ඇති බවත්, දැනට ගෙන්වා ඇති ගල්අඟුරුවල පවතින ගුණාත්මක භාවයේ අඩුවීම හේතුවෙන් බලාගාරය සතු උපරිම ධාරිතාවය කරා ළඟා වීමට නොහැකි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවත් විදුලි ඉංජිනේරුවන් අනාවරණය කරයි.

චීන සයිබර් ආරක්ෂණ ආයතන කිහිපයක් අද(26) වාර්තාවක් නිකුත් කරමින්, ගෝලීය අථත්‍ය මුදල් වත්කම් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා එක්සත් ජනපදය එහි තාක්ෂණික සහ නියාමන බලපෑම උපයෝගී කර ගන්නා බවට චෝදනා කරනු ලැබුවේය.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපල ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් තුළ මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉරානය බලා යන ගමනේදී වැසිකිළි පද්ධතියේ ඇති වූ ගැටළුවකින් පීඩා විඳින USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් නෞකාව පිළිබඳව ඇමරිකානු මාධ්‍ය විසින් හෙළිදරව් කිරීම මගින් නැව දිගු කාලීනව සේවයේ යෙදවීම මෙන්ම සැලසුම් සම්බන්ධ ගැටළු ඇතිකරන බව චීන යුද විශේෂඥයෙකු පවසයි.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය පවසයි.

ආණ්ඩුව මේ වන විට බහුලව වගා කරන සහ බහුලව පරිභෝජනය කරන නාඩු සහල්වලට අදාළව වී කිලෝ ග්‍රෑම් 1ක් සඳහා සහතික මිල රු. 120ක් සහ සහල් සඳහා තොග මිල රු. 225ක් සහ සිල්ලර මිල 230ක් ලෙස පනවා ඇත. මේ පිළිබඳව ගොවීන්ගේ බරපතළ විරෝධය එල්ල වීම සහ රොල්ස් රෝයිස් හෝ ජෙට් යානා මිලදී ගන්නා මහා මෝල්කරුවන්ගේ සතුට ප්‍රකාශ වීමේ පරස්පරය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම බරපතල අසාධාරණයක් යයි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ බුද්ධි සේවයේ (SVR) මාධ්‍ය කාර්යාංශය පවසන්නේ ඔවුන් වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව, යුක්රේනයේ මේ වන විට වර්ධනය වෙමින් පවතින තත්වය මත යුක්රේන සන්නද්ධ හමුදාවන්ට හුදකලාව රුසියාවට එරෙහිව ඔවුන් අපේක්ෂා කරන ජයග්‍රහණයක ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව එක්සත් රාජධානිය සහ ප්‍රංශය දන්නා බවයි.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.


දේශීය පුවත්

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම ගැන ඕමල්පේ සෝභිත හිමිගෙන් බුද්ධ ශාසන මණ්ඩලයට ලිපියක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සහ ඊට අදාල ප්‍රශ්නය සම්බන්ධයෙන් බුද්ධ ශාසන මණ්ඩලය මේ දක්වා ගෙන ඇති පියවර මොනවාදැයි? විමසමින් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභීත හිමියන් විසින් බුද්ධ ශාසන මණ්ඩලය වෙත ලිපියක් යොමු කර තිබේ.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට ඇප..

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ඔක්. 13 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි..

අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (07) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබී්‍ය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.