News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විදේශ ආධාර දිගටම ලබා ගැනීමට අවශ්‍යනම් රටේ අයවැය පරතරය පියවා ගැනීම සඳහා මුදලේ අගය අවප්‍රමානය කරන ලෙස යුක්‍රේන රජයට පීඩනය වැඩි කිරීමට අපේක්ෂා කරන බව බ්ලූම්බර්ග් ඊයේ(04) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් විශෙෂඥයන්ගේ අදහස් උපුටා දක්වමිනි.

සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධාන කොමිසමට පෙර තවත් පනත් 7ක් සම්මත කරගත් බවත්, ඉදිරිපත් කර තිබෙන මෙම 8 වෙනි පනත අතිශයෙන් භයානක පනතක් බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

සැප්තැම්බර් 08 වනදාට සැමරිමට නියමිත මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සහයෝගීතා දිනය නිමිත්තෙන් සහ රුසියාවේ පළමුවන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ටාස් (TASS ) ප්‍රවෘත්ති සේවයේ 120 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ (03 ) කොළඹ රුසියානු තානාපති කාර්යාලය සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලදී.

චීනය විසින් 'බෙල්ට් ඇනඩ් රෝඩ්' ව්‍යාපෘතියෙන් ආයෝජනය කළ රටවල් සෑම එකකම පාහේ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය ඉතා බලසම්පන්න ලෙස සිදුවෙමින් ඇති බවත්, ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශය, මියන්මාරය, පාකිස්ථානය ඇතුළ රටවල මෑතකාලීනව සිදුවූ සිදුවීම් ඒ සඳහා උදාහරණ සපයන බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික සංවිධානවල දැඩි විරෝධයට ලක් වූ සත්‍ය සෙවිමේ කොමිසම පනත පාර්ලිමේන්කුවේ සභාගත කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

රුසියාවේ කර්ස්ක් කලාපයට යුක්රේනය ආක්‍රමණය කිරීම ඩොන්බාස්හි ස්ථානගත මොස්කව් හමුදාවන්ගේ ඉදිරි ගමන නැවැත්වීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(02) පැවසීය. රුසියාව ඩොන්බාස් හි ප්‍රධාන ප්‍රදේශවල විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඔහු ප්‍රකාශ කළේ “දිගු කාලයකින්” නොදුටු වේගයකින් ඉදිරියට රුසියානු හමුදා ඉදිරියට යන බව අවධාරනය කරමිනි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය. වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය. “විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන් නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.


දේශීය පුවත්

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

නත්තලටත් නීති විරෝධී ලෙස සිරකරුවන් 25ක් මුදා හැරලා..

නත්තල් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන් සිරකරුවන් අතරේ එසේ නිදහස් කිරීමට කිසිසෙත් සුදුසුකම් ලබා නොමැති සිරකරුවන් 25 දෙනකුද නීති විරෝධී ලෙස මුදා හැර ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ, වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් චීනයේ සංචාරයක..

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි.

ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව ලැබූ අනුරාධපුරේ තිලකරත්න අතුරුදන්ලු..

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

විදුහල්පතිලා වර්ජනයක් කැදවයි..

ඩෙංගු මදුරුවන් බෝවන අවදානම සහිත ස්ථාන පාසල් පරිශ‍්‍රයකින් වාර්තා වුවහොත් ඒවායේ විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර තිබේ.

කොළඹ SJB නගරාධිපති අපේක්‍ෂකට හකීම්ගේ විරෝධය..

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට සමඟි ජන බලවේගයෙන් ඊසා සරුක් ඉදිරිපත් කරවීමට පෙර සමගි ජන බලවේග නායකත්වය අනෙකුත් පක්ෂ සමඟ යම් දුරකට සාකච්ඡා කරන්නට තිබුණේ යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පැවැසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.