News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව වැඩ කරනවා වෙනුවට පුවත් මවනවා... විදුලිබල මණ්ඩලය විකුණා දැමීමේ විපාකයෙන් වීදි පහන්වලටත් ප්‍රාදේශීය සභාවලට කෝටි ගණනක බිල්පත්...- සඳුන් බණ්ඩාර බෝදරගමගෙන් චෝදනා

Apr 30, 2026 at 05:58 PM
|

වත්මන් "පුනරුද රජය" ජනතාවට පොරොන්දු වූ පරිදි වැඩ කරනවා වෙනුවට දිනපතා අලුත් පුවත් මවන රජයක් බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සඳුන් බණ්ඩාර බෝදරගම මහතා චෝදනා කරයි. 

අද (30) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රජය විසින් ගනු ලබන වැරදි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රටේ දේපළ මහා පරිමාණයෙන් විනාශ වෙමින් පවතින බවයි.

භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන්

මෑතකදී මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එය මගහරිමින් සිටින බවත් බෝදරගම මහතා හෙළි කළේය. "ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතුවාට පසුව තමන් සහභාගී වන බව ලේකම්වරයා පවසා තිබෙනවා. ඇයි ජනාධිපතිතුමා ගිහින් පාර්ලිමේන්තුව 'බැලන්ස්' කරනකල් ඔහු ඉන්නේ?" යැයි ඔහු ප්‍රශ්න කළේය. මීට පෙර මහ බැංකුව යටතේ තිබූ රාජ්‍ය ණය කළමනාකරණය, රජය විසින් අලුතින් පිහිටුවූ රාජ්‍ය ණය කාර්යාලයට පැවරීම හරහා මෙම වංචාවට ඉඩකඩ සලසා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

දූෂණ වංචා රැසක් හෙළිවේ

ගල්අඟුරු ටෙන්ඩර් ප්‍රමාද කරමින් ලියාපදිංචි නොවූ නවක සමාගමකට ලබාදීම හරහා ඩොලර් බිලියන ගණනක පාඩුවක් රටට සිදුව ඇති බවත්, ලෝක වෙළඳපොළේ වැඩිම මිලට ඩීසල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. මීට අමතරව, වරායේ පැවති තදබදය අවම කිරීමේ මුවාවෙන් පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදාහැරීමට රජය අවසර ලබා දී ඇති බවද ඔහු පැවසීය. මේ සියල්ල නිලධාරීන් මත පටවා රජයට නිදහස් විය නොහැකි බවත්, මේවා රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත සිදුවූ දේවල් බවත් ඔහු අවධාරණය කළේය.

ක්‍රිකට් පාලනය සහ දේශපාලන ඇඟිලි ගැසීම්

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත් කිරීම සම්බන්ධයෙන්ද බෝදරගම මහතා සිය විරෝධය පළ කළේය. "රට බංකලොත් කළ ආර්ථික විශේෂඥයා කියා ජනාධිපතිතුමා එදා හඳුන්වා දුන් පුද්ගලයාම අද ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කර තිබෙනවා. මේ සඳහා ජනාධිපතිතුමාගේ හිතවතියකගේත් යම් ආගමික නිකායකත් සම්බන්ධයක් ඇති බවට අපට තොරතුරු තිබෙනවා," යැයි ඔහු පැවසීය.

ප්‍රාදේශීය සභාවලට විදුලි බිල් පති පෞද්ගලික සමාගමකින්

රජය විසින් විදුලිබල මණ්ඩලය අහෝසි කර පෞද්ගලික සමාගම්වලට පැවරීම හේතුවෙන් ප්‍රාදේශීය සභාවලට දැවැන්ත මූල්‍ය බරක් පැටවී ඇති බව බෝදරගම මහතා අනාවරණය කළේය. මීට පෙර නොමිලේ ලබා දුන් වීදි පහන් ආලෝකකරණය වෙනුවෙන් මේ වන විට "ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්" නම් පෞද්ගලික සමාගම විසින් වීරකැටිය ප්‍රාදේශීය සභාවට පමණක් රුපියල් එක්කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට අධික බිල්පතක් එවා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මේවා අවසානයේ ගෙවීමට සිදුවන්නේ ජනතාවගේ වරිපනම් මුදල් වලින් බවද ඔහු පැවසීය.

පුද්ගලීකරණය සහ අවසාන රොඩ්ඩ

පුද්ගලීකරණයට එරෙහිව බලයට ආ පිරිස් මේ වන විට හම්බන්තොට මීගස්සාර කිරිගව ගොවිපල වැනි රජයේ ආයතන පාඩු ලබන බව පවසමින් විකිණීමට සූදානම් වන බවටද ඔහු චෝදනා කළේය. "මේ රජය ජනතාවගේ හිත් හිරිවට්ටලා රස කතා කියනවා. ජනතාව දැන්වත් අවදි නොවූවොත් මේ රටේ ඉතිරි වී ඇති අවසාන රොඩ්ඩත් විනාශ වී යනු ඇතැයි" ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික සඳුන් බණ්ඩාර බෝදරගම මහතා විසින් 2026 අප්‍රේල් 30 වන දින බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පවත්වන ලද සම්පූර්ණ දේශනය පහත දැක්වේ.

"මම සඳුන් බණ්ඩාර බෝදරගම, මධ්‍යම කාරක සභාව, ජාතික නිදහස් පෙරමුණ. අපි දන්නවා වර්තමාන පුනරුද ආණ්ඩුව වැඩකිරීම කෙසේ වෙතත් පුවත් මවන රජයක් බවට පත්වෙලා තියෙනවා. දැන් එයාලා අපිට මතකයි ආණ්ඩුව අරගෙන මේ සමහර සමහර කාරණා නිසා එයාලට සමාජයෙන් විවේචනයක් එල්ල වෙද්දී ඒගොල්ලෝ කියන්න ගත්තු කාරණයක් තමයි ආණ්ඩුව ගත්තට අපිට තාම රාජ්‍ය බලය අත්පත් කරගන්න බැරි වුණා. අපි ඒ සඳහා තමයි උත්සාහ දරමින් ඉන්නේ. මේ පවතින රාජ්‍යතන්ත්‍රය දූෂිතයි. ඒ වගේ ඉන්නේ පහුගිය පාලකයින්ගේ හෙන්චයියෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීන්. ඒගොල්ලෝ තමයි මේ සමහර සමහර දූෂණ වංචා සිද්ධ කරන්නේ කියලා. දැන් මෙහෙම තමයිනේ මේගොල්ලෝ කියන්න ගත්තේ. හැබැයි අද දවසේ මම හෙළි කරනවා මේක එහෙම මේ රාජ්‍යතන්ත්‍රය ඇතුලේ රාජ්‍ය සේවකයෝ නැත්නම් ඒ නිලධාරීන්ගේ පිට පටවලා මේගොල්ලන්ට ගැලවෙන්න බැහැ. ඒකට හේතුව මෙයාලා ඒ සමහර බොහෝ කාරණා සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ අරගෙන ඒවට අවශ්‍ය ඒ වංචා දූෂණවලට අවශ්‍ය ඉඩකඩ හදලා දීලා තියෙනවා.

අපි එකින් එක ගත්තොත් පළවෙනි කාරණය අපි ගමුකෝ මේ ඉතාම ආසන්න මෑතක සිදු වෙච්ච කාරණය, මේ ඩොලර් මිලියන 2.5ක, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන් කියන කාරණය. එතකොට දැන් මේ කාරණයට ඉතා පැහැදිලිව අපි එක පැත්තකින් චෝදනා කරනවා මුදල් අමාත්‍යාංශ ලේකම් සූර්යපෙරුම මේකට සම්බන්ධයි කියන කාරණය. දැන් ඔහු ඒක සනාථ කරමින් ඉන්නවා. ඔහු ඊයේ දවසේ ලිපියක් යවමින් දන්වනවා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවට ඔහුට සහභාගී වෙන්න බැහැ, ඉදිරි දිනක සහභාගී වෙනවා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතුවයින් පස්සේ කියලා. එතකොට දැන් අපි අහන්නේ හර්ෂණ සූර්යපෙරුමලා දෙන තොරතුරුම නේද ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරන්න ඕනේ? එතකොට ජනාධිපතිතුමාට පස්සේ එන්නේ ඇයි? ඇයි ජනාධිපතිතුමා කතා කරලා කිව්වද 'මචන් ඔබ පොඩ්ඩක් ඉඳපන්, මම ගිහිල්ලා පොඩ්ඩක් පාර්ලිමේන්තුව බැලන්ස් කරායින් පස්සේ ඔබ ගිහිල්ලා උත්තර දීපන්' කියලා? එතකොට අපි කියනවා බොහොම පැහැදිලිව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පහුගිය දිනක මාධ්‍යයට ඇවිල්ලා එයා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරනවා. මහ බැංකුව යටතේ අවුරුදු 75කට වඩා වැඩි කාලයක් තිබුණු රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ඉවත් කරගෙන රාජ්‍ය ණය කාර්යාලයට පවරා ගත්තා කියන කාරණය. අන්න එතනින් පස්සේ තමයි මේ වංචාව සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකට අවශ්‍ය ඉඩ ඉතා පැහැදිලිව ප්‍රතිපත්තිමය තීරණයක් මත හදලා දීලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි, දැන් ගිය සතියේ දකිනවා එක පැත්තකින් සාම පාගමනක් ක්‍රියාත්මක වෙද්දී තරුණ ස්වාමීන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය සමගත් අරන් ගොඩ බහිනවා. එතකොට ඒක ඇතුලේ කියවෙන කාරණයක් තමයි තරුණ ස්වාමීන් වහන්සේලාට විදෙස්ගත වෙද්දී තමන්ගේ ගුරු හාමුදුරුවන්ගෙන් අවසර ලිපියක් අවශ්‍ය වෙලා තිබිලා තියෙනවා. හැබැයි ආගමික කටයුතු ඇමතිතුමා මාධ්‍යයට ඇවිල්ලා කියනවා, හින්දුම සුනීල් සෙනවි මැතිතුමා මාධ්‍යයට ඇවිල්ලා කියනවා, ඔහු අපි තාවකාලිකව ඒ අවසර පත්‍රය ලබා ගැනීම අවශ්‍ය නැහැ කියලා කිව්වා, අත්හැරියා කියලා. ඉතින් ඉඩ හදලා නැද්ද? දැන් අපි දන්නවනේ අර නායක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ගෝල හාමුදුරුවරු ගිහිල්ලා තියෙන්නේ නැගෙනහිර පළාතේ පිරිතකට වඩිනවා කියලා. උන්වහන්සේ දන්නේ නැහැ මේ කියන විදේශ සංචාරයට සහභාගී වුණාද කියලා. එතකොට ඒකට අවශ්‍ය ඉඩ හදලා තියෙනවා ඉතා පැහැදිලිව.

මේවා සැලසුම් සහගතව සිදුවන ක්‍රියාදාමයන් කියලා තමයි අපි මේ සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ. ඊළඟ කාරණය අපි ගමුකෝ ගල්අඟුරු වංචාව. ඔය බාල ගල්අඟුරු ගෙන්නලා පහුගිය වෙලේ ඩොලර් බිලියන ගණනක් රටට පාඩු කරේ. එතකොට ඉතා පැහැදිලියි ප්‍රසම්පාදන අනුමැතියකින් තොරව ඉතාම සැලසුම් සහගතව අප්‍රේල් මාසේ ටෙන්ඩර් කෝල් කරන්න ඕන එක අගෝස්තු දක්වා කල් දාලා, ලියාපදිංචිය නැති සමාගමකට ලියාපදිංචි කරගන්න අවසර දීලා, තමන්ගේ හිතවත් අයගේ සමාගමකට, නවක සමාගමකට මේ ටෙන්ඩර් එක දීලා තමයි මේ කෙලවා ගත්තේ. එතකොට ඉඩ හදලා නැද්ද? ඉඩ හදලා තියෙනවා. මේක ඉතා සැලසුම් සහගතව රජය මැදිහත් වෙලා කරන දේවල්.

ඊළඟට වැඩි මිලට ඉන්ධන ගැනීම. දැන් මීට පෙරේදා ලෝක ඉතිහාසයේ වැඩිම මිලට අපි ඩීසල් ගෙනල්ලා තියෙනවනේ. එතකොට ඉතින් ඉතා පැහැදිලියි මේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක්, මට මතක හැටියට විමලරත්නායක ඇමතිතුමා, එතුමා කියනවා 'ඔව් කඩෙන් හරි ඉන්ධන මිලදී ගන්න කැබිනට් අනුමතිය දුන්නා' කියලා. එතකොට රජය සම්බන්ධ නැද්ද? නිලධාරීන්ද මේවා කරලා තියෙන්නේ? ඊළඟට දැන් අපිට අමතක වෙමින් යන කන්ටේනර් මගඩිය. කන්ටේනර් 323ක් පිට වුණා කියලා ඒ කන්ටේනර් මගඩිය. ඉතා පැහැදිලිව ඇමතිතුමා කිව්වා 'ඔව්, තදබදය දුරු කිරීමේ අරමුණින් පරීක්ෂාවකින් තොරව ඒ කන්ටේනර් ටික නිදහස් කරන්න කියලා අපි අවසර දුන්නා' කියලා. එතකොට රජයේ මැදිහත් වීමක් නැද්ද?

එතකොට ඒක නිසා ඒ විතරක් නෙමෙයි දැන් ඉතින් තව මතක් කරන්න එපැයි දැන් ඊයේ දවසේ, මේ දවසින් දවස මම ඒකයි කිව්වේ පුවත් මවනවා කියලා, මේවට පිළිතුරු දෙන්නවත් වෙලාවක් නැති තරම් වේගයෙන්. අපි දකිනවා ලංකාවේ ඉතා ප්‍රබල ධනය සහ බලය හිමි ආයතනයක් වෙච්ච ක්‍රිකට් පාලක මණ්ඩලය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ශම්මි ද සිල්වා මැතිතුමා ඉල්ලා අස්වෙනවා. ඒකට අලුතෙන් පත් කරනවා එරාන් වික්‍රමරත්න මැතිතුමාව. එරාන් වික්‍රමරත්න කියලා කියන්නේ සජබේ ක්‍රියාකාරී දේශපාලඥයෙක්. ඒ විතරක් නෙවෙයි වර්තමාන අපේ රජයේ ජනාධිපතිතුමා එරාන් වික්‍රමරත්න ගැන කිව්වේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික විශේෂඥයෙක් කියලා, එතකොට ඒගොල්ලෝ තමයි මේ රට බංකලොත් කරේ කියලා. දැන් එහෙම බංකලොත් කරපු එරාන් වික්‍රමරත්න අද හොඳයි ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න. ඒ විතරකුත් නෙවෙයි, අපිට හිතෙනවා, අපිට ආරංචි තියෙනවා ඒ සඳහා ජනාධිපතිතුමාගේ හිතවතියකුත් සම්බන්ධ වුණා කියලා. එතුමිය හරහා කිසියම් ආගමික නිකායකට අයත් කණ්ඩායමකට මේක පැවරුවා කියන කාරණය. එතකොට අපිට තියෙන ප්‍රශ්නය මේ හිතවත්කම් නෙවෙයි. අපිට ආගමික නිකාය ප්‍රශ්නයකුත් නැහැ. අපිට තියෙන ප්‍රශ්නය රටේ ක්‍රිකට්වලට මොකද වෙන්නේ? මේ රටට මොකද වෙන්නේ කියන කාරණය. එතකොට මේ වගේ කල්ලි කණ්ඩායම් එක්ක තමයි මේගොල්ලෝ ගනුදෙනු කරමින් ඉන්නේ මේ වෙද්දී. ඒක අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනා.

එතකොට නැවත මතක් කරන්න ඕන හර්ෂණ සූර්යපෙරුම අද පාර්ලිමේන්තුව මග අරිනවා. හැබැයි මේ ජනාධිපතිතුමා නැත්නම් මේ රජය බලයට ආවෙම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කියලා ඔහු විදේශගත වෙලා දැන් සැඟවිලා ඉන්න කෙනා ලංකාවට ගේනවා කියලා. දැන් ලංකාවට ගේනවා කෙසේ වෙතත් ඔවුන්ගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකම් අද පාර්ලිමේන්තුවට ගෙන්නගන්න බැරි වෙලා තියෙනවා. විලිලැජ්ජයිනේ! තවත් කතා කරන්න දෙයක් නැහැ. විලිලැජ්ජයි. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් කියනවා දැන් පාර්ලිමේන්තුවට එන්නේ නැති හර්ෂණ සූර්යපෙරුම හෙට දවසේ රටේ නැතිවෙයි. ඒ හින්දා රටෙන් පලායෑම වළක්වන්නවත් අවම වශයෙන් ඒ අවශ්‍ය පියවර ගන්න කියන කාරණය අපි සිහිපත් කරනවා.

ඒක නිසා ඉතින් මේ රටේ ජනතාවගේ හිත් හිරිවට්ටලා, රස කතා කියලා හිත් හිරිවට්ටලා අදටත් සමහර වෙලාවට රටේ ජනතාව ඉන්නේ සිහිමූර්ජා වෙලා. ඒගොල්ලන්ට දැන් හැබැයි අපි සිහිපත් කරන්න ඕනේ ජාතික නිදහස් පෙරමුණ විදිහට, දැන්වත් අවදි වෙන්න කාලය ඇවිල්ලා, මේ අවදි වෙන්න කාලය ලං වෙමින් ඉන්නේ. එහෙම නැත්නම් ඔබ දැනටවත් අවදි නොවුණොත්, ඔබ තවදුරටත් නිද්‍රාශීලීව හිටියොත් මේ රටේ ඉතුරු වෙලා තියෙන අවසාන රොඩ්ඩවත් ඉතුරු වෙන එකක් නැහැ කියන කාරණය අපි අවධාරණය කරන්න කැමතියි. අපිට මතකයි මේ ආණ්ඩුව බලයට එද්දී කිව්වේ අර මහා භාණ්ඩාගාරයේ දේවල්, රාජ්‍ය දේපල, සඟ සතු දේපල විදිහට ආරක්ෂා කරන්න සූදානම් කියලා. හැබැයි දැන් මේ වෙනකොට එක පැත්තකින් ඒ කියපු සංඝ ශාසනයේ පින් කැටයටත් කෙළියා, මහා භාණ්ඩාගාරයේ තියෙන සල්ලි ටිකත් ගත්තා හොරකම් කරා. ඒ විතරක් නෙමෙයි මෙන්න දැන් විකුණන්න සූදානම් වෙලා තියෙනවා මේ පුද්ගලීකරණයට එරෙහිව ආපු අය.

පුද්ගලීකරණයට එරෙහිව ආපු අය දැන් ඔන්න සූදානම් වෙලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු පළාත් සභාව යටතේ තියෙන මීගස්සාර පශු වෛද්‍ය කාර්යාලය යටතේ තියෙන කිරිගව ගොවිපල, ආදර්ශ කිරිගව ගොවිපල, අක්කර පහක භූමිය විකුණන්න. සේවකයෝ එකොළහයි, කිරිගවයෝ පස්දෙනයි. දැන් කියනවා ඔඩිට් රිපෝට් ගණනාවක් ඇවිල්ලා තියෙනවා පාඩුවයි කියලා. ඒක නිසා අපි මේක වහලා දාන්න තීරණය කරා කියලා. අපිට ආරංචි විදිහට ප්‍රදේශවාසීන්ගෙන් අත්සන් අරන් තියෙනවා මේක රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයකට දෙන්න කැමැත්ත අරගෙන තියෙනවා. මීට වඩා දියුණු ව්‍යවසායක් ගමට ගේන්න කැමතියි කියලා ගමේ මිනිස්සු අන්දලා ලියුම් අරන් තියෙනවා. කිරි ගව ගොවීන් නෙවෙයි, අවට ඉන්න ගමේ මිනිස්සු අන්දලා. එතකොට දැන් මේ මහත්තයලා ආවේ මේ පාඩු ලබන ආයතන ලාභ ලබන්න සලස්වනවා කියලා. දැන් මෙන්න පාඩුයි කියලා විකුණනවා. පාඩුයි කියලා විකුණන්න සූදානම් වෙලා තියෙනවා.

ඊළඟ කාරණය තමයි මෙන්න ඇවිල්ලා තියෙනවා මේක දැන් ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා නගර සභාවලට මේ ලිපිය ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට, මෙන්න මේක ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන පුද්ගලික සමාගමෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා දැන් මේ වෙනකොට ලංකාවේ විදුලිබල මණ්ඩලයක් නැහැ, ඒක අහෝසියි. දැන් පෞද්ගලික සමාගම්වලට විකුණලා ඉවරයි. මේ විකිණීමට එරෙහිව ආපු මහත්තුරු, මෙන්න දැන් ලියුමක් එනවා ප්‍රාදේශීය සභාවලට, නගර සභාවලට. මේක එවලා තියෙන්නේ තංගල්ල ප්‍රධාන විදුලි ඉංජිනේරු, වීරකැටිය ප්‍රාදේශීය සභාවට එවපු ලිපිය මගේ ළඟ තියෙන්නේ. වීදි දැල්වීම වෙනුවෙන්, අපි දන්නවා ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යභාරයක් තමයි වීදි ආලෝකමත් කිරීම. එතකොට වීදි පහන් දැල්වීමට මෙතෙක් කල් විදුලිබල මණ්ඩලයෙන් මේවට මුදල් අය කරේ නැහැ. නොමිලේ ලබා දීපු සේවාවක්. එතකොට මෙන්න පුද්ගලික සමාගමෙන් එවලා තියෙනවා දැන් ඉදිරි වර්ෂයක් නෙමෙයි, මේ එවලා තියෙන්නේ 2024 සහ 2025 වර්ෂ සඳහා. ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් කියන පුද්ගලික සමාගමෙන් එවලා තියෙනවා 2024 වර්ෂයට වීරකැටිය ප්‍රාදේශීය සභාවේ වර්ෂයක් තුළ වීදි පහන් දැල්වීම වෙනුවෙන් බිල්පතක් එවලා තියෙනවා එක්කෝටි හැට නව ලක්ෂ අසූ දෙදහස් හත්සිය විසි හතක. 2024 වර්ෂයට. මේ පහුගිය ඒවා. එතකොට 2025 වර්ෂය සඳහා බිල්පතක් එවලා තියෙනවා එක්කෝටි හැත්තෑ තුන් ලක්ෂ විසි පන්දහස් පන්සිය අසූවක.

දැන් එතකොට මේක සභාවේදී සාකච්ඡාවට ගත්තු වෙලාවේ මේ මහත්තුරු මේවා ඉතාම සැලසුම් සහගතව කරන්නේ. ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කියනවා 'අපිත් මේකට විරුද්ධයි, ඒක නිසා අපි මේක විෂයභාර ඇමතිතුමා එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගන්න බලනවා' කියලා. අපි දන්නේ නැහැ පුද්ගලික සමාගමක කාර්යයන්, ඒ ලාභය ඇමතිතුමාට තීරණය කරන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි අපි දන්නවා මේක ඇතුළෙත් තව සැලසුමක් තියෙනවා. මේ එවලා තියෙන්නේ පහුගිය වර්ෂ සඳහා. දැන් මේගොල්ලෝ ඊළඟට කියන කාරණය තමයි, 'අපි ඇමතිතුමා එක්ක, මේ පුද්ගලික සමාගම එක්ක සාකච්ඡා කරා, ඒගොල්ලෝ අපිට සහනයක් දුන්නා, ඔන්න පහුගිය වර්ෂ දෙකේ බිල්පත් අපි අයින් කරගත්තා, හැබැයි 2026 වර්ෂයේ ඉඳලා නම් ගෙවන්න වෙනවා' කියලා. අපි හිතනවා මේ සැලසුම එතනට එන්නේ කියලා. ඒක නිසා ඉතා පැහැදිලියි මේගොල්ලෝ දැන් මේ පුද්ගලීකරණයට විරුද්ධ වෙච්ච මහත්තුරු මෙන්න පුද්ගලීකරණය දැන් කරගෙන යන විදිහ. එහෙන් රාජ්‍ය දේපල විකුණන්න දාලා තියෙනවා, වහලා දාන්න දාලා තියෙනවා. එහෙන් විකුණපු රාජ්‍ය දේපල දැන් මේ පුද්ගලික සමාගම් ජනතාවට හිරිහැර කරමින් ඉන්නවා. අපි දන්නවා මේක සභාවෙන් ගෙව්වොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් ජනතාවගේ වරිපනම්වලින්, පොළ බදු වලින් මේවා ගෙවන්න ඕනේ. සභාව දුවන්නේ ඒවාගෙන්නේ. එහෙනම් බොහොම පැහැදිලියි.

ඒක නිසා මේගොල්ලෝ කියපුවා කෙසේ වෙතත් මේ රටේ ඉතුරු වෙලා මොනවාහරි දෙයක් තිබ්බා නම් ඒ රොඩ්ඩත් අවසන් කරන්න මේ කටයුතු කරමින් ඉන්නේ. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ විදිහට මේ මාධ්‍ය හමුව අවසන් කරන්න කැමතියි.

කුසට සාගිනි, හදට සෝගිනි, ඉනට වැරහැලි කැබලි එල්ලා, 

සිටි ඔබට බොරු සිහින පෙන්නා බලය ගෙන රට රැවටූ හින්දා, 

නැතැයි කියපු දේවල් නොකෙරුවොත් උඹලා හට කිසිමදා නැගිට පල්ලා, 

සිහි එළවාගෙන පෙරට එන්නට කාලය ඇවිල්ලා!"

සම්බන්ධිත පුවත් | Related News

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.
සංස්කෘතික උත්සව පැවැත්වීම මගින් මෙරට වෙසෙන වෙනත් කිසිදු ජාතියකට හෝ ආගමික ප්‍රජාවකට සිත් රිදවීමක් සිදු නොවිය යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.
එල් - නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.
රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට වෙඩි වැදුණු බව කියන පිස්තෝලයේ අවසන් ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීම දුෂ්කරවී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (22දා) පැවසීය.
පසුගිය වසර 15ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි විවාහ සංඛ්‍යාව 28%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බවත් උපත් සංඛ්‍යාවද දිගින් දිගටම අඩුවෙමින් පවතින බව නිල දත්ත පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සමඟ අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.