රුසියාවෙන් ලබාදෙන බොරතෙල් ලබාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය උද්ඝෝෂණයක..
පසුගිය දින කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපස දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් වර්තමානයේ පවතින බලශක්තිය අර්බුදයට විසඳුමක් ලෙස රුසියාවෙන් ලබාදුන් බොරතෙල් ලබාගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
ඒ අතරතුරම එම සංවිධානය විසින් රුසියාවටත් පූටින් ජනාධිපතිවරයාටත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන්ටත්, ලංකාවට උදව් කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් රුසියානු ධජත් රැගෙන රුසියානු රජයට ස්තුතිය පළ කිරීම ද එහිදී සිදුකරන ලදී.
එහිදී අදහස් දැක්වූ දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර කියා සිටියේ වමේ සුවඳ තිබෙන ආණ්ඩුවක් ලෙස වර්තමාන ජනාධිපතිවරයා පත්වී කෙටි කාලයක් ඇතුළත රුසියානු රජයේ ඉහළම නියෝජිතයන් දෙදෙනෙක් මෙරටට පැමිණි අතර එහිදී ඉතාම අඩු සහ සහන මිලට රුසියානු බොරතෙල් ලබා ගැනීමේ ඉතා ඉහළ අවකාශයක් නිර්මාණය වී ඇති බවයි.
නමුත් මෙම වර්තමාන ආණ්ඩුව එය මඟහරිමින් කල්හරිමින් රටේ ජනතාවට දැවැන්ත සහන් ප්‍රමාණයක් ලබාදිය හැකි මෙම සහන ලබා නොගෙන, එක අතකින් රුසියානු රජයත් මිත්‍රශීලීත්වයෙන් දුරස් කරගෙන අනිත් පසින් මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් සහන සියල්ල වළක්වමින් සිටින්නේ මන්දැයි විමසන ලදී.
එහිදී ඔහු කියා සිටියේ ඇමෙරිකාවේ හෝ ඉන්දියාවට යටත් වී, එසේත් නැමැති නම් පැරනි ආණ්ඩුවල පවුල් සංස්ථාවන්ගෙන ගිය බලශක්ති මාෆියාවට මේ වර්තමාන ආණ්ඩුව එකඟවී හෝ යටත් වී ඇති බව පෙනෙන බවයි.
එසේ නොමැතිනම් කුමන තත්ත්වයක් යටතේ ද මෙම රුසියානු බොරතෙල් ප්‍රතික්ෂේප කරමින් ජනතාවට සහන ලබා නොදෙමින් කල් මරමින් සිටින්නේ මන්දැයි ඔහු තවදුරටත් ප්‍රශ්න කර සිටින ලදී.
මෙහිදී පැරණි ජවිපෙ ආකර්ෂණීය සටන් පාඨ ද මේ උද්ඝෝෂණය පුරාම දකින්නට ලැබිණි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!