News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායලයේ යෙෂ් ආටිඩ් පක්ෂයේ ජනතා නියෝජිත බෝවාස් ටොපොරොව්ස්කි නැවත වරක් තායිවාන් කලාපයට ප්‍රකෝපකාරී සංචාරයක් කිරීම සම්බන්ධයෙන් කළ අදහස් විමසීමට ප්‍රතිචාර දැක්වූ , ඊශ්‍රායලයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු අද(07) පැවසුවේ ටොපොරොව්ස්කි සහ තවත් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු නැවත වරක් තායිවානයට චීනය ප්‍රකෝපක කරන සංචාරයක් සඳහා කුමන්ත්‍රණය කර ඇති බවයි.

ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගත් විශේෂඥයින් පිරිසක් වෝල් ස්ට්‍රීට් ජර්නලය වෙත පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබෙන ඇමරිකානු කඳවුරු තවදුරටත් ආරක්ෂාව සහතික කිරීමේ සාධකයක් නොවන බවයි. .

චීනයේ වාණිජ අමාත්‍යාංශය "සෙවනැලි බලඇණි" භාවිතා කරමින් ඉරාන තෙල් ආනයනය කිරීම සඳහා අවසර දී තිබූ චීන පිරිපහදු පහකට එක්සත් ජනපදය විසින් පනවා තිබූ සීමාවන් මැයි 2 වන දින සිට අභියෝගයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පසුගිය 4 වනදා අනතුරු ඇඟවූයේ මැදපෙරදිග යුද්ධය 2027 වර්ෂය දක්වා ඇදී ගියහොත් සහ තෙල් මිල බැරලයකට ඩොලර් 125 ක් පමණ වුවහොත් ගෝලීය ආර්ථිකය "වඩා නරක ප්‍රතිඵලයකට" මුහුණ දෙනු ඇති බවයි.

ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (06) උදෑසන චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ "ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්" (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබීමෙන් පසු, රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට විජේගේ TVK පක්ෂය තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු හමුදාවේ ඉලක්ක බවට පත්වූ ඉරාන යාත්‍රා හය, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) අයත් යාත්‍රා නොව භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ සිවිල් යාත්‍රා බවත්, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, සිනමා නළු තලපති විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබේ.


ප්‍රධාන පුවත්

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.