

රුසියාවේ විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් කලාපයේ සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත්ය. සති අන්තයේ ඊශ්‍රායලයට ටෙහෙරානයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊයේ(14) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම අභියාචනය කරන ලදී.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරානයේ ඓර්‍ණැ ප්‍රවෘත්ති ඒජන්සිය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රරුත්ති නිවේදනයක් උපුටා දක්වමින් පවසයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ හමුදාව "වැදගත් මිලිටරි ඉලක්ක" වෙත පහර දී විනාශ කිරීමට සමත් විය යනුවෙන් එම ප්‍රවෘත්තිය පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ටෙල් අවිව් නුවර පසුගිය 6 වෙනිදා විරෝධතාවයක යෙදුනු පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. කෙසේ වුවද රියදුරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. එරට පොලිසිය සමාජ ජාලා වෙත කරන ලද කෙටි ප්‍රකාශයකට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ රාජ්‍ය විරෝධී රැලියක් පැවැත්වෙන ටෙල් අවිව් නුවර "නමිර්" මාර්ගයේය.. මෙම රැළිය ඊශ්‍රායලය පුරා අගමැති නෙතන්යාහුට ඉවත්වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවල කොටසක් වූ අතර එහිදී ඊශ්‍රායල ජනතාව තවමත් ගාසා තීරයේ හමාස් ත්‍රස්තයන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙසද බල කර සිටියේය.

ජර්මානු පොලිස් සංගමයේ (DPolG) ඹවරිඅන් අංශය නිල ඇඳුම් හිඟයක් සම්බන්ධයෙන් කලකිරීම ප්‍රකාශ කිරීමට කලිසම් නොමැතිව නිලධාරීන් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කර තිබේ. පසුගිය 01 දා සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන පෙලක් මගින්, ජර්මානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ මුර සංචාර මෝටර් රථයෙන් බැස කෙටි සංවාදයක් පවත්වනු ලබති. "ඉතින්, ඔබ කොපමණ කාලයක් බලා සිටියාද?" එවිට එක් අයෙකු මාස හතරක් ලෙස්ත් අනෙක් නිලධාරියා මාස හයක් ලෙසත් පවසයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා සිය බී.එම්.ඩබ්ලිව් මුර සංචරණ රථයෙන් බිමට බහින්නේ කලිසම් නැති බව පෙන්වමිනි.
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
