මැදපෙරදිගට සාමය අවශ්‍යයි - කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශය
පසුගිය අප්‍රේල් 13 වනදා ඉරානය ඊශ්‍රායල භූමියේ තෝරාගත් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරය සහ ඒ සඳහා බලපෑ හේතුද අනාගතයේ මැද පෙරදිග කලාපයේ යුද ගැටුම් ඇතිවීම වැලැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද කියුබානු විදේශ සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.
පහත පළ වන්නේ එම මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනයයි...
ඊශ්‍රායලය, එක්සත් ජනපද ආණ්ඩුවේ අනුග්‍රහය සහ සහාය ඇතිව, මැදපෙරදිග රටවලට එරෙහිව ක්‍රියාකිරීමත් ප්‍රචන්ඩ ක්‍රියාවන් වලට ලැබී ඇති දණ්ඩමුක්තිය නිසා මතුවන අන්තරායන් සම්බන්ධයෙන් කියුබානු රජය සමස්ත ලෝක ජනයා වෙත අනතුරු අඟවමු. ජාත්‍යන්තර නීතිය සහ 1961 වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝණය කරමින් දමස්කස් හි ඉරාන ඉස්ලාමීය ජනරජයේ කොන්සල් කාර්යාලයට නීති විරෝධී ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව අනතුරේ හෙළා ඇති අතර, ලෝක සාමය පවත්වාගෙන යාමේදී අනපේක්ෂිත ප්‍රතිවිපාක මෙන්ම ගැටුම කලාපීයකරණය කිරීමටද හේතු වී තිබේ. අප්‍රේල් මස පළමු වනදා ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම ඊයේ(13) රාත්‍රියේ ඉරාන රාජ්‍යය දැක්වූ ප්‍රතිචාරයට උත්ප්‍රේරකයක් විය.
පලස්තීන ජනතාවට එරෙහිව මේ වන විට සිදු කෙරෙමින් පවතින ජන සංහාරයට තිත තැබීම සඳහා ගාසා තීරයේ ක්ෂණික සහ ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය වන අතර මැදපෙරදිග කලාපයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීම නතර කිරීම සඳහා වන අපගේ ඉල්ලීම අපි යළිත් තහවුරු කරමු. කියුබාව සැමවිටම සාමය, යුක්තිය සහ ජාත්‍යන්තර නීතියට ගරු කරන පාර්ශවයේ සිට ගනු ඇත.
ඊශ්‍රායල-පලස්තීන ගැටුමට විස්තීර්ණ, සාධාරණ සහ කල්පවත්නා විසඳුමක් ලබා ගැනීමට 1967 ට පෙර පැවැති දේශසීමා තුළ ස්වෛරී සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම ඇප කැප වන තුරු මැද පෙරදිග සාමයක් සහ ස්ථාවරත්වයක් ඇති නොවන බව අපි නැවත අවධාරණය කරමු.ඒ අනුව නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර වන අතර සරණාගතයින්ට ඔවුන්ගේ ඉඩම් වෙත ආපසු යාමට ඉඩ සලසනු ඇත. එලෙසම, තවදුරටත් ප්‍රමාදයකින් තොරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු ලෙස පලස්තීන රාජ්‍යය ඇතුළත් කර ගැනීම සහතික කළ යුතුය.
2024 අප්‍රේල් 14 හවානා හිදී
Cuba calls for peace in the Middle East.Statement by the Ministry of Foreign Affairs
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්