රුසියාවේ ඩැගෙස්තානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය (වීඩියෝ)
රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAC) දකුණු රුසියානු ප්‍රදේශයේ Dagestan හි දුසිමකට අධික පිරිසක් මිය ගිය ප්‍රහාර මාලාවෙන් පසුව එහි ස්ථානගත කොට සිටින ත්‍රස්ත මර්දන ඒකක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දර්ශන නිකුත් කර ඇත.
මෙම ප්‍රහාරයේ දී තුවක්කුකරුවන් විසින් ප්‍රාදේශීය අගනුවර වන මකච්කාලා සහ ඩර්බන්ට් නගරයට පහර දෙමින් ක්‍රිස්තියානි සහ යුදෙව් දේවාලවලට ප්‍රහාර එල්ල කර තිබේ.
ඩර්බන්ට් හි, ත්‍රස්තවාදීන් පෙන්තකොස්ත ඉරිදා දින ඕතඩොක්ස් පල්ලියකට කඩා වැදී අගරදගුරු නිකොලායි කොටෙල්නිකොව් පියතුමා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරා දැමූ බවයි ආරක්ෂක නිලධාරීන් පවසන්නේ.
ත්‍රස්ත කන්ඩායම විසින් ඩර්බන්ට් සිනගෝගයට ගිනි තබා ඇති අතර, එහි මෑතදී තරකරනු ලැබූ ආරක්ෂාව බිඳ දමමින් පොලිස් ස්ථානයේ සාමාජිකයින්ට වෙඩි තබා ඇති බව රුසියානු යුදෙව් කොංග්‍රසය (RJC) තහවුරු කර ඇත.
මකච්කාලා හි ත්‍රස්තවාදීන් රථවාහන පොලිස් මුරපොලකට ප්‍රහාර එල්ල කරමින් සිය ගමන ආරම්භ කළ බව වාර්තා වේ. පසුව එම පිරිස සිනගෝගයකට පහර දුන් බව රුසියානු යුදෙව් කොංග්‍රසය පවසයි.
ත්‍රස්ත මර්දන මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඩර්බන්ට්හිදී සටන්කාමීන් දෙදෙනකු උදාසීන කර ඇති අතර, මකච්කාලාහිදී තවත් තිදෙනෙකු උදාසීන කළ බව NAC මාධ්‍ය සේවය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
WATCH footage from Russian terror attack response in Dagestan
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..