News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයේ නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් 'බ්‍රික්ස්' හවුලට සම්බන්ධ සියලු රටවල්, ඇමෙරිකන් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, එම රටවලට දැනට පනවා ඇති අනෝන්‍ය තීරු බදුවලට අමතරව, තවත් සියයට 10 ක තීරු බද්දක් පනවන බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමුවරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රබන්ධයකට වඩා වෙනස් කතාවක් මේ වන විට ලොව පුරා ජන මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පවත්ව තිබේ.

තලේබාන් සංවිධානය 2021 දී බලය අල්ලා ගැනීමෙන් පසු පිහිටවූ ඇෆ්ගනිස්ථානයේ ‘තලේබාන් රජය’ නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත්ව තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අරමුණක් තමයි අමෙරිකානු ඩොලරය ලොව ප්‍රමුඛතම විනිමය ඒකකය ලෙස තවදුරටත් තහවුරු කිරීම වුවත්, දැන් සිදුවන්නේ ඊට ප්‍රතිලෝම ක්‍රියාවලියක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද අවාමි ලීග් නායිකා සහ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට ඊයේ (02දා) මාස හයක සිර දඬුවමක් නියම කළ බව ද ඩකා ට්‍රිබියුන් වාර්තා කරයි.

එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.

ඊශ්‍රායලය සමඟ ඉරානය එළඹෙන අනාගත ඕනෑම යුද්ධයක් ඊශ්‍රායලයේ “අවසාන” යුද්ධය බවට පත් කිරීමට ටෙහෙරානය සූදානම් බව පසුගිය 30 වනදා නම සඳහන් නොකළ ඉරාන ඉහළ පෙළේ හමුදා නිළධාරියෙක් RT පුවත් වෙබ් අඩවිය වෙත පැවසුවේ, ඉරානය ඊශ්‍රායල මිසයිල් ආරක්ෂක පද්ධති අභිබවා යා හැකි දියුණු මිසයිල අත් පත් කරගෙන ඇති බවට අනතුරු අඟවමිනි.


ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.