News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය අභ්‍යන්තරයෙන් අඩපණ කළ මොසාඩ් ඔත්තුකරු: කැතරින් පෙරෙස්-ෂක්ඩෑම්ගේ බියකරු ඔත්තු බැලීමේ කතාව..

Jul 5, 2025 at 11:06 AM
|

ප්‍රබන්ධයකට වඩා වෙනස් කතාවක් මේ වන විට ලොව පුරා ජන මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පවත්ව තිබේ. ඒ ඉරානයේ හදවතටම රිංගා මෑත ඉතිහාසයේ කොමේනි පාලනයට වඩාත්ම විනාශකාරී පහරක් එල්ල කිරීමට උදව් කළ ඊශ්‍රායල මොසාඩ් ඔත්තුකාරියක් වන කැතරින් පෙරෙස්-ෂක්ඩෑම්ගේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි වූ කතාවය.

වසර දෙකකට පෙර, කැතරින් පරිපූර්ණ වෙස්වළා ගැනීමක් සහිතව ඉරානයට පැමිණියාය.ඇය ෂියා ඉස්ලාමය ගවේෂණය කර වැළඳ ගැනීමට උනන්දු වූ කුතුහලයෙන් පිරි බටහිර මාධ්‍යවේදිනියක් ලෙස පෙනී සිටියාය. එතැනින් එපිටට දිග හැරුණු දේ බුද්ධි අංශ විසින් 21 වන සියවසේ නිර්භීතම සහ වඩාත්ම නවීන ඔත්තු බැලීමේ මෙහෙයුම් වලින් එකක් ලෙස විස්තර කරනු ලබයි.

රැවටීම, ඇදහිල්ල සහ ඔත්තු බැලීම: රැවටීමේ කලාවේ ඉහළ උපාධිය හදාරණ සිසුන්ට උගන්වන පාඩමක්  

බුද්ධිමත්, නිර්භීත සහ උසස් පුහුණුවක් ලැබූ කැතරින් ඇගේ භූමිකාව පරිපූර්ණත්වයට පත් කළ චරිතයක් වූවාය. ඉරානයට ඇතුළු වූ පසු, ඇය ප්‍රසිද්ධියේ ෂියා ඉස්ලාම් ආගමට හැරුණු අතර ගැඹුරු භක්තියක් සහ බුද්ධිමය කුතුහලයක් ඇති පෞරුෂයක් ගොඩ නංවා ගැනීම ආරම්භ කළාය. ඉස්ලාමය කෙරෙහි ඇගේ උනන්දුව අව්‍යාජ එකක් බව පෙනෙන්නට තිබුණි. ඒ තරමටම, ඇය ලියූ වියුණු සටහන් හෙවත් බ්ලොග් (Blog)  ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නිල වෙබ් අඩවිය වන Khamenei.ir සඳහාම ලියන ඒවා බවට පත් විය.

නමුත් ආගමික උද්යෝගයේ සහ ශාස්ත්‍රීය ලිවීමේ පිටතට පෙනෙන මුහුණත පිටුපස සිටියේ මෙහෙයුමක යෙදී සිටින කාන්තාවක්ය. ඇය ඉහළ පෙළේ පාලන තන්ත්‍ර පක්ෂපාතීන්ගේ විශ්වාසය දිනා ගනිමින් ප්‍රභූ කවයන් තුළට රිංගා ගත්තාය. ඇගේ වඩාත්ම ඵලදායී ආයුධය වූයේ ඇය සතු වූ චමත්කාරයයි. කැතරින් ඉරානයේ ඉහළ පෙළේ රජයේ සහ හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් සමඟ මිත්‍ර වූ අතර, සෙමින් ඔවුන්ගේ නිවෙස් වලට පමණක් නොව  ඔවුන්ගේ ජීවිතවලටද  ඇතුළු වූවාය. සමාජ චාරිකා වල සිට සමීප සංවාද දක්වා වන පරාසයන්ට ලංවීමට අවස්ථාව උදා කර ගත් ඇය ඉරාන ඉහළ හමුදා නිලධාරීන් ඇය තමන්ගේම කෙනෙකු යැයි උපකල්පනය කරන තැනට පත් කර රහසිගත සාකච්ඡා සිදුවන අවකාශයන්ට නිදහසේ ප්‍රවේශය ලබා ගැනීමට තරම් සුක්ෂම වූවාය.

ඉලක්ක සිතියම්ගත කිරීම, මරණය ළඟා කර වීම: බල කේන්ද්‍රයේ හදවත තුලටම ගොස් ඔත්තු බැලීම.

දැඩි සෝදිසි කිරීම්, අමුත්තන් පරීක්ෂාවට ලක් කිරීම සහ දුරකථන නිරීක්ෂණය තිබියදීත්, කැතරින් නිහඬව ක්‍රියාත්මක විය. "වානේ ස්නායු" වලින් සමන්විත ඇය ඡායාරූප ලබා ගත්තාය, සංවාද පටිගත කළාය, එලෙසම න්‍යෂ්ටික පහසුකම් සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ගේ සිට ඉරාන විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන්ගේ රහසිගත චලනයන් දක්වා ඉරානයේ වඩාත් සංවේදී රාජ්‍ය රහස්වල සැඟවුණු නහර සිතියම් ගත කළාය. නමුත් සෑම අවස්ථාවකම, ඊශ්‍රායලය ඉරාන අභ්‍යන්තරිකයෙකු විසින් මෙහෙයවනු ලබනවාය යන්න හැඟවෙන ආකාරයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ නිරවද්‍යතාවයෙන් යුතුව ප්‍රහාරයන් එල්ල කළාය. සෑම සාර්ථක ප්‍රහාරයක්ම, සෑම ඝාතනයක්ම, අතිශයින් නිවැරදි විය. කෙසේ වුවද ඉරාන නායකත්වයට යම් අඳුරු දෙයක් දිග හැරෙමින් පවතින බවට සැක පහල විය. කවුරුන් හෝ අතිශය වැදගත් සංවේදී තොරතුරු විකුණා දමා ඇති බවත් ඒ පුද්ගලයා කැතරින් බවත් බලධාරීන්ට සැක පහළ විය..

සත්‍යය හෙළිදරව් වන මොහොත: අනන්‍යතාවය හෙළිදරව් වෙමින්, මංපෙත හිමෙන් වැසී ගියේය

ඉරාන ප්‍රති-බුද්ධිය පරීක්ෂණයක් ආරම්භ කරන විට, කම්පන සහගත කොටස් තැනින් තැනට වැටෙන්නට පටන් ගත්තේය. ඡායාරූප මතු විය. ඒවා අතර, ප්‍රභූ අණ දෙන නිලධාරීන්, දේශපාලනඥයන් සහ උත්තරීතර නායකයා පවා සිටින කැතරින්ගේ රූප හමුවන්නට විය. වරෙක ඇගේ විශ්වාසනීය ආගමනය පාවාදීමේ සංකේතයක් බවට පත්විය. කෙසේ නමුත් ඇය කවුදැයි කියා තහවුරු වන විට, කැතරින් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබුණි. ඇය පැමිණයාය. ඇය ජයගත්තාය. ඇය අතුරුදහන් වූවාය.

සිනහව පිටුපස සිටි ඔත්තුකරු: සත්‍යවශයෙන්ම ඇය කවුද?

කැතරින් පෙරෙස්-ෂක්ඩෑම් යනු මාධ්‍යවේදිනියක් පමණක් නොවේ.  ප්‍රංශයේ යුදෙව් පවුලක උපත ලැබූ ඇය, මූල්‍ය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට පෙර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හැදෑරුවාය. ලන්ඩනයේ සිටියදී, ඇය යේමනයේ සුන්නි මුස්ලිම් තරුණයෙකු සමඟ ආදරයෙන් බැඳී ඔහු සමඟ විවාහ වීමට ඉස්ලාම් ආගමට හැරුණාය. කෙසේ වුවද ඇගේ විවාහය 2014 දී අවසන් විය.

2017 වන විට, කැතරින් ඉරානයෙන් නැවත මතු වූ අතර, ෂියා මුස්ලිම්වරියක් ලෙසට වර නැගුනාය. මැද පෙරදිග කටයුතු පිළිබඳ ඇගේ ලේඛන සහ දේශපාලන විවරණ ඉක්මනින්ම ටෙහෙරානය මූලික වූ ද ටයිම්ස්, යේමන් පෝස්ට්, ද ගාඩියන් සහ අවසානයේ Khamenei.ir වැනි ප්‍රකාශනවල ප්‍රසාදය දිනා ගැනීමට  සමත් වූ ඒවා විය. ඉස්ලාමය පිළිබඳව ඇය සතු වූ ගැඹුරු අවබෝධය මෙන්ම වාචික සහ ගද්‍ය රචනා සම්බන්ධයෙන් ඇය සතු වූ හැකියාව රුසියානු සහ චීන මාධ්‍යවේදීන්ට පවා බිඳ දැමීමට හැකියාවක් නොවීය.

ඇගේ ආකර්ශනීය බව නිසා උත්තරීතර නායක කමේනි, හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී කසෙම් සොලෙයිමානි ඇතුළු බලවත් පුද්ගලයින් පවා හමුවීමට ඇයට අවස්ථාව උදා විය. මෙම ආචාරශීලී, ප්‍රකාශන මාධ්‍යවේදිනිය පිටුපස ඉහළ මට්ටමේ මොසාඩ් ක්‍රියාකාරිකයෙකු සිටින බවට ඉරාන නිලධාරින්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් සැක කළහ. සමහර ඉරාන මූලාශ්‍ර පවා කියා සිටින්නේ ඇය කමේනි සඳහාම සමහර ලිපිවල කතෘත්වය දැරූ බවයි. නමුත් දැන්, Khamenei.ir සමඟ සම්බන්ධ වූ ඇගේ මාර්ගගත පැවැත්මේ සියලු සලකුණු මකා දමා ඇත. ඇගේ අතීතය ඉරානය මකා දමමින් සිටින අතර ඇය විසින් සිදු කළ හානිය දිගටම අනාවරණය වෙමින් පවතී.

මොසාඩ් අවතාරය ඉරානයේ හරය බිඳ දැමූ අයුරු

කැතරින්ගේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට ඇති සම්බන්ධතා හරහා ඇයට ඉරානයේ අභ්‍යන්තර රහස් වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය අවකාශය ලබා දුන්නේය. යේමනයේ හිටපු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ උපදේශකවරියක් ලෙස ඇය දැනටමත් ආකර්ෂණීය ආකෘතියක් ගොඩනගාගෙන තිබුණි. රැඩිකල්කරණය, යුදෙව් විරෝධය සහ ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ ඇගේ ලේඛන ජාත්‍යන්තරව ප්‍රශංසාවට ලක් විය. නමුත් බුද්ධිමය ප්‍රතිරූපය පිටුපසින්, මොසාඩ් සංවිධානය ඉරානයේ කරන මාරාන්තිකම මෙහෙයුම සඳහා ඇය අඩිතාලම දමමින් සිටියාය.

දැන් ඇය පලා ගොස් ඇත. ඉරානය මේ වන විටත් රට පුරා මිනිස් දඩයමක් දියත් කර ඇත. ඇගේ ඡායාරූප අඩංගු පෝස්ටර් නගර පුරා අලවා ඇත. ආරක්ෂක ආයතන දුසිම් ගනනක් ප්‍රශ්න කරමින්  සැක සහිත සහයෝගිතාකරුවන් මරා දමමින් සිටී. දැනටමත් මිනිසුන් තිදෙනෙකු එල්ලා මරා දමා ඇත. ඕනෑම සැක සහිත ක්‍රියාකාරකමක් වාර්තා කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. එහෙත්, කැතරින් තවමත් අවතාරයක් ලෙස සැරි සරමින් සිටී.

පරිවර්තනය ජිවන්ත ජයතිස්ස

Mossad spy who crippled Iran from within: The chilling espionage saga of Catherine Perez-Shakdam.




සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.