News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය අභ්‍යන්තරයෙන් අඩපණ කළ මොසාඩ් ඔත්තුකරු: කැතරින් පෙරෙස්-ෂක්ඩෑම්ගේ බියකරු ඔත්තු බැලීමේ කතාව..

Jul 5, 2025 at 11:06 AM
|

ප්‍රබන්ධයකට වඩා වෙනස් කතාවක් මේ වන විට ලොව පුරා ජන මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පවත්ව තිබේ. ඒ ඉරානයේ හදවතටම රිංගා මෑත ඉතිහාසයේ කොමේනි පාලනයට වඩාත්ම විනාශකාරී පහරක් එල්ල කිරීමට උදව් කළ ඊශ්‍රායල මොසාඩ් ඔත්තුකාරියක් වන කැතරින් පෙරෙස්-ෂක්ඩෑම්ගේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි වූ කතාවය.

වසර දෙකකට පෙර, කැතරින් පරිපූර්ණ වෙස්වළා ගැනීමක් සහිතව ඉරානයට පැමිණියාය.ඇය ෂියා ඉස්ලාමය ගවේෂණය කර වැළඳ ගැනීමට උනන්දු වූ කුතුහලයෙන් පිරි බටහිර මාධ්‍යවේදිනියක් ලෙස පෙනී සිටියාය. එතැනින් එපිටට දිග හැරුණු දේ බුද්ධි අංශ විසින් 21 වන සියවසේ නිර්භීතම සහ වඩාත්ම නවීන ඔත්තු බැලීමේ මෙහෙයුම් වලින් එකක් ලෙස විස්තර කරනු ලබයි.

රැවටීම, ඇදහිල්ල සහ ඔත්තු බැලීම: රැවටීමේ කලාවේ ඉහළ උපාධිය හදාරණ සිසුන්ට උගන්වන පාඩමක්  

බුද්ධිමත්, නිර්භීත සහ උසස් පුහුණුවක් ලැබූ කැතරින් ඇගේ භූමිකාව පරිපූර්ණත්වයට පත් කළ චරිතයක් වූවාය. ඉරානයට ඇතුළු වූ පසු, ඇය ප්‍රසිද්ධියේ ෂියා ඉස්ලාම් ආගමට හැරුණු අතර ගැඹුරු භක්තියක් සහ බුද්ධිමය කුතුහලයක් ඇති පෞරුෂයක් ගොඩ නංවා ගැනීම ආරම්භ කළාය. ඉස්ලාමය කෙරෙහි ඇගේ උනන්දුව අව්‍යාජ එකක් බව පෙනෙන්නට තිබුණි. ඒ තරමටම, ඇය ලියූ වියුණු සටහන් හෙවත් බ්ලොග් (Blog)  ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ නිල වෙබ් අඩවිය වන Khamenei.ir සඳහාම ලියන ඒවා බවට පත් විය.

නමුත් ආගමික උද්යෝගයේ සහ ශාස්ත්‍රීය ලිවීමේ පිටතට පෙනෙන මුහුණත පිටුපස සිටියේ මෙහෙයුමක යෙදී සිටින කාන්තාවක්ය. ඇය ඉහළ පෙළේ පාලන තන්ත්‍ර පක්ෂපාතීන්ගේ විශ්වාසය දිනා ගනිමින් ප්‍රභූ කවයන් තුළට රිංගා ගත්තාය. ඇගේ වඩාත්ම ඵලදායී ආයුධය වූයේ ඇය සතු වූ චමත්කාරයයි. කැතරින් ඉරානයේ ඉහළ පෙළේ රජයේ සහ හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් සමඟ මිත්‍ර වූ අතර, සෙමින් ඔවුන්ගේ නිවෙස් වලට පමණක් නොව  ඔවුන්ගේ ජීවිතවලටද  ඇතුළු වූවාය. සමාජ චාරිකා වල සිට සමීප සංවාද දක්වා වන පරාසයන්ට ලංවීමට අවස්ථාව උදා කර ගත් ඇය ඉරාන ඉහළ හමුදා නිලධාරීන් ඇය තමන්ගේම කෙනෙකු යැයි උපකල්පනය කරන තැනට පත් කර රහසිගත සාකච්ඡා සිදුවන අවකාශයන්ට නිදහසේ ප්‍රවේශය ලබා ගැනීමට තරම් සුක්ෂම වූවාය.

ඉලක්ක සිතියම්ගත කිරීම, මරණය ළඟා කර වීම: බල කේන්ද්‍රයේ හදවත තුලටම ගොස් ඔත්තු බැලීම.

දැඩි සෝදිසි කිරීම්, අමුත්තන් පරීක්ෂාවට ලක් කිරීම සහ දුරකථන නිරීක්ෂණය තිබියදීත්, කැතරින් නිහඬව ක්‍රියාත්මක විය. "වානේ ස්නායු" වලින් සමන්විත ඇය ඡායාරූප ලබා ගත්තාය, සංවාද පටිගත කළාය, එලෙසම න්‍යෂ්ටික පහසුකම් සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ගේ සිට ඉරාන විප්ලවවාදී ආරක්ෂක අණ දෙන නිලධාරීන්ගේ රහසිගත චලනයන් දක්වා ඉරානයේ වඩාත් සංවේදී රාජ්‍ය රහස්වල සැඟවුණු නහර සිතියම් ගත කළාය. නමුත් සෑම අවස්ථාවකම, ඊශ්‍රායලය ඉරාන අභ්‍යන්තරිකයෙකු විසින් මෙහෙයවනු ලබනවාය යන්න හැඟවෙන ආකාරයෙන් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ නිරවද්‍යතාවයෙන් යුතුව ප්‍රහාරයන් එල්ල කළාය. සෑම සාර්ථක ප්‍රහාරයක්ම, සෑම ඝාතනයක්ම, අතිශයින් නිවැරදි විය. කෙසේ වුවද ඉරාන නායකත්වයට යම් අඳුරු දෙයක් දිග හැරෙමින් පවතින බවට සැක පහල විය. කවුරුන් හෝ අතිශය වැදගත් සංවේදී තොරතුරු විකුණා දමා ඇති බවත් ඒ පුද්ගලයා කැතරින් බවත් බලධාරීන්ට සැක පහළ විය..

සත්‍යය හෙළිදරව් වන මොහොත: අනන්‍යතාවය හෙළිදරව් වෙමින්, මංපෙත හිමෙන් වැසී ගියේය

ඉරාන ප්‍රති-බුද්ධිය පරීක්ෂණයක් ආරම්භ කරන විට, කම්පන සහගත කොටස් තැනින් තැනට වැටෙන්නට පටන් ගත්තේය. ඡායාරූප මතු විය. ඒවා අතර, ප්‍රභූ අණ දෙන නිලධාරීන්, දේශපාලනඥයන් සහ උත්තරීතර නායකයා පවා සිටින කැතරින්ගේ රූප හමුවන්නට විය. වරෙක ඇගේ විශ්වාසනීය ආගමනය පාවාදීමේ සංකේතයක් බවට පත්විය. කෙසේ නමුත් ඇය කවුදැයි කියා තහවුරු වන විට, කැතරින් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබුණි. ඇය පැමිණයාය. ඇය ජයගත්තාය. ඇය අතුරුදහන් වූවාය.

සිනහව පිටුපස සිටි ඔත්තුකරු: සත්‍යවශයෙන්ම ඇය කවුද?

කැතරින් පෙරෙස්-ෂක්ඩෑම් යනු මාධ්‍යවේදිනියක් පමණක් නොවේ.  ප්‍රංශයේ යුදෙව් පවුලක උපත ලැබූ ඇය, මූල්‍ය හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට පෙර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව හැදෑරුවාය. ලන්ඩනයේ සිටියදී, ඇය යේමනයේ සුන්නි මුස්ලිම් තරුණයෙකු සමඟ ආදරයෙන් බැඳී ඔහු සමඟ විවාහ වීමට ඉස්ලාම් ආගමට හැරුණාය. කෙසේ වුවද ඇගේ විවාහය 2014 දී අවසන් විය.

2017 වන විට, කැතරින් ඉරානයෙන් නැවත මතු වූ අතර, ෂියා මුස්ලිම්වරියක් ලෙසට වර නැගුනාය. මැද පෙරදිග කටයුතු පිළිබඳ ඇගේ ලේඛන සහ දේශපාලන විවරණ ඉක්මනින්ම ටෙහෙරානය මූලික වූ ද ටයිම්ස්, යේමන් පෝස්ට්, ද ගාඩියන් සහ අවසානයේ Khamenei.ir වැනි ප්‍රකාශනවල ප්‍රසාදය දිනා ගැනීමට  සමත් වූ ඒවා විය. ඉස්ලාමය පිළිබඳව ඇය සතු වූ ගැඹුරු අවබෝධය මෙන්ම වාචික සහ ගද්‍ය රචනා සම්බන්ධයෙන් ඇය සතු වූ හැකියාව රුසියානු සහ චීන මාධ්‍යවේදීන්ට පවා බිඳ දැමීමට හැකියාවක් නොවීය.

ඇගේ ආකර්ශනීය බව නිසා උත්තරීතර නායක කමේනි, හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී කසෙම් සොලෙයිමානි ඇතුළු බලවත් පුද්ගලයින් පවා හමුවීමට ඇයට අවස්ථාව උදා විය. මෙම ආචාරශීලී, ප්‍රකාශන මාධ්‍යවේදිනිය පිටුපස ඉහළ මට්ටමේ මොසාඩ් ක්‍රියාකාරිකයෙකු සිටින බවට ඉරාන නිලධාරින්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් සැක කළහ. සමහර ඉරාන මූලාශ්‍ර පවා කියා සිටින්නේ ඇය කමේනි සඳහාම සමහර ලිපිවල කතෘත්වය දැරූ බවයි. නමුත් දැන්, Khamenei.ir සමඟ සම්බන්ධ වූ ඇගේ මාර්ගගත පැවැත්මේ සියලු සලකුණු මකා දමා ඇත. ඇගේ අතීතය ඉරානය මකා දමමින් සිටින අතර ඇය විසින් සිදු කළ හානිය දිගටම අනාවරණය වෙමින් පවතී.

මොසාඩ් අවතාරය ඉරානයේ හරය බිඳ දැමූ අයුරු

කැතරින්ගේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට ඇති සම්බන්ධතා හරහා ඇයට ඉරානයේ අභ්‍යන්තර රහස් වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය අවකාශය ලබා දුන්නේය. යේමනයේ හිටපු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ උපදේශකවරියක් ලෙස ඇය දැනටමත් ආකර්ෂණීය ආකෘතියක් ගොඩනගාගෙන තිබුණි. රැඩිකල්කරණය, යුදෙව් විරෝධය සහ ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ ඇගේ ලේඛන ජාත්‍යන්තරව ප්‍රශංසාවට ලක් විය. නමුත් බුද්ධිමය ප්‍රතිරූපය පිටුපසින්, මොසාඩ් සංවිධානය ඉරානයේ කරන මාරාන්තිකම මෙහෙයුම සඳහා ඇය අඩිතාලම දමමින් සිටියාය.

දැන් ඇය පලා ගොස් ඇත. ඉරානය මේ වන විටත් රට පුරා මිනිස් දඩයමක් දියත් කර ඇත. ඇගේ ඡායාරූප අඩංගු පෝස්ටර් නගර පුරා අලවා ඇත. ආරක්ෂක ආයතන දුසිම් ගනනක් ප්‍රශ්න කරමින්  සැක සහිත සහයෝගිතාකරුවන් මරා දමමින් සිටී. දැනටමත් මිනිසුන් තිදෙනෙකු එල්ලා මරා දමා ඇත. ඕනෑම සැක සහිත ක්‍රියාකාරකමක් වාර්තා කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. එහෙත්, කැතරින් තවමත් අවතාරයක් ලෙස සැරි සරමින් සිටී.

පරිවර්තනය ජිවන්ත ජයතිස්ස

Mossad spy who crippled Iran from within: The chilling espionage saga of Catherine Perez-Shakdam.




සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.