ඇෆ්ගනිස්ථානයේ ‘තලේබාන් රජය’ නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත්වේ..
තලේබාන් සංවිධානය 2021 දී බලය අල්ලා ගැනීමෙන් පසු පිහිටවූ ඇෆ්ගනිස්ථානයේ ‘තලේබාන් රජය’ නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත්ව තිබේ.
ඒ අනුව රුසියාව එරට නීතිවිරෝධී සංවිධාන ලැයිස්තුවෙන් ද තලේබාන් සංවිධානය ඉවත්කර ඇත.
රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, ඇෆ්ගනිස්ථානයේ අලුතින් පත්කරන ලද තානාපති ගුල් හසන් හසන්ගෙන් අක්තපත්‍ර ලැබී ඇති බවයි.
ඇෆ්ගන් රජයේ නිල පිළිගැනීම ඵලදායී ද්විපාර්ශ්වික සහයෝගීතාව පෝෂණය කරනු ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඇෆ්ගනිස්ථානයේ විදේශ අමාත්‍යාංශය මෙම රුසියානු සබඳතාව ඓතිහාසික පියවරක් ලෙස හැඳින්වූ අතර, තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි පවසා ඇත්තේ, රුසියාව අනෙකුත් රටවලට හොඳ ආදර්ශයක් බවයි.
2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපද සහ නේටෝ හමුදා ඉවත්කර ගැනීමෙන් පසු තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කරගත්හ.
එතැන් සිට, ඔවුන් ඉස්ලාමීය නීතිය රට තුළ දැඩුව ක්‍රියාත්මක කරන අතරම, රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා එක්වන්නැයි අන්තර්ජාතික ප්‍රජාවට ආරාධනා කර තිබේ.
එහෙත් මෙතෙක් කිසිඳු රටක් තලේබාන් පරිපාලනය නිල වශයෙන් පිළිගෙන නොතිබුණද, ඔවුන් බොහෝ රටවල් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරත වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්