News Category
From Date
To Date
Maximum Number of Result

‘ඊශ්‍රායලය සමඟ ඉරානය කරන ඊළඟ යුද්ධය ඊශ්‍රායලයේ අවසාන යුද්ධය වනු ඇත’- ඉරාන ඉහළ පෙළේ නිලධාරියෙක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසයි

Jul 2, 2025 at 11:22 AM
|

ඊශ්‍රායලය සමඟ ඉරානය එළඹෙන අනාගත ඕනෑම යුද්ධයක් ඊශ්‍රායලයේ “අවසාන” යුද්ධය බවට පත් කිරීමට ටෙහෙරානය සූදානම් බව පසුගිය 30 වනදා නම සඳහන් නොකළ ඉරාන ඉහළ පෙළේ හමුදා නිළධාරියෙක් RT පුවත් වෙබ් අඩවිය වෙත පැවසුවේ, ඉරානය ඊශ්‍රායල මිසයිල් ආරක්ෂක පද්ධති අභිබවා යා හැකි දියුණු මිසයිල අත් පත් කරගෙන ඇති බවට අනතුරු අඟවමිනි.

“ඉතා දැනුවත්” භාවයකින් අදහස් දැක්වූ ඉරාන හමුදා මූලාශ්‍රය RT පුවත් සේවය වෙත පැවසුවේ, එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාමයකින් අවසන් වූ දින 12 ඉරාන ඊශ්‍රායල  ගැටුමේදී ටෙහෙරානය ඊශ්‍රායල ආරක්ෂක පද්ධතියේ ඇති කඩතොළු හඳුනාගෙන ඇති බවයි.

“ඉරානය ඊශ්‍රායලය සමඟ කරනු ලබන ඊළඟ යුද්ධය ඊශ්‍රායලයේ අවසාන යුද්ධය බවට පත් කරනු ඇත.” යනුවෙන් එම හමුදා මූලාශ්‍රය පව්සා සිටියේ, තවත් ගැටුමක් ඇති වුවහොත් ඉරාන ඉස්ලාමීය ජනරජයට දිනපතා මිසයිල සිය ගණනක් ඊශ්‍රායලය වෙත එල්ල කළ හැකි බවයි. ටෙහෙරානය ඊශ්‍රායල  ආරක්ෂක පද්ධතියේ තිබෙන දුර්වල ස්ථානයන් හඳුනාගෙන ඇති බව එම මූලාශ්‍රය වැඩිදුරටත් RT පුවත් සේවය වෙත පවසා තිබේ.

එම මූලාශ්‍රයට අනුව,“ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ තර්ජනය ස්ථිරවම උදාසීන කිරීමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව” භාවිතා කිරීමට ඉරාන බලධාරීන්ට තම රටේ ජනතාවගෙන්න් මෙන්ම විදේශයන්හි ජීවත් වන ඉරාන වැසියන්ගෙන් “පෙර නොවූ විරූ සමාජ සහයෝගයක්” ලබාගෙන තිබේ.

ඉස්ලාමීය ජනරජයේ නායකත්වය නැවත වරක් ඉශ්‍රායල සමඟ යුදමය ගැටුමකට අවතීරණ  වුවහොත් එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ගැලවීමට පැමිණෙන බව හොඳින් දන්නා නමුත්, ටෙහෙරානය "මෙම අභියෝගය ජය ගනු ලබනවා." යනුවෙන් මූලාශ්‍රය අවධාරණය කළ බව RT පුවත් සේවය පවසයි.

ජූනි මස මුලදී ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ නවතම ගැටුම් වලදී, ඊශ්‍රායල හමුදාව ඉරාන න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේ ටෙහෙරානය න්‍යෂ්ටික අවි නිපදවේඉමේ ධාරිතාවයකට ළඟා වෙමින් පවතින බවට ඇති බිය උපුටා දක්වමිනි. 

ඉරාන වාර්තාවලට අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකු මෙන්ම සිවිල් වැසියන් සිය ගණනක් මිය ගියහ.

ඉශ්‍රායල ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන්, ඉරානය ඊශ්‍රායල ඉලක්ක වෙත සහ කටාර්හි එක්සත් ජනපද අල් උඩයිඩ් ගුවන් කඳවුරට ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර එල්ල කළේය. ඉන්පසු එක්සත් ජනපදය ඉරානයේ නටාන්ස් සහ ෆෝඩෝව් හි පිහිටි යුරේනියම් පොහොසත් කිරීමේ ස්ථාන ඇතුළු ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළේය.

කෙසේ වුවද උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුව කියා සිටියේ ඉරානයේ පළිගැනීමේ ප්‍රහාර ඊශ්‍රායලයේ මිලිටරි ධාරිතාව "ප්‍රායෝගිකව බිඳ දැමූ" බවයි, නමුත් එක්සත් ජනපද මැදිහත්වීම සම්පූර්ණ ඉරාන ජයග්‍රහණයක් වළක්වා ඇති බව හෙළි කරනු ලැබීය.

වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද සටන් විරාමය දෙපාර්ශවයමමෙතෙක් පවත්වා ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, ආතතීන් ඉහළ මට්ටමක පවතින අතර, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම හඹා යාම දිගටම කරගෙන ගියහොත් නව ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති නමුදු ටෙහෙරානය අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඉරාන පහසුකම්වලට තවදුරටත් ප්‍රහාර එල්ල විය හැකි බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද අදහස් දක්වා තිබේ.

මෑත කාලීන සටන් වලින් පසුව ඉරානය සතු මිසයිල තොග හෝ ඒවාට සිදුවූ හානි තක්සේරු කිරීම් පිළිබඳ ස්වාධීන තහවුරු කිරීම් සීමිතය. ටෙහෙරානයේ මිසයිල අවි ගබඩාව කලාපයේ විශාලතම එකක් ලෙස පුළුල් ලෙස සලකනු ලැබුවද, ඊශ්‍රායලයේ ආරක්ෂක වළලු ඉක්මවා යාම පිළිබඳ ඉරාන ප්‍රකාශ අතිශයෝක්තියට නැංවීමක් විය හැකි බවට  යුද විශ්ලේෂකයෝ අනතුරු දක්වා ඇත.

‘Next war with Israel will be final’: High-ranking Iranian official to RT

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.