දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද?
එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.
සිය 90 වන ජන්ම දිනය සැමරීම සඳහා පැවති උත්සවයක් අතරතුරදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දලයි ලාමාතුමා මේ බව පවසා ඇත.
එමෙන්ම උන්වහන්සේ පවසා ඇත්තේ සිය උන්වහන්සේ විසින් ස්ථාපිතකරගත් භාරය "The Gaden Phodrang Foundation of the Dalai Lama" විසින් තම පුනරුත්පත්තිය හඳුනා ගැනීමට ඇති එකම අධිකාරිය සහ අයිතිය ඇති බවත්ය.
"ඔවුන් අතීත සම්ප්‍රදායන්ට අනුකූලව සෙවීමේ සහ පිළිගැනීමේ ක්‍රියා පටිපාටි සිදු කළ යුතුය ... මේ කාරණයට මැදිහත් වීමට වෙනත් කිසිවෙකුට එවැනි බලයක් නොමැත," දලයි ලාමාතුමා වැඩිදුරටත් පවසා ඇත.
ටිබෙට් සම්ප්‍රදායට අනුව ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවකගේ ආත්මය ඔහුගේ මරණයෙන් පසු දරුවෙකුගේ ශරීරය තුළ නැවත ඉපදේ.
1935 ජූලි 6 වන දින ටිබෙටයේ ටක්ට්සර් හි ගොවි පවුලක උපත ලැබූ 14 වන දලයි ලාමාතුමා වයස අවුරුදු දෙකේදී 13 වන දලයි ලාමාගේ පුනරුත්පත්තිය ලෙස පිළිගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නින්ග් පවසා ඇත්තේ අනුප්‍රාප්තිකයාගේ අනන්‍යතාවය අනුමත කිරීම සිදු කරන්නේ චීනය විසින් බවත් එය සියවස් ගණනාවක් පැරණි චාරිත්‍රයක් හරහා චීනයේ සිදු කළ යුතු බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්