තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
“මට ආරංචි වුණා ජනාධිපතිතුමාගේ ඉහළම පිරිසක් වාඩි වෙලා කතා කරලා මාව ICCPR යටතේ දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ජාතිවාදය ඇවිස්සුවා කියන පදනමෙන් අත්තඩංගුවට ගත්තොත් මට ඇප නොදී දීර්ඝ කාලයක් අත්තඩංගුවේ තියාගෙන ඉන්න පුළුවන් කියලා සාකච්ඡා වෙලා තියෙනවා.
බහළුම් වල අවිායුධ තිබෙන්නට පුළුවන් කියන සැකය මාධ්‍ය හරහා මතු කරේ අපි නෙවෙයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා.
මම ජනාධිපතිතුමා ජර්මියේ ගියාම කොටි නායක නෙදියවන් හමුවෙනවාය කිව්වා කියලා ජාතිවාදය ඇස්සුවාය කියලා ප්‍රකාශ කරනවා.
එතනත් මේ අය පොට පටලවගෙන මොකද මගේ ප්‍රකාශයේ මම කියන්නේ සමාජ මාධ්‍යවල යනවා ජනාධිපතිතුමා ජර්මනියේ සංචාරය කරන්නේ කොටිනායක නෙදිවන් ඊට සමගාමීව ඇවිල්ලා එහෙදි හමුවන්නයි මොකද ලංකාවේ හමුවනොත් ඒක ප්‍රශ්නයක් වන නිසා අපි ගාව ස්ක්‍රීන් ශොට් තිබෙනවා.
ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා තමයි චාන්සලවරයා. හරියට අපේ ජනාධිපතිතුමා ඉන්දියාව ගියාම ජනාධිපතිතුමිය හමුවීම නෙවෙයි වැදගත් වුණේ නරේද්‍ර මෝදි අගමැතිතුමා හමුව.
අන්න ඒ වගේ ජර්මනියේ ජනාධිපති කියන්නේ නාම මාත්‍ර ජනාධිපති කෙනෙක් වැදගත් පුද්ගලයා වෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන වෙන්නේ චාන්සලර් කියන තනතුර දරන්නා.
ජනාධිපතිතුමා චාන්සලවරයාටගේ වෙලාවක් ඉල්ලලා එයා වෙලාව දෙන දිනයේ යන්නේ නැතුව ඔහු හමුනොවී කඩිමුඩියේ යනවා නම් මේ කියන කටකතා සමාජයේ තහවුරු වෙනවා.
ඒ නිසා ජනාධිපති තුමනි මෙහි ඇත්ත රටට පැහැදිලි කරන්න කියන අපි ඉල්ලීමයි කරේ මම නීතිඥයෙක් ඒ නිසා ඉතාම ප්‍රවේශමෙන් මම වචන පාවිච්චි කරලා තියෙන්නේ.
ජනාධිපති දිසානායක මැතිතුමනි උදේ ගම්මම්පිල හිරේ දානවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා නම් බය කරන්න හම්බ වෙන්නේ නෑ. මම කතා කරන එක නතර කරන්න කාටවත්ම බෑ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?