
සුළඟට ගසාගෙන ගොස් තැන් දෙකක වැටුණු ගිරව්
දෙරණ නාලිකාව අතීතයේ සිටම ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු අතින් රට ගැන ජාතික වාදය ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටි නාලිකාවක් බැවින් එය මගේ ප්‍රියතම නාලිකාව විය.
එය ඔපවත් කළ ගිරවුන් දෙදෙනෙක් අතරින් චතුර අල්විස් ඉන් එක් අයෙකු වූ අතර අනෙකා වූයේ දැනට දෙරණේ නොමැති දිල්කා සමන්මලීය.
දිල්කා සමන්මලීට මෙරට සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ජාතිකත්වය පිළිබඳ ඉතා මනා අවබෝධයක් තිබූ කාන්තාවක් වූ අතර ඇය තාපසාරාමයට වැටුණු හොඳ ගිරවියෙක් බව මගේ වැටහීමයි.
පෞද්ගලික කාරණා හේතුවෙන් විදේශගතවීම නිසා ඇය දැනට දෙරණේ නැත ඒත් ඇය නුදුරු අනාගතයේදී හෝ දෙරණට එකතු වේ යැයි බලාපොරොත්තු වෙමි.
අනිකා වූ දෙරණ ඔපවත් කළ චතුර අල්විස්ය උගත් මාධ්‍යවේදියෙක් වශයෙන් මා හැඳින ගෙන සිටියත් ඔහුගේ මාධ්‍ය භාවිතාව තුළදී විටින් විට කතා කරනු ලබන පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩදීමේ මාතෘකාව සම්බන්ධයෙන් දැනුවත් මාධ්‍යවේදියෙක් හැටියට මට ඇත්තේ විශාල කුකුසකි එබැවින් මට ඔහු පෙනෙනුයේ තාපස අරාමයට නොව අනිත් පිල හෙවත් විකිණීමේ පිලට වැටුණු ගිරවා මෙනි.
ඔහු අද 2024/10/25 දින daily mirror පුවත්පතේ එංගලන්ත මහා කොමසාරිස්ගේ වැකියක් උපුටා දක්වමින් මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළ යුතු බවත් විශාල මුදල් ප්‍රමාණයක් එමගින් රටට අහිමිවන බවත් වෘත්තීය සමිති ඉල්ලීම් වලට ඉඩදී පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති නොකිරීමට රජය කටයුතු නොකළ යුතු බවත් දන්වයි.
උගත් මාධ්‍යවේදියෙක් හැටියට මට ඔහුගෙන් පහත සඳහන් ප්‍රශ්න ඇසීමට උවමනාව ඇත කවුරුන් හෝ ඔහුට එය සන්නිවේදනය කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් ඇත එසේම මුදල් ගෙවා ඉගෙනීමට රාජ්‍ය අර්ධ රාජ්‍යය සහ පෞද්ගලික වශයෙන් සහ විදේශයන්හි විශ්ව විද්‍යාල අනුබද්ධිත ආයතන විශාල ප්‍රමාණයක් ඇත එබැවින් පෞද්ගලික විශ්ව විද්‍යාලට ඉඩ නොදෙන්නේ මන්ද යන්න ඔහුගේ කතාව කුකුසකි.
මේ පෞද්ගලික විශ්ව විද්‍යාල හැර වෙනත් පෞද්ගලික විශ්ව විද්‍යාල යනුවෙන් ඔහු අදහස් කරනුයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද යන්න බරපතළ සැකයක් පැන නැගී එයට හේතුව ඔහු වෘත්තිය සමිති මෙයට ඈඳාගෙන තිබීමයි
මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි ප්‍රධාන වෘත්තීය කණ්ඩායම වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වන අතර එහි උගත් රටට ආදරේ කරන වෛද්‍යවරුන් කතා කරන්නේ ප්‍රමිතිය සම්බන්ධයෙන් රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනි.
චතුර කියන මේ වෘත්තිය සමිතිය යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද???
එසේම දැනට රාජ්‍ය වෛද්‍ය පීඨ වලට යා නොහැකි සිසුන්ට රුපියල් ලක්ෂ 125 ක් ගෙවා රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉගෙනීමට රජය විසින් පාලනය කරනු ලබන කොතලාවල වෛද්‍ය පීඨයද ඇත .
එසේම විදේශීය සිසුන්ට මෙරට වෛද්‍ය විද්‍යාල වල සීයට පහක කෝටාවක්ද වෙන්කර ඇත බොහෝවිට එම විදේශ සිසුන් වන්නේ විදේශයන්හි පදිංචිය ඇති මෙරට සිසුන්ය.
චතුර කියන පරිදි එංගලන්තයට යන පනස් තුන් දහස අතරෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ඔහුගේ ඊනියා මිත්‍යාව වෙනුවෙන්ද.
කොහෙත්ම නැත එංගලන්තයේ වෛද්‍ය විද්‍යාලයකට යා යුතු නම් ඒ තුන ලබාගත් සිසුන් දහසය දෙනෙකුගෙන් කෙනෙකුට පමණක් වෛද්‍ය විද්‍යාලයට යා හැකි අතර මෙරටින් එංගලන්තයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යන සිසුන් ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් අඩුය.
එසේ අහඹු ලෙස ගියත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත .
එයට හේතුව ඔවුන් උගත්කම පමණක් නොව ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ඒ සඳහා අය කිරීමයි .
පශ්වාත් වෛද්‍ය උපාධිය හැදෑරීමට නම් මෙරට වෛද්‍යවරුන් එංගලන්තයේ බලා යෑම සුලභ කරුණකි දැනට එසේ යන අයවලුන්ද මෙරටට නොපැමිණීමේ ප්‍රවණතාවයක් තිබේ.
එසේම එරටට යන පනස් තුන්දහස අතරින් කීදෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණේද යන්න බරපතලව සිතා බැලිය යුතුව ඇත.
එංගලන්තයේ ඉගෙන ගතහොත් එංගලන්තයේම අමතර රැකියාවක් කරමින් එම මුදල් ප්‍රයෝජනයට ගනිමින් ඉගෙන ගැනීමටත් පසුව එහි නේවාසිකව විසීමට අවසර ගැනීමටත් එම පිරිසෙන් බහුතරයක් කටයුතු කරනු ඇත.
මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල ගම පුරා දැමුවත් පිටරට යන එක නවතින්නේ නැත.
අප කළ යුතු වන්නේ එසේ විදේශයන් වෙත යන සිසුන්ගෙන් වැය වන විදේශ විනිමය ප්‍රමාණය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි වැඩපිළිවෙළක් සැකසීමයි එසේ නැතුව ඔවුන් අධෛර්යමත් කිරීම නොවේ .
එබැවින් මෙරට සිසුන්ගේ ඉගෙනීමේ ගමනාන්තය යුරෝපා රටවල් වීම බොහෝ වෙලාවට නේවාසිකව සිටීම දක්වා ඈතට යයි.
මෙරටින් ජපානයේ ඉගෙනීමට යන ශිෂ්‍යයෙක් කිසිදු අවස්ථාවක ඉතාමත් කලාතුරකින් හැර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත.
අනෙකුත් දියුණු රටවලත් එසේය එහෙත් සිංගප්පූරුව පමණක් එයට ඉඩ දෙන්නේ නැත අමතර රැකියාවල් කිරීම තහනම්ය.
අඩු වියදමකින් ඉගෙන ගැනීමට නම් ප්‍රමිතිය ගැන විශ්වාසය තැබිය නොහැකි ඉන්දියාව වැනි දකුණු ආසියානු කලාපයේ රටවලට යාමට හැකියාවක් ඇත.
ඒත් අපේ රටේ සිසුන් එවැනි ගමනාන්ත තෝරා නොගන්නා අතර ඔවුන් ඉගෙනීම සඳහා යාමට උත්සාහ කරන්නේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය ජපානය ඇමරිකාව කැනඩාව එංගලන්තය වැනි දියුණු රටවල්ය.
අඩු වියදමකින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට නම් රුසියාව චීනය වැනි රටක් තෝරා ගන්නා අතර , දකුණු ආසියානු කලාපයේ රටවල් තෝරා ගැනීම ඉතාමත්ම අල්පය.
වාර්තා අනුව මෙරටින් පිටවන සිසුන්ගෙන් සියයට දෙකක ප්‍රමාණයක් පමණක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට යන අතර වත්මන් අර්බුද හේතුවෙන් දැනට එයද සීමා වී ඇත.
කොතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යාල තිබුනත් අසල්වැසි ඉන්දියාවේ සිසුන් මේ කලාපයේ වැඩිම විදේශ අධ්‍යාපනය ලබන සිසුන් වන අතර වෛද්‍ය විද්‍යාව සඳහා පමණක් වාර්ෂිකව විසිපන්දහසක් පමණ ඉන්දියාවෙන් පිටතට යනු ලබයි
මෙරට ඔහු කියන විශ්ව විද්‍යාල ඇති කිරීමට අවශ්‍ය ආචාර්ය මහාචාර්යවරු කොහෙන්ද යන්න ඔහු පෙන්වා දිය යුතුව ඇත.
මෙරට විශ්ව විද්‍යාල වලටත් වෛද්‍ය විද්‍යාල වලටත් ගුරුවරුන් හිඟය තදින් බලපාන අතර විදේශයන්හි සිට අඩු පඩියට මෙරටට ගුරුවරුන් ඒදැයි සැක සහිතය.
ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් තවත් විශ්ව විද්‍යාල දමාගැනීමට නම් මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දැමිය යුතුව ඇත.
චතුර කියන්නේ වෛද්‍ය විද්‍යාල ගැන නම් මා ඔහු සමග කිසිසේත් එකඟ වන්නේ නැත.
අඩු ගානේ ඔහුට මාධ්‍යවේදියෙක් වශයෙන් world health index හෝ කියවා ගැනීමට උනන්දුවක් තිබිය යුතු ඇත නැතහොත් කියවා නැත.
ඔහුගේ යටි හිත කියන පරිදි මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩදී මෙරට සෞඛ්‍ය දර්ශක ඉන්දියාව පසුකර යෑමට අප කැමති නැත.
අප කැමැති වන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් වීමට දැකීමටය.
ඔහුගේ නාලිකාවේ වැඩසටහනකට සහභාගි වූ එක්තරා උගත් මහාචාර්යවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් අප සිංගප්පූරුව මෙන් වීමට උත්සාහ කරන මුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමීමට ඉඩ නොදෙන්නේ යැයි අතාර්කික බණක් දේශනා කරනු අප දැක ඇත.
චතුර ඔවුන්ගෙන් බණ ඇසුවාදැයි අප දන්නේ නැත.
එහෙත් සිනහ යන කාරණාව නම් සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති බවයි.
එතරම් දියුණු සිංගප්පූරුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ දෙන්නේ නැත මක්නිසාදයත් ප්‍රමිතිය ආරක්ෂා කළ යුතු බැවිනි.
ඔවුන් ලෝක සෞඛ්‍ය දර්ශක වල පළවෙනි ස්ථානය පවා ලබාගෙන ඇත.
චතුරට දෙරණේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට හැකියාවක් ඇති මුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක සෞඛ්‍ය ආරක්ෂාව බිඳ දැමීමට ප්‍රමිතිය විනාශ කිරීමට ඉඩ දීමට නොහැක.
එය ඔහුට බණ කියන මහාචාර්යවරුන්ගෙන් නොව අඩුගානේ word health index එක කියවා ගන්නා මෙන් කාරුණිකව දන්වමු.
- වසන්ත අල්විස්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
