අමෙරිකාවේ අවහිර කිරීම් නිසා කියුබාවේ දැඩි ඉන්ධන සහ බලශක්ති අර්බුදයක්
කියුබාවේ ජාතික විදුලිබල පද්ධතියට අමෙරිකා එක්සත් ජනපදය විසින් බාධා පැමිණවීම සහ කියුබාවේ නැඟෙනහිර ප්‍රදේශයට ඔස්කාර් සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑමත් සමඟ රට මුහුණ දෙන තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කියුබාවේ ජනාධිපති, ජාතික ආරක්ෂක කවුන්සිලයේ සභාපති, Miguel Díaz-Canel Bermúdez විසින් සිදුකර තිබේ.
බලශක්ති හදිසි අවශ්‍යතාව සහ සුළි කුණාටුවෙහි බලපෑම් යන ඉතා සංකීර්ණ සිදුවීම් දෙක නිසා රටේ ඇති වූ සුවිශේෂී තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.
මෙම හමුවේදී කාලගුණ තත්ත්වයන්ට මුහුණදීම සහ ජනතාවගේ ආරක්‍ෂාව සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එක් එක් පළාත් සමඟ සාකච්ඡා කර ඇත.
ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීමට එක් ප්‍රධාන හේතුවක් වන ස්ථාවර ඉන්ධන සැපයුමක් රටට අහිමි කර ඇති එක්සත් ජනපද රජයේ අවහිර කිරීමේ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා සිය කතාවේදී හෙළා දැක තිබේ.
කියුබානු ජනපතිවරයා මෙහිදී පවසා ඇත්තේ රට දිශා දෙකක වැඩ කරමින් සිටින බවත්, ජාතික විදුලි පද්ධතිය ස්ථාවර කිරීම සහ ස්ථාවර ඉන්ධන සැපයුමක් ලබා ගැනීමට දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවය.
මෙම තත්ත්වයන්ට මුහුණදීමේදී කියුබානු ජනතාවගේ එකමුතුකම සහ විදුලි සේවකයින්ගේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්