තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී තිබෙනවා - Fyodor Lukyanov
තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇති බව රුසියාවේ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති විශේෂඥ ෆෙඩෝර් ලුකියානොව් Komsomolskaya Pravda පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ. “අප්‍රසන්න” නමුත් “කළමනාකරණය කළ හැකි” ලෝක පර්යාය බිඳ වැටෙමින් පවතින බව පවසන ඔහු දැනට ඊශ්‍රායලය සහ හමාස් අතර පවතින ගැටුම් උත්සන්න වීම ඇතුළු ගැටුම් නිරාකරණය කිරීම සඳහා යාන්ත්‍රණයක් නොමැති බවද ඔහුගේ විශ්වාසය බව අවධාරණය කළේය.
විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති කවුන්සිලයේ (SVOP) පරිපාලන විධායක සභාවේ සභාපති ධූරය සහ Global Affairs සඟරාවේ රුසියානු කළාපයේ ප්‍රධාන කර්තෘ වන Fyodor Lukyanov, පසුගිය සතියේ Komsomolskaya Pravda පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙලෙස ප්‍රකාශ කළේය.
පැරණි මෙන්ම ශීතලයට අසුවී ගල් වී තිබූ ගැටුම් ප්‍රමාද වී යළි ඇවිළෙන බව ලෝකය දැක ඇති බව ලුකියානොව් පැවසුවේ, නගෝර්නෝ-කරබාක් සතුරුකම්, රුසියාව-යුක්රේන ගැටුම සහ මැද පෙරදිග උත්සන්න වී ඇති නව ගැටුම් උදාහරණ ලෙස ගනින්ය.
පවතින ගැටුම් මාලාව නව ලෝක යුද්ධයක් සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන අතර, එය 20 වැනි සියවසේ සිදු වූ ගෝලීය ගැටුම් දෙකෙන් සැලකිය යුතු ලෙස වෙනස් වන බව පෙනෙනේ යැයි, Valdai International Discussion Club හි පර්යේෂණ අධ්‍යක්ෂවරයකු ද වන Lukyanov යෝජනා කළේය.
“දෙවන ලෝක යුද්ධය මෙන් යුද්ධය ආරම්භ වනු ඇතැයි අපි සහජයෙන්ම බලාපොරොත්තු වෙනවා. නමුත් එවැනි යුද්ධ තවදුරටත් ඇති වීමට ඉඩක් නැහැ. ලෝක ජාතින් සතුව න්‍යෂ්ටික අවි තිබෙනවා. ඒවා තවමත් බොහෝ දේ වළක්වමින් තිබෙනවා.” විශේෂඥයා වැඩිදුරටත් පැවසීය.
"මැදපෙරදිග උග්‍රවන ගැටුම් එළඹෙන අවසාන ගැටුම නොවනවා මෙන්ම තව තවත් සතුරුකම් ලොව පුරා ඉක්මනින් ඇවිලීමට ඉඩ තිබෙනවා. ඒවා නැවැත්වීමට දැන් කිසිවෙකුටවත් හැකියාවක් නැහැ." ඔහු අනතුරු ඇඟවීය.
“ජාත්‍යන්තර පිළිවෙල බිඳ වැටෙමින් තිබෙනවා. එය අන්‍යෝන්‍ය විනාශයට ඇති බිය මත පදනම් වූ අප්‍රසන්න, නමුත් කළමනාකරණය කළ හැකි එකක් වූවා. මැද පෙරදිග යුද්ධ මීට පෙර පුපුරා ගිය නමුත් සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී ඊළඟ ගැටුම ඇතිවන තෙක් ඒවා නිවා දැමීමට කටයුතු කළා. දැන් මට තාවකාලික ගැටුම් පහව යන යාන්ත්‍රණයක්වත් පෙනෙන්නට නැහැ, ”ලුකියානොව් පැවසීය.
පලස්තීන සටන්කාමී කන්ඩායමක් වන හමාස් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට “නිවැරදි” මොහොත තෝරාගෙන ඇති බව සඳහන් කළ ඔහු, රට දැනටමත් වසරකට වැඩි කාලයක් තිස්සේ “ස්ථිර අභ්‍යන්තර අවුල් ජාලයක්” අත්විඳ ඇති බව පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..