News Category
From Date
To Date
Maximum Number of Result

ජාතිය මුහුණදෙන අභියෝග විසඳීමේ ඓතිහාසික වගකීම පෙන්වා දෙමින්, ජනපති අනුරට ජාතික සංවිධාන එකමුතුවෙන් ලිපියක්

Sep 28, 2024 at 10:58 PM
|

ජාතිය මුහුදෙන අභියෝගය සහ ජාතික බලවේගවලට  පැවරී ඇති ඓතිහාසික වගකීම පිළිබඳව පැහැදිලි කරමින් ජාතික සංවිධාන එකමුතුව මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ජාතික බලවේගවල අපේක්ෂා අතර ගැටුමක් නැති නමුත් ජාතික ජන බලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයට වෙනත් කඳවුරු වලින් සම්බන්ධ වී හෝ සම්බන්ධ කර ඇති පුද්ගලයින් සහ ජාතික බලවේග අතර මතවාදී ගැටුම් පැවතිය හැකි බවත් එම ලිපියේ දක්වා තිබේ.

එහෙත් ඓතිහාසික ජාතික ව්‍යාපාරයක් ලෙස ජනාධිපතිවරයාට ඡන්දය ලබා දුන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ගරු කරන බවත්, ඔවුන්ගේ යුක්ති සහගත අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටින බවත් එම ලිපිය මගින් කරුණු සඳහන් කර ඇත.

සවිස්තරාත්මක ලිපිය පහළින්...

ගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමා, 
ජනාධිපති ලේකම් කාර්යාලය,

ජාතිය මුහුදෙන අභියෝගය සහ ඔබතුමාට මෙන්ම ජාතික බලවේග ලෙස අපට ද පැවරෙන ඓතිහාසික වගකීම පිළිබඳව

පළමුවෙන්ම, සාමකාමී මැතිවරණයකින් මහජන කැමැත්ත අනුව ශ‍්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිධුරයට පත්වූ ඔබතුමාට අපගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමු. එසේම අප එම ජනවරමට ගරු කරන අතර එම ජනවරම නිර්මාණය කළ ජනතාවගේ අපේක්ෂා ආරක්ෂා කිරීමටද කැප වෙන බව ඔබතුමාට දන්වා සිටිමු. දෙවනුව, අධිරාජ්‍යවාදී බලවේගවල සූක්ෂම මෙහෙයුම් වලට ගොදුරු නොවී මැතිවරණ ක‍්‍රියාවලිය තුළ සහ පශ්චාත් මැතිවරණ කාලය තුළ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුනොවන බවට වගබලා ගැනීම පිළිබඳව ස්තුතිවන්ත වෙමු.

තුන්වනුව ජාතික බලවේගවල දේශපාලන විග‍්‍රහය අනුව පවතින ජාත්‍යන්තර පෙළ ගැසීම් වලට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණය තුළින් පැන නගින තත්ත්වය ආශ‍්‍රිත ‘‘රැගුම් සැකිල්ල’’ හෙවත් ‘‘සෙනාරිය’’ විග‍්‍රහ කිරීමේදී විකල්ප තත්ත්වයන් 6ක් පහත ආකාරයට හඳුනාගත හැක.

1) සියලූ දක්ෂිණාංශික ලිබරවාදින් විසින් ඊනියා ජාතිකවාදී ලිබරල් බලවේග ද ඇතුළත් වන ආකාරයට බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේගවල ආශිර්වාදය සහිතව පුළුල් පෙරමුණක් මගින් අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩු බලය ලබා ගැනීම. එනම් රනිල්, සජිත්, නාමල් යන අපේක්ෂක තිදෙනා එකට එක්ව ආණ්ඩු බලය ලබා ගැනීමය. (අපගේ විග‍්‍රහය අනුව එය කළ නොහැකි වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ හෝ අදාළ පාර්ශවල දුර්වලකම නිසා නොව ඓතිහාසිකව රට තුළ පවතින මතවාදී බෙදීම අනුව දේශපාලන බලවේගවල අනන්‍යතාවය තීරණය වීම නිසාය.)

2) රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා සෙසු පාර්ශ්වවල ප‍්‍රබල පිරිසක් දිනා ගැනීම මගින් ආණ්ඩු බලය ලබාගැනීම. (අපගේ විග‍්‍රහය අනුව ඒ මගින් ඉන්දු - ඇමරිකානු න්‍යාය පත‍්‍රය ඉතා කෙටි කලකින් අවසන් කිරීමට හැකි වේ.)

3) අනුර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස යන අපේක්ෂකයින් කරට කර තරග වදින තත්ත්වයක් තුළ විශේෂයෙන්ම පළමු වටයේදී අනුර දිසානායක මහතාගේ ජයග‍්‍රහණය කරන තත්ත්වයක් තුළ දෙවන මනාප මගින් එම තත්ත්වය වෙනස් වීම සහ ඒ තුළින් සමාජය තුළ ප‍්‍රචණ්ඩ ගැටුමක් නිර්මාණය වීමට ඉඩ සැලසීම. (අපගේ විග‍්‍රහය අනුව එවැනි තත්ත්වයක් අධිරාජ්‍යවාදී බලවේග විසින් තම වාසියට යොදා ගනිමින් බංගලාදේශය තුළ සිදු කළ ආකාරයට මහා විනාශයක් කැඳවීමට සහ එම තත්වය ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීම දක්වා වර්ධනය කිරීමේ හැකියාවක් තිබුණි.)

4) සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතාට ඡුන්දය ලබාදුන් අති බහුතරයකගේ දෙවැනි මනාපය ලබාගැනීමට අසමත්වීම නිසා අනුර දිසානායක මහතාට ජයග‍්‍රහණය හිමිවීම.

 5) අනුර දිසානායක මහතා 50%කට වැඩි ඡුන්ද ලබා ගැනීම මගින් බහුතර කැමැත්ත මත පැහැදිලි ජයක් ලබා ගැනීම. (අපගේ විග‍්‍රහය අනුව බහුතර කැමැත්ත යන්න සාපේක්ෂව අර්ථකථනය කිරීමට සිදුවේ. ඊට හේතුව 20% ඡුන්දදායකින් ඡුන්දය ප‍්‍රකාශ නොකිරීම තුළ ජයග‍්‍රහකයාට ලැබෙන්නේ සමස්ත ඡුන්දදායකයන්ගෙන් 40%ක කැමැත්ත පමණක් බවය.)

6) සජිත් පේ‍්‍රමදාස මහතා 50%කට වැඩි පැහැදිලි ජයක් ලබා ගැනීම (අපගේ විග‍්‍රහයන් අනුව විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල සහ කඳුරට ඡුන්දය භාවිතා කිරීමේ ප‍්‍රවණතාවය අනුව ඔහුට අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රබල බලපෑමක් ඇතිවේ)

ඉහත 6 වැනි ‘‘සෙනාරිය’‘ අනුව ජාතික බලවේගවලට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාවාදීම්වලට එරෙහිව බහුතර සිංහල බෞද්ධ බලවේග පෙළගැස්විය හැකි බවට න්‍යායාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කළ හැක. නමුත් ප‍්‍රායෝගිකව ගත්විට සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සෙසු ප‍්‍රතිගාමී මෙන්ම යම් ප‍්‍රගතිශිලී බලවේග වල සහාය ලබා ගනිමින් අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය කෙටි කලකින් අවසන් කිරීමේ හැකියාව තිබෙන බව තේරුම් ගැනීම අපහසු නැත.

ඒ අනුව පහත සඳහන් හේතු මත ඔබතුමාගේ ජයග‍්‍රහණය පිළිබඳව අප සතුටු වන අතර ඔබ වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම ඉටු කිරීම සඳහා ඔබට ඡුන්දය ලබා දුන් ජනතාවගේ මතයට ගරු කරන බවද ඔවුන්ගේ සැබෑ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව ඔබතුමාට ඉතා  ඕනෑකමින් දන්වා සිටිමි.

1) එදා 2002 දී රනිල් වික‍්‍රසිංහ මහතා අගමැතිවරයා ලෙස සටන් විරාම ගිවිසුමට මුවාවී ජාත්‍යන්තර ගිවිසුමක් මගින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් නමින් ඊළාම් රාජ්‍යයේ පූර්ව බල ඒකකය පිහිටුවීමට ක‍්‍රියා කළ අවස්ථාවේදී ඔබතුමා, සෝමවංශ අමරසිංහ මහතා සහ විමල් වීරවංශ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මහත් කැපවීමකින් කටයුතු කර එම දුෂ්ඨ පාවාදීමේ උත්සාහය පරාජය කිරීම. (නෝර්වේ රාජ්‍ය විසින් සූඩානය බෙදා වෙන්කර එම ජනතාව මරා ගැනීමට සැලැස්වීම සඳහා යොදාගත් සැලසුම සහ ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සඳහා යොදා ගත් සැලසුම සෑම අතින්ම සමාන වුවද එකම වෙනස වූයේ ජනතා විමුක්ති පෙරමුණ මෙන් බෙදුම්වාදී විරෝධී ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් සුඩානයේ ක‍්‍රියාත්මක නොවීමය.)

2) අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයට එරෙහිව ක‍්‍රියාත්මකවීමේ දී එදා ජනතා විමුක්ති පෙරමුණ සුළුතරයේ ආසාධාරණ ඉල්ලීම් වලට වඩා බහුතරයේ සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ජාතික බලවේග සමග සන්ධාන ගතවීම සහ ඒ මගින් රට තුළ බෙදුම්වාදී විරෝධී මතවාදය තහවුරු කිරීම.

3) ඊට පෙර ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව 1987 දී ජීවිත පරිත්‍යාගයෙන් මහා වන්දියක් ගෙවීම මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීම වැළැක්වීම නිසා අද වනතුරු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට කිසිදු පාලකයෙකුට ධෛර්යක් නොමැතිවීම සහ එම ගෞරවය ඔබගේ පුරෝගාමී නායකයන්ට හිමිවීම. (එම පරිත්‍යාගයේ තරම අනුව ජාතික ජන බලවේගය නමින් අද එකතු වී සිටින එදා ඔබගේ පුරෝගාමී නායකයින්ගේ න්‍යායාත්මක ඉගැන්වීම් වලට විරුද්ධ මත දරන පිරිස් වල බලපෑම්වලට යටත් වීම සඳහා ඔබතුමාට ලැබෙන හෘද සාක්ෂියේ අවකාශය සීමා සහිතවීම)

4) ජනතා විමුක්ති පෙරමුණ යනු සංවිධානයක්, පක්ෂයක් හෝ යම් නායකයන්ගේ ප‍්‍රතිරූප අභිබවා යන සමාජ මනෝභාවයක් වන බැවින් සහ එම සමාජ මනෝභාවය අප රටේ සභ්‍යත්වයේම දිගුවක් වන බැවින් ඔබට ඡුන්දය ලබා දුන් අති බහුතරය එම මනෝභාවයට ගරු කිරීම නිසා ඔබතුමාට මනාපය පළ කරන බව පැහැදිලිව දැක ගත හැකි වීම. එම සමාජ මනෝභාවය පදනම් වන්නේ අප රටේ ඓතිහාසික සභ්‍යත්වය, විශේෂයෙන්ම බුද්ධ වචනය මතය. එනම් අධර්මයෙන් ජීවත්වීම සහ ධර්මයෙන් මරණයට මුහුණ දීම යන විකල්ප අතරින් ‘‘ධර්මයෙන් වන මරණය උතුම්වේ’’ යන බුද්ධ වචනය මතය. (එම නිසා ඔබට හෝ ජනතා විමුකිත් පෙරමුණ නැමති දේශපාලන ව්‍යාපාරයට අප රටේ ඓතිහාසික සභ්‍යත්වයට එරෙහිව කටයුතු කිරීමේ ඉඩක් නැත.)

 5) ඔබට ඡුන්දය ප‍්‍රකාශ කළ සමාජ ස්ථරයන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන ආකාරයට ඔබගේ ජනවරම නිර්මාණය කරනු ලබන්නේ බලවේග රාශියක එකතුවක් මගිනි. එනම් ජවිපෙ අතීත උරුමයට එනම් ඉහත සඳහන් කළ සමාජ මනෝභාවය සමඟ ඥාන්තීත්වය සහිත පිරිස්, බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම සඳහා ජීවිත සහ අතපය දන් දුන් මිනිසුන්ගේ ඥාති පරම්පරාවන්, හොරකම, දූෂණය, වංචාවට එරෙහිවන සහ මහා සමාජ පරිවර්තනයක අපේක්ෂාවන් සහිත තරුණ පරපුර, සමාජවාදී සිහින දකින අහිංසක වැඩිහිටියන් ආදී වශයෙන් එම ජන්ද පදනම බහු පාර්ශවීය වීම.

ඒ අනුව කෙටි කාලීනව ඔබට චතුර්විධ අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව අපගේ පිළිගැනීම වේ.

1) රුසියාවට එරෙහිව යුක්රේන යුද්ධය සහ චීනයට එරෙහිව දකුණු චීන මුහුදේ ආරම්භ කිරීමට නියමිත යුද්ධය මෙන්ම ඇමරිකානු ගෝලීය ආර්ථික සහ මූල්‍යමය බිඳවැටීම තුළ ඉන්දු - ශ‍්‍රී ලංකා ආර්ථික ඒකාබද්ධ කරන උපාංග වලට සහ එට්කා ගිවිසුමට එකඟ වීම සඳහා මෙන්ම ඇමරිකානු සෝෆා විසුමට එකඟතාවය ලබා ගැනීම සඳහා ප‍්‍රබල බලපෑමක් එල්ල වීම.

2) පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා කෙටිකාලීන විසඳුම් නොමැති වීම සහ ගොඩනැගී ඇති ඉහළ මහජන අපේක්ෂා ඉටු කිරීම සඳහා පවතින දුෂ්කරතාවය. විශේෂයෙන්ම ඉතා ඉහළ මහජන අපේක්ෂා ගොඩනැගී ඇති තත්වයක් තුළ අපේක්ෂා භංගත්වය නිසා ඇති වන මහජන අසහනය ද වැඩිවේ. (එම මහජන අපේක්ෂා ඉටු කිරීම සඳහා බරපතළ උපායමාර්ගික හැරවුමක් අවශ්‍ය වුවද ඔබ විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ හෝ ඔබගේ ජාතිය ඇමතීමේ කතාව තුළ එවැනි ප‍්‍රවේශයක් හඳුනාගත නොහැක.)

3) ජනතා විමුක්ති පෙරමුණ විසින් ඓතිහාසිකව ඉටුකළ භූමිකාව සහ ඉහත සඳහන් සමාජ මනෝභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති පිරිස් වලට ජාතික ජන බලවේගයේ නායකත්ව භූමිකාවන් හිමිවීම තුළ අතීත උරුමය සහ වර්තමාන බලවේග අතර ගැටුම සමනය කිරීම හෙවත් අතීත උරුමය ආරක්ෂා කිරීම සහ ඊනියා නව පැරෂූට් නායකයින් මෙල්ල කිරීම.

4) ඔබතුමාට ඡුන්දය ලබාදී ඇති ජනතාව පැතිරී ඇති ආකාරය සිතියම් ගත කිරීමේදී අධිරාජ්‍යවාදී බලවේග, විශේෂයෙන්ම ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන ඡුන්ද ලක්ෂ 10-15ත් අතර ප‍්‍රමාණයක්

ලැබී ඇත්තේ ඔබට නොව වෙනත් පාර්ශ්වයකට බව පැහැදිලිව පෙනී යයි. එසේ ඔබට ලබාදෙන බවට ව්‍යාජ ලෙස පොරොන්දු වී එහෙත් ඔවුන්ගේ ඡුන්ද පොදිය ඔබට වඩා බෙදුම්වාදී, ජාතිවාදී සහ අගමික අන්තවාදී ඉල්ලීම්වලට සංවේදී අපේක්ෂකයෙකුට ලබාදී ඇති තත්වයක් යටතේ එම බලවේගවල අපේක්ෂා සහ ඔබට සැබෑ ලෙසම ඡුන්දය ලබාදුන් රටේ බහුතර ජනතාවගේ අපේක්ෂා අතර ගැටුම කළමනාකරණය කිරීම.

ඔබතුමාගේ නායකත්වය ප‍්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ජාතික බලවේගවල අපේක්ෂා අතර ගැටුමක් නැත. නමුත් ජාතික ජන බලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයට වෙනත් කඳවුරු වලින් සම්බන්ධ වී හෝ සම්බන්ධ කර ඇති පුද්ගලයින් සහ ජාතික බලවේග අතර මතවාදී ගැටුම් පැවතිය හැක. එහෙත් ඓතිහාසික ජාතික ව්‍යාපාරයක් ලෙස අප ඔබට ඡන්දය ලබා දුන් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ගරු කරන අතර ඔවුන්ගේ යුක්ති සහගත අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටින බවට නැවත වතාවක් ඔබට සහතිකයක් ලබාදීමට කැමැත්තෙමු.

ඒ නිසා විවිධ බලපෑම් හේතුවෙන් සකස් කරන ලද බව පෙනෙන ඉතා කුඩා පිරිසක් විසින් පරිහරණය කරන ලිඛිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක කුමන වචන හරඹයක් සඳහන් වුවද ඒවා විග‍්‍රහ කර ගත යුත්තේ ඔබතුමාගේ පක්ෂයේ ඓතිහාසික උරුමයට සහ මහජන අපේක්ෂාවලට සාපේක්ෂව බවද අපි කල්පනා කරමු. එම නිසා ඔබට කොන්දේසි පැනවීමට අප කල්පනා නොකරන බව සඳහන් කරමින් රට තුළ ආර්ථික සහ දේශපාලන අර්බුදය උස්සන්න කිරීමට හේතු වූ සහ අනාගතයේ සමස්ත රාජ්‍ය සහ සමාජය බිඳවැටීම වැළැක්වීම සඳහා පහත සඳහන් පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගන්නා ලෙස ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමි.

 1) බෙදුම්වාදයට ගොදුරුවන වර්තමාන පළාත් සභා ව්‍යුහය වෙනුවට ප‍්‍රාදේශීය මට්ටමට උපරිම වශයෙන් පරිපාලන බලතල විමධ්‍යගත කෙරෙන පළාත් හෝ දිස්ත‍්‍රික් සංවර්ධන සභා ව්‍යුහයක් හඳුන්වාදීම සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියළු ජන කොටස්වලට මනුෂ්‍යයන් ලෙස  සමානව සැලකීම සහතික කරන අයිතිවාසිකම් කොමිසමක් හඳුන්වාදීම මෙන්ම පාලකයින්ගේ අත්තනෝමතික තීන්දු පාලනය කළ හැකි ප‍්‍රතිපාදන සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් වෙනත් ජනාධිපතිවරු අට දෙනෙකු විසින් ධෛර්යමත් නොවූ ආකාරය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක නොකිරීම සහ ඊට අදාලව පැහැදිළි ප‍්‍රතිඥාවක් ඡන්දදායකයන්ට ලබාදීම.

2) සත්‍ය සෙවීමේ නාමයෙන් බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ සලසන සත්‍ය සෙවීම සහ ප‍්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීමට අදාල නීතිය සම්මත නොකිරීම සහ ඒ වෙනුවට දැනටමත් දන්නා සත්‍ය නැවත සොයා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීම. ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව විවිධ ජාත්‍යන්තර ආයතන සහ බලවේග විසින් එල්ල කරනු ලබන යුද අපරාධ චෝදනා නිශේධනය කිරීම සඳහා ස්වභාවික යුක්තිය නාමයෙන් ප‍්‍රති උත්තර බැදීම.

3) 2017 විදේශ විනිමය පනත සහ 2023 මහා බැංකු පනත අහෝසිකර පූර්වගාමීව පැවැති නීති අත්‍යවශ්‍ය සංශෝධන සහිතව නැවත බලාත්මක කිරීම මගින් විදේශ විනිමය සහ රාජ්‍ය මූල්‍ය අර්බුදයට ප‍්‍රතිඵලදායක විසඳුම් ඉදිරිපත් කිරීම සදහා පදනම දැමීම.

4) බලශක්ති පද්ධති ඒකාබද්ධකරණය ඇතුළු ආර්ථික ඒකාබද්ධකරන උපාංග වලට එකඟ වීම මගින් සහ එට්කා ගිවිසුම අත්සන් කිරීම මගින් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය බවට පත් කිරීමේ ඓතිහාසික වරද සිදු නොකිරීම.

5) සෝෆා ගිවිසුමට එකඟතාවය පළ කිරීම මගින් ශ‍්‍රී ලංකාව නමැති ස්වාධීන රාජ්‍ය ඇමරිකානු හමුදාවන්ට සේවා සපයන දූපතක් බවට පත් කිරීමේ මහා පාවාදීමට ඉඩ නොතැබීම.

6) ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත නැමැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට ආර්ථිකය අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීම සඳහා සම්මත කළ පනත් ත‍්‍රිත්වය අහෝසිකර පාර්ලිමේන්තුව සතු නීති හැදිමේ බලය සහ මුදල් බලය ආරක්ෂා කිරීම.

7) ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර

ගිවිසුම් වලට අදාළ මහජන වගවීම සහතික කිරීමට අදාළව ( ඕස්ටේලියානු ආදර්ශය අනුව සහ 1971 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 2832 යෝජනාව අනුව ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරීම සඳහා වන ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ වගකීම නීතිගත කිරීමට අදාලව නව නීතියක් සම්මත කිරීම.

8) උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීම මගින් රාජ්‍යය පාරාධීනත්වයට නතු කිරීම වැළැක්වීම සඳහා සිංගප්පූරු ආදර්ශය අනුව රාජ්‍ය ඒකාබද්ධ සමාගමක් සහ ස්වෛරී අරමුදලක් පිහිටුවීම.

9) අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීම මත ඉතා සැළසුම් සහගතව දියත්වන සමාජය දෘෂ්ඨිමය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බිඳවැට්ටවීම මෙන්ම පවුල සහ සංඝ සමාජය යන ඓතිහාසික සමාජ සංස්ථා බිඳවැට්ටවීම සහ සමාජය ප‍්‍රචණ්ඩකරණය කිරීම යන චතු’ර්විද උපායමාර්ගික ප‍්‍රවේශය තවදුරටත් දිරි ගැන්වෙන ආකාරයට සමලිංගික චර්යාවන් අතිශෝක්තියෙන් ප‍්‍රචලිත කිරීම සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ආදී අප රටේ ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි ක‍්‍රියාමාර්ගවලට ගොදුරු නොවීම.

10) දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳවැට්ටවීමට සහ රටේ ආර්ථිකය පරාධීනත්වයට නතු කිරීමට හේතු  වී ඇති වෙළඳාම ප‍්‍රචලිත කිරීම සහ පාරිභෝගිකයාට සහන ලබාදීම නාමයෙන් පවත්වාගෙන යන කූඨ ලෙස ආනයන ප‍්‍රචලිත කිරීමේ ක‍්‍රියාවලිය හරහා සමස්ත රටේ ආර්ථිකය ජාවාරම්කාර ආනයනකාර අතලොස්සක් විසින් හැසිරවීමේ ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කණපිට හරවන දැඩි ආරක්ෂණවාදී ප‍්‍රතිපත්තියක් නීතිගත කිරීමෙන් තොරව හුදු පැළැස්තර ඇලවීම මගින් දේශිය කර්මාන්තකරුවා සහ ගොවියා ආරක්ෂා කළ නොහැකි බව පිළිගැනීම.

මෙම මූලික කරුණු වලට අමතරව ඔබගේ ආණ්ඩුව විසින් සැලකිල්ල යොමුකළ යුතු ජාතික සංවිධාන විසින් සකස් කළ හැට වැදෑරුම් සමාජ සම්මුතියේ පිටපතක් ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරමි.

අවසාන වශයෙන්, සංස්කෘති ස`ගරාවට දස වසරක් පිරීම නිමිත්තෙන් 1962 දී පළකරනු ලැබූ විශේෂ කලාපයට ‘‘මෙරට අනාගතය බාරගන්නේ උගත් ගැමි පරපුරයි’’ යන ශිර්ෂය යටතේ මා විසින් සැපයූ ලිපියක මා සඳහන් කළේ ප‍්‍රභූ පැළැන්තිය සතු රාජ්‍ය පාලන බලය ග‍්‍රාමීය උගත් නිර්ප‍්‍රභූ තරුණයින් විසින් අත්පත් කර ගත යුතු බවය. එම අනාවැකිය සහ අපේක්ෂාව සඵලවීම පිළිබඳව මාගේ පුද්ගලික සතුට ප‍්‍රකාශ කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. එසේම එම සතුට කොපමණ කාලයක් පවතිනවාද යන්න තීරණය වනු ඇත්තේ ඔබතුමාට ඡුන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂා පිළිබඳව ඔබතුමා සංවේදී වන ප‍්‍රමාණය මත බවද දනිමි. කෙසේ වෙතත් ඔබතුමා වටා සිටින යම් ඊනියා නිරාගමික සංකල්ප පතුරවන අඳබාලයින් විසින් පනවනු ලබන මානසික බාධක නොසලකා දිවුරුම් දීමෙන් පසුව දළදා වහන්සේ වැ`දපුදා ගැනීමට තීරණය කිරීම තුළින් ඔබතුමා බලයට  පත්කළ බහුතර ජනතාවගේ හදගැස්ම පිළිබඳ ඔබතුමාට අවබෝධයක් තිබෙන බව පෙන්වීම ඉතා ධනාත්මක ප‍්‍රවනතාවයක් ලෙස සඳහන් කරමි.

මේ, වගට
ආචාර්ය ගුණදාස අමරසේකර, 
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව 

සම්බන්ධිත පුවත් | Related News

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.
වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ජාතික මට්ටමේ තරගකාරී විභාගවල සිදුවූ බව කියන අක්‍රමිකතා සහ ඊට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සිසුන්ට පොලිසිය පහරදීමේ සිද්ධිය මුල් කරගනිමින්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් කොංග්‍රස් පක්ෂයේ නායකයෝ අද නව දිල්ලියේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජුනි මාසය සඳහා මෙරට ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට ප්‍රංශ පාර්ලිමේන්තුවේ විශේෂ සංහිඳියා කමිටුව විසින් අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
යේමනයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරයක් (Naval Blockade) ප්‍රකාශයට පත් කර ඇති අතර, එය වසර ගණනාවකට පසු දෙපාර්ශ්වය අතර ඇති වූ විශාලතම උත්සන්න වීම ලෙස සැලකේ.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.