"තිරිඟු පිටි මිල ඉහළ දැමීම ගැන අපිව දැනුවත් කරලා නෑ.. වැටලීම් ආරම්භ කළා.." - පාරිභෝගික අධිකාරිය..
පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි මිල රු. 13කින් ඉහළ දැමීමට එරෙහිව දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඒ සඳහා අවශ්ය නීතිමය පියවර ගන්නා බවය.
අද (21) පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික අධිකාරිය දැනුම්වත් වූයේය මාධ්ය වාර්තා මගින් බවය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
"තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති බවට වූ පුවතක් මාධ්ය නිවේදනය කළා. නමුත් මේ සම්බන්ධව පාරිභෝක අධිකාරිය හැටියට අපව දැනුම්වත් කිරීමක් සිදුවෙලා තිබ්බේ නෑ.
අපි දැනගත්තෙත් මාධ්ය මගින් ප්රචාරය වූවාට පසුව. ඒ දැනගත් විගසම අපි තිරිඟු පිටි නිෂ්පාදනය කරන ආයතනවලට ඔවුන්ගේ මිල වැඩි කිරීමට හේතුව සහ මිල වැඩි කරා නම් ඒ කොපමණ මුදලකින් වැඩි කරාද කියන තොරතුරු විමසීමක් කලා. මේ වනවිට ඊමේල් පණිවුඩ මගින් අපි ඔවුන්ගෙන් තොරතුරු විමසීමක් කර තිබෙන්නේ.
කෙසේ නමුත් තිරිඟු පිට මිල වැඩි කිරීමට එරෙහිව අප අද දිවයින පුරා වැටලීම් සිදු කරනවා. වැඩි මිලට පිටි අලෙවි කරන්නන්ට එරෙහිව අවශ්ය නීතිමය පියවර ගන්නවා. මේ සම්බන්ධව ආයතන වශයෙන් එවන් ලද පිළිතුරු අනුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
අපගේ පනත අනුව තිරිඳු පිටි නිශ්චිත භාණ්ඩයක් හැටියට හඳුන්වලා දී තියෙනවා. ඒ අනුව පිටි මිල සංශෝධනය කරනවා නම් පාරිභෝග කටයුතු අධිකාරිය දැනුවත් කරලා ඔවුන් අපත් සමග සාකච්ඡා කරලා යම් එකඟතාවකට ඇවිල්ලා තමයි මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු වන්නේ.
මේ දක්වා එලෙස සාකච්ඡාවක් හෝ අපව දැනුම්වත්කිරීමක් හෝ සිදුවෙලා නැහැ. ඒ නිසා අප ඔවුන්ගෙන් නියමානුකූලව විමසීමක් කරලා අවශ්ය නීතිමය කටයුතු කරන්න මැදිහත් වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..