News Category
From Date
To Date
Maximum Number of Result

රෝගීන්ට ඖෂධ දුන් වරදට වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ජවිපෙ විසින් ඝාතනය කර වසර 26 යි

Sep 11, 2024 at 08:00 AM
|

මීට හරියටම දවස් 06 කට කලින් ජාතික ජන බලවේගයෙ හෙද හෙදියන්ගෙ සමුළුව තිබ්බා..

අනුර කුමාර දිසානායක මේකෙදි වැඩියෙන්ම කතා කරේ ඖෂධ ගැන. ඖෂධ හිඟය ගැන. ඖෂධ නැතුව මේ රටේ මිනිස්සු විඳින දුක ගැන..

මේ කතා අහනකොට ඖෂධ හිඟය සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන මට අතීත මතකයක් සිහියට ආවා..

ඒ 1988/89 ජවිපෙ භීෂණ සමයයි...

ඒ ජවිපෙ විසින් ලේක්හවුස් පත්තර බැලීම, රජයෙ රූපවාහිනිය බැලීම, රජයෙ ගුවන් විදුලිය ඇසීම, ඉන්දියානු නිෂ්පාදන මිල දී ගැනීම සහ පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබු යුගයයි.

වර්තමානයෙ වගේම එදාත් ලංකාවට ඖෂධ ගෙනාවෙ ඉන්දියාවෙන්. ඉන්දියාවට අද කියන්නෙ "ලෝකයෙ ෆාමසිය" කියලා.

ඉන්දියාවෙන් ගේන පරිප්පු ඇටේ, බීළුණු ගොඩියෙ සිට ඉන්දියානු ඖෂධ ගෙන්වීම පවා තහනම් කර තිබුණා.

රටේ විශාල ඖෂධ හිඟයක් ඇති වුනා. ඉස්පිරිතාල රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියා.

මේ වෙලාවෙ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙස වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන පත් කරනවා.

වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ කවුද..?

ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ විශේෂඥ කායික වෛද්‍යවරියක්.  ඇය පාසල් අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙන්. පසුව කොලඹ වෛද්‍ය පීඨයෙන් ඇය සිය වෛද්‍ය උපාධිය ලබා ගන්නවා.

ඉන්පසුව ඇය එංගලන්තයේ  ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පරපෝෂිත විෂය ( Parasitology ) සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධියක් ලබා ගන්නවා. එම විෂය සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධියක් ලබාගත් පලවෙනි ලාංකික කාන්තාව වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 

ඇය 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි..

එවන් සේවාවක් මේ රටට සිදු කළ ඇයට මොකද උනේ...?

ඉන්දියාවෙන් ගෙන ආ ඖෂධ කන්ටේනර් රේගුවෙ ගොඩ ගැහිලා. හැබැයි මේවා නිෂ්කාශනය කරන්න නිලධාරින් හිටියෙ බයෙන්. 

මොකද අද වගේම එදත් වරායෙ ජවිපෙ ක්‍රියාකාරකම් අති ප්‍රබලයි. ඔවුන් මේවා නිදහස් කරගන්න දුන්නෙ නෑ. ඒ වගේම ඒ මොහොතේ වරාය සේවකයන් වෑඩ වර්ජනයකත් නිරත වෙමින් හිටියා.

වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනප මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නාවික හමුදාවෙ සහය පතනවා. ඒ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න ඕන නිසා. 

එම කාර්යයට නායකත්වය දෙන්නෙ කපිතාන් අජිත් බෝයගොඩ.

අජිත් බෝයගොඩ පසුව මෙහෙම කියලා තිබුණා 

" වැඩ කිරීමට කැමති, එහෙත් ජවිපෙට බය වරාය සේවකයන් සමග මම එකඟතාවකට එනවා  මම ඔවුන්ට කිව්වා නාවික හමුදාව විසින් තුවක්කු බලයෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තා කියලා කියන්න කියලා "

ඒ 1989 සැප්තැම්බර් 12 වෙනි දායි... 

එම මෙහෙයුම සාර්ථක වෙනවා..

නාවික හමුදාව විසින් මුදාගත් ඖෂධ බහාලුම් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙ තොග ගබඩා වෙත ගෙන ඒමටත් ප්‍රථම ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු වෙඩික්කරුවන් කොම්පඤ්ඤ වීදියේදි වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනව වෙඩි තබා ඝාතනය කරනවා.

එය මිහිකත කම්පා කල ඝාතනයක්...

කුරා කුහුඹියෙකුටවත් වරදක් නොකල ඇය දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න  ඖෂධ කන්ටේනර් නිදහස් කිරීමෙ වරදට මහපාරේ මැරුම් කනවා.

ඇය අවසන් රාජකාරිය ලෙස කර තිබුනේ එම මෙහෙයුම සම්බන්ධයෙන් ස්තුති කර අජිත් බෝයගොඩට ලිපියක් ලිවීමයි. ඒ ලිපිය අජිත් බෝයගොඩට ලැබී තිබුනේ ඇගේ මරණයෙන් දිනකට පසුවයි.

අදටත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වාර්ෂිකව පරපෝෂිත විද්‍යාව පිළිබඳ රන් පදක්කමක් ඇගේ නමින් පිරිනමනවා.

මේ ඝාතනයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට උදා කර දුන් විමුක්තිය කුමක්දැයි මගේ හිත අදත් මගෙන් ප්‍රශ්ණ කරනවා.

අද ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක එදා ජවිපෙ ශිෂ්‍ය සංගමය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරුයි..

එදා 1989 සැප්තැම්බර් 12 ඇයව මරා දමනවා.මෙදා  2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය නමින් ඊට තරඟ කරනවා..

මේ ඝාතන සාධාරණ නම් සමහරවිට අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරනවා. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන මහත්මියත් සුරලොව ඉදන් ඔහුට සුබ පතාවි.

- නිලන්ත සත්සර ගමගේ
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී) 

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.