රෝගීන්ට ඖෂධ දුන් වරදට වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ජවිපෙ විසින් ඝාතනය කර වසර 26 යි
මීට හරියටම දවස් 06 කට කලින් ජාතික ජන බලවේගයෙ හෙද හෙදියන්ගෙ සමුළුව තිබ්බා..
අනුර කුමාර දිසානායක මේකෙදි වැඩියෙන්ම කතා කරේ ඖෂධ ගැන. ඖෂධ හිඟය ගැන. ඖෂධ නැතුව මේ රටේ මිනිස්සු විඳින දුක ගැන..
මේ කතා අහනකොට ඖෂධ හිඟය සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන මට අතීත මතකයක් සිහියට ආවා..
ඒ 1988/89 ජවිපෙ භීෂණ සමයයි...
ඒ ජවිපෙ විසින් ලේක්හවුස් පත්තර බැලීම, රජයෙ රූපවාහිනිය බැලීම, රජයෙ ගුවන් විදුලිය ඇසීම, ඉන්දියානු නිෂ්පාදන මිල දී ගැනීම සහ පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබු යුගයයි.
වර්තමානයෙ වගේම එදාත් ලංකාවට ඖෂධ ගෙනාවෙ ඉන්දියාවෙන්. ඉන්දියාවට අද කියන්නෙ "ලෝකයෙ ෆාමසිය" කියලා.
ඉන්දියාවෙන් ගේන පරිප්පු ඇටේ, බීළුණු ගොඩියෙ සිට ඉන්දියානු ඖෂධ ගෙන්වීම පවා තහනම් කර තිබුණා.
රටේ විශාල ඖෂධ හිඟයක් ඇති වුනා. ඉස්පිරිතාල රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියා.
මේ වෙලාවෙ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙස වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන පත් කරනවා.
වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ කවුද..?
ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ විශේෂඥ කායික වෛද්‍යවරියක්. ඇය පාසල් අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙන්. පසුව කොලඹ වෛද්‍ය පීඨයෙන් ඇය සිය වෛද්‍ය උපාධිය ලබා ගන්නවා.
ඉන්පසුව ඇය එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පරපෝෂිත විෂය ( Parasitology ) සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධියක් ලබා ගන්නවා. එම විෂය සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධියක් ලබාගත් පලවෙනි ලාංකික කාන්තාව වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා.
ඇය 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි..
එවන් සේවාවක් මේ රටට සිදු කළ ඇයට මොකද උනේ...?
ඉන්දියාවෙන් ගෙන ආ ඖෂධ කන්ටේනර් රේගුවෙ ගොඩ ගැහිලා. හැබැයි මේවා නිෂ්කාශනය කරන්න නිලධාරින් හිටියෙ බයෙන්.
මොකද අද වගේම එදත් වරායෙ ජවිපෙ ක්‍රියාකාරකම් අති ප්‍රබලයි. ඔවුන් මේවා නිදහස් කරගන්න දුන්නෙ නෑ. ඒ වගේම ඒ මොහොතේ වරාය සේවකයන් වෑඩ වර්ජනයකත් නිරත වෙමින් හිටියා.
වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනප මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නාවික හමුදාවෙ සහය පතනවා. ඒ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න ඕන නිසා.
එම කාර්යයට නායකත්වය දෙන්නෙ කපිතාන් අජිත් බෝයගොඩ.
අජිත් බෝයගොඩ පසුව මෙහෙම කියලා තිබුණා
" වැඩ කිරීමට කැමති, එහෙත් ජවිපෙට බය වරාය සේවකයන් සමග මම එකඟතාවකට එනවා මම ඔවුන්ට කිව්වා නාවික හමුදාව විසින් තුවක්කු බලයෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තා කියලා කියන්න කියලා "
ඒ 1989 සැප්තැම්බර් 12 වෙනි දායි...
එම මෙහෙයුම සාර්ථක වෙනවා..
නාවික හමුදාව විසින් මුදාගත් ඖෂධ බහාලුම් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙ තොග ගබඩා වෙත ගෙන ඒමටත් ප්‍රථම ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු වෙඩික්කරුවන් කොම්පඤ්ඤ වීදියේදි වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනව වෙඩි තබා ඝාතනය කරනවා.
එය මිහිකත කම්පා කල ඝාතනයක්...
කුරා කුහුඹියෙකුටවත් වරදක් නොකල ඇය දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න ඖෂධ කන්ටේනර් නිදහස් කිරීමෙ වරදට මහපාරේ මැරුම් කනවා.
ඇය අවසන් රාජකාරිය ලෙස කර තිබුනේ එම මෙහෙයුම සම්බන්ධයෙන් ස්තුති කර අජිත් බෝයගොඩට ලිපියක් ලිවීමයි. ඒ ලිපිය අජිත් බෝයගොඩට ලැබී තිබුනේ ඇගේ මරණයෙන් දිනකට පසුවයි.
අදටත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වාර්ෂිකව පරපෝෂිත විද්‍යාව පිළිබඳ රන් පදක්කමක් ඇගේ නමින් පිරිනමනවා.
මේ ඝාතනයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට උදා කර දුන් විමුක්තිය කුමක්දැයි මගේ හිත අදත් මගෙන් ප්‍රශ්ණ කරනවා.
අද ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක එදා ජවිපෙ ශිෂ්‍ය සංගමය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරුයි..
එදා 1989 සැප්තැම්බර් 12 ඇයව මරා දමනවා.මෙදා 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය නමින් ඊට තරඟ කරනවා..
මේ ඝාතන සාධාරණ නම් සමහරවිට අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරනවා. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන මහත්මියත් සුරලොව ඉදන් ඔහුට සුබ පතාවි.
- නිලන්ත සත්සර ගමගේ
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්‍ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..