News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

Jun 11, 2025 at 07:52 AM
|

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ඉල්ලා සිටිමින් එසේ සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණ හමුවේ පෙනී සිටිමින් මෙසේ කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී ඇති විධායක බලයක් වන ජනාධිපති පොදු සමාවට මුවාවෙලා බන්ධනාගාර නිලධාරින් සිය අභිමතය පරිදි අපරාධකරුවන් නිදහස්කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරින් ක්‍රියාකරලා තියෙන්නේ විනිසුරුවන් විදිහට. දඩ නොගෙවීම මත සිරගත කළ වරදකරුවන් බන්ධනාගාර අධිකාරිවරු කොහොමද ගෙදර යවන්නේ? මේක විධායක බලය අවභාවිත කිරීමක් පමණක් විතරක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිත කිරීමක්. ස්වාමිනි, මීට පෙර රටේ පොලිස්පතිවරයා තමන්ගේ හතුරෙකුට පහරදෙන්න කියලා තම නිලධාරින් යවලා නඩුවක් දාගත්තා. ඊළඟට ආගමන විගමන පාලක ජනරාල්වරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර රිමාන්ඩ් වුණා. දැන් අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනයේ ප්‍රධානියා අවිධිමත් ලෙස සිරකරුවෝ නිදහස් කිරීමකට ආධාර අනුබලදීමට අධිකරණය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේක කාලයක් තිස්සේ සිදුවූ ක්‍රියාවලියක්.

මොවුන් මේ රජයේ ආයතන තුළ කුඩා අධිරාජ්‍යය හදාගන්නවා. ලොක්කෝ ඉන්නේ රාජාසනයේ. හරියට පාතාල කණ්ඩායම් වගේ. ස්වාමිනි, ප්‍රශ්නගත වෙසක් පෝය දවසේ ක්ෂේත්‍ර 04ක් යටතේ, රට වටේ තියෙන බන්ධනාගාර 28කින් ජනාධිපති පොදුසමාව දිය හැකි රැඳවියන් ගැන නිර්දේශ ඇවිල්ලා තියෙනවා. විත්තිකූඩුවේ සිටින මේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එම නිර්දේශ අධිකරණ අමාත්‍යාංශයටත්, ජනාධිපති ලේකම් කර්යාලයටත් යොමුකරලා තියෙනවා. ජනාධිපතිවරයාට අනුමැතිය දුන් ලේඛනයේ තිබූ නම් 388 අතරේ අනුරාධපුර බන්ධනාගාරයෙන් නිර්දේශ කරපු නම් 36ක ලැයිස්තුවක් තිබිලා තියෙනවා. නමුත් නිදහස ලැබූ ප්‍රශ්නගත රැඳවියාගේ නම මේ කිසිවක නැහැ.

2024 නත්තලට ජනාධිපති පොදු සමාවට අනුමැතිය නොලද 57 දෙනෙකුත් මුදාහැර තිබෙනවා. 2025 නිදහස් දිනයේ පොදු සමාවට අනුමැතිය නොලද 11ක් මුදාහැර තිබෙනවා. වෙසක් දවයේ එහෙම මුදාහැරපු ගාණ හරියටම කීයද කියලා තාම සොයනවා. මේ සියල්ල සිද්ධවෙන්නේ විනිසුරුවන්ගේ නියෝගයෙන් නොවෙයි. අර මම කියපු බන්ධනාගාර අධිරාජ්‍යයේ රජ්ජුරුවන්ගේ නියමයෙන්. ලක්ෂ 25, 20 දඩ ගෙවාගන්න නොහැකිව සිරගත වූ රැඳවියන් හොරෙන් මේ බන්ධනාගාර අධිකාරිවරුන්ගේ ලේඛනවලට ඇතුළත් වෙනවා. අපි දැන් ප්‍රධානියාගේ ඉඳලා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙන්නේ. හැමෝම පරිස්සම් වෙන්න. හැමෝගෙම වත්කම් ගැනත් සොයනවා. ”

අනතුරුව සිය සේවාදායකයාට ඇප ඉල්ලමින් නීතිඥ දර්ශන කුරුප්පු මහතා මෙසේ පැවසුවේය.

“ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛයට අනුවයි මාගේ සේවාදායකයා කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන රැඳවියන්ගේ නම් එවනු ලබන්නේ සෑහෙන කාලයකට පෙරයි. ඒ නම් ලැයිස්තු එව්වට පස්සේ ඒ කාලසීමාවේම තවත් පිරිසක් සමාව ලැබීමට සුදුසුකම් ලබනවා.

අදාළ චක්‍රලේඛයට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න. එසේ එවනු ලබන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. වැරදි පුද්ගලයෙක් නිදහස් කරලා තිබෙනවනම් මේ නඩුවට අධිකරණ අමාත්‍යංශ ලේකම් වගේම ජනාධිපති ලේකම්වරයාත් සැකකරුවන් ලෙස නම් වියයුතුයි.

අනික මේ නිදහස් කිරීම අනුරාධපුර බන්ධනාගාරය සිදුකර තිබේනම් ඊට එම බන්ධනාගාර අධිකාරි වගකිවයුතුයි. නමුත්, මගේ සේවාදායකයා ඊට අනුබලදුන් බවට අඹමල් රේණුවක සාක්ෂියක් නැහැ. මගේ සේවාදායකයාට දැනට වැඩ තහනමට ලක්වෙලා තියෙන නිසා විමර්ශනයට බලපෑම් කරන්න ඔහුට හැකියාවක් නැහැ. එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඔහු ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා”

සම්බන්ධිත පුවත් | Related News

දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.