බංග්ලාදේශ අරගලකරුවෝ හසීනාගේ අවාමි ලීගයේ මන්ත්‍රීන් 20ක් මරා දමලා
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශ වලදී සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම අවාමි ලීගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් 100කට අධික පිරිසකගේ නිවාස මෙන්ම ව්‍යාපාරද, විරෝධතාකරුවන් කොල්ලකා විනාශ කර දමා ඇත.
අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෆිකුල් ඉස්ලාම් ශිමුල්ගේ නිවෙසට විරෝධතාකරුවන් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වී ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු ගිනිගත් නිවෙසේ කාමර සහ බැල්කනිවල තිබී එරට පොලිසිය පෙරේදා (06) සොයා ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.
එසේම අවාමි ලීගයේ දිස්ත්‍රික් සම ලේකම් සුමන් ඛාන්ගේ නිවෙසටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවත්, එම නිවෙසේ තිබී පිළිස්සී ගිය මළ සිරුරු 6 ක් සොයාගෙන ඇති බවත්, විරෝධතාකරුවන් නැවත වරක් අවාමි ලීගයේ පක්ෂ මූලස්ථානයට ගිනි තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වමින් පසුගිය මාසයේදී බංග්ලාදේශය විරෝධතා ආරම්භ වී ඉන් මියගිය 200 කට අධික පිරිසට යුක්තිය ඉල්ලා පසුගියදා නව විරෝධතා රැල්ලක් ආරම්භ විය.
අවසානයේ “වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ” ව්‍යාපාරය ඉල්ලා සිටි පරිදි මහාචාර්ය මුහම්මද් යුනුස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අන්තර්වාර රජයක් පිහිටුවීමට එරට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග බංග්ලාදේශයේ සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
– විමුක්ති එස්. රුද්‍රිගු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි
ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි