News Category
From Date
To Date
Maximum Number of Result

බංග්ලාදේශය කෙළින් කරන්න අඩිතාලම දැමූ මුජිබර් රහුමාන් සහ අරගලයෙන් බිඳදැමූ බංග්ලාදේශය

Aug 8, 2024 at 09:40 AM
|

බංගලියො ගැන දන්නවා. බංගලියො හොඳට ආශ්‍රය කරල තියෙනවා. ඒ නිසා බංගලි අරගලය ගැන හෑල්ලක් ලියන එක ටිකක් කල් දැම්මා. ඒකෙ ප්‍රතිඵල හෙට අනිද්දාම තැපෑලෙන් ලැබෙන නිසා අමුතුවෙන් ලියන්න උවමනාත් නැහැ. 

රැකියා කෝටාව අසාධාරණයි. ඒත් කෝටාවට මුවා වෙලා නයිකොටාලා පෙනේ පුප්පන කොට පෙරහැර ආපස්සට හරවන්න බැරි වෙයි. March to ඩකා හෙට අනිද්දා March to යකා වෙයිද දන්නෙත් නැහැ. මොකද නයි නටවන්නෙ අහිකුණ්ඨකයොම නොවන නිසා.

බංගබන්දු හෙවත් ශෙයික් මුජිබර් රහුමාන් ශික් හෂීනාගෙ අප්පච්චි බව ඇත්ත. ශික් හෂීනා කලුද සුදුද කියන එක පස්සට දාලා මේ පින්තූරය දැක්කම යමක් කියන්න හිතුනා.

මුජබර් රහුමාන් තමයි 1971 දි බංග්ලාදේශය නිදහස් කර ගත්තේ. ඒ නිසාම ඔහුව නූතන බංග්ලාදේශයේ පියා නමින් හඳුන්වනවා. බංගබන්දු කියන්නෙ "බෙංගාලයේ මිතුරා" 

මුජබර් නැත්නම් අද බංග්ලාදේශය තවත් සිරියාවක්. ඉතිහාසය කියවපු මිනිහෙක්නම් දෝණියැන්ද එක්ක තරහට අප්පොච්චිට කුලු ගෙඩියෙන් ගහන්නෙ නැහැ. ඉතිහාසය Tiktok, Facebook වීඩියෝ කෑලිවලින් හොයා ගන්න බැහැ. එලෝල ගිහින් හදාරන්න ඕන. කිරල මැනල තීරණය කරන්න ඕන. 

1947 දි ඉන්දියාවෙන් වෙන් වෙන කොට බංග්ලාදේශය තිබුණෙ පාකිස්තානයේ කොටසක් විදියට. හරියටම කිව්වොත් නැගෙනහිර පාකිස්තාන විදියට. මුජිබර් මුලින්ම දේශපාලනය කළේ ඉන්දීය මුස්ලිම් ලීගයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් විදියට. ඔහු මුලින්ම ඉංග්‍රීසි කිරීටයට එරෙහිව සටන් වැදුනා. 

වඩාත් ලිබරල්, ලෞකික අදහස් දැරූ මුජිබර් මුස්ලිම් ලීගයේ වාමාංශික කණ්ඩායමක් විදියට වෙන්ව කටයුතු කළා. පසුව අවාමි ලීගය බවට පත්වුණේ මේ කාන්ඩායම. ඔහු 1950 දි පාකිස්තාන  පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒ වෙනකොට පාකිස්තානය පාලනය කළේ ෆීල්ඩ් මාෂල් අයූබ් කාන්. මුජබර්ගේ අවාමි ලීගය තමයි 1970 පළමු පාකිස්තාන මහා මැතිවරණය දිනුවේ. නමුත් මිලිටරි ජුන්ටාව මුජබර්ට බලය පැවරීම ප්‍රතික්ෂේප කළා. බංග්ලාදේශ නිදහස් ව්‍යාපාරයේ ආරම්භය සිදුවුණේ එතැනින්. 

මුජිබර් රහුමාන්  නැගෙනහිර පාකිස්තානය නිදහස් කර ගැනීමට සටන් කළා. ඔහුගේ පාක්ෂිකයන් නිදහස් බංග්ලාදේශයේ නායකයා විදියට මුජිබර්ව  නම් කළා. ඔහු ඒ වන විටත් හිටියේ පාකිස්තාන අත්අඩංගුවේ. 1972දී ඔහු වීරයෙකු ලෙස නිදහස් බංග්ලාදේශයට ගොඩ බැස්සා.

ඔහු බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමටත්, ඉන්දියාවෙන් පාකිස්තානය නිදහස් කර ගැනීමටත් අවසානයේ පාකිස්තානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමටත් සටන් කළා. අවුරුදු 12ක් හිරබත් කෑවා. බංග්ලාදේශය මධ්‍යස්ථ නොබැඳි රටක් වුණේ මුජබර් නිසයි. 

1975 දී හමුදා කුමන්ත්‍රණයකින්  ඔහුව ඝාතනය වුණා.  ඒත් සමඟ ඔහුගේ බිරිඳ, පුතුන් තුන් දෙනා, ලේලිවරුන් දෙදෙනෙක්, සහෝදරයා, පුද්ගලික  කාර්‍ය මණ්ඩලය, පොලිස් නිලධාරීන්, හමුදාවේ බ්‍රිගේඩියර් ජනරාල්වරයෙක් ඇතුළු බොහෝ දෙනෙක් ඝාතනය වුණා. ශික් හෂීනා හා ඉතිරි වූ නැඟනිය ඉන්දියාවට පලා ගියා.

හමුදා කුමන්ත්‍රණය ගැන ඉන්දීය බුද්ධි අංශ ඔහුට අනතුරු ඇඟවූවා. ඒත් ඔහු කිව්වේ "මගේ රටේ මිනිස්සු කවදාවත් මට ගහන්නෙ නෑ" කියල

මුජබර් තනි සුදු චරිතයක් නෙවෙයි. 1974 සාගතය, මානව හිමිකම් උල්ලංඝණය වගේම අධිකාරිවාදය ගැන ඔහුට චෝදනා එල්ල වුණා.නමුත් ම්ලේච්ඡ ලෙස මරා දැමීමට තරම් ඒ චෝදනා ප්‍රබල නැහැ. 

මුජබර් ඝාතනය ගැන ලෝකයම කම්පා වුණා. බංගලියන් ගුණමකු ජාතියක් ලෙස හංවඩු ගැහුණා. අදටත් එහි පසු කම්පන පහව ගිහින් නැහැ.  

මෑත කාලයේ BBC සේවය විශිෂ්ඨතම බෙංගාලි ජාතිකයා නම් කිරීමට මත විමසුමක් සිදුකළා. එහිදී නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝර් දෙවැනි තැනට පත්කරමින් මුජිබර් රහුමාන් අංක එකට පැමිණියා.

ගංවතුරෙන් හේදී ගිය මඩවගුරක ජිවත් වූ හඩු ගඳ ගහන ජාතියක් යාන්තමින් හරි කෙළින් කරන්න අඩිතාලම දැම්මෙ මුජබර් තමයි. 

බංග්ලාදේශය ෆින්ලන්තය වගේ පාලනය කරන්න බැරි බව නොබෙල් ත්‍යාගලාභී මොහමඩ් යූනුස්ටත් ඉක්මනින් තේරේවි.

Copied from Shanaka Madhushan Liyanagama



සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.