බ්‍රිතාන්‍ය කැරලිකරුවන් සංක්‍රමණිකයන් රැඳි සිටි හෝටලයකට ගිනි තබති.
සංක්‍රමණිකයන්ට සහ ඉස්ලාම් ආගමට එරෙහිව එංගලන්තය පුරා විරෝධතා පැන නැගිද්දි, එංගලන්ත වැසියන් ජීවත්වන ර්‍ඔතෙර්හම් නගරයේ සරණාගතයින් නවාතැන් ගෙන සිටින හෝටලයකට දක්ෂිනාංශික විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇතැයි වාර්තාවේ. කෙසේ වුවද කැරලිකරුවන් “නීතිය හමුවට” පමුණුවන බවට අගමැති කීර් ස්ටාර්මර් ප්‍රතිඥා දුන්නේය.
ඊයේ(04) දහවල් රොදර්හැම් හි හොලිඩේ ඉන් එක්ස්ප්‍රස් ශාලාවෙන් පිටත සියගණනක් ජනයා රැස්ව, 2022 සිට හෝටලයේ රඳවා සිටින සරණාගතයින් 130 දෙනා වෙත විරෝධ්ය පල කරමින් පොලිස් නිලධාරීන්ට ලී සහ බෝතල් වලින් ප්‍රහාර එල්ල කරමින් “ඔවුන් එළියට දමන” ලෙස කෑ ගසමින් විරෝධතාවයේ යෙදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු යෝක්ෂයර් පොලිසිය පැවසුවේ, හෝටලයේ බිම් මහල තුළ ගිනි තැබීමට පෙර, එහි ජනෙල් කඩා ගොඩනැගිල්ලෙන් පිටත කුණු කසළ පුළුස්සා දැමීමට විරෝධතා කරුවන් කටයුතු කර ඇති බවයි. කැරලිකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් නිලධාරීන් දස දෙනෙකු තුවාල ලබා ඇති බවද යෝක්ෂයර් පොලිසිය මාධ්‍ය වෙත පැවසුවේය.
පොලිසිය පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර සුළු මොහොතකට පසු ගින්න නිවා දමන ලදී.
පසුගිය ජූලි 29 වනදා සිට බ්‍රිතාන්‍යයේ නගර බොහෝ ගණනක් දක්ෂිණාංශික විරෝධතා සහ කෝලාහල වලින් කැළඹීමට ලක්ව ඇත. රුවන්ඩා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික යෞවනයෙකු ලිවර්පූල් අසල සවුත්පෝර්ට් නගරයේ ළමුන් තිදෙනෙකුට පිහියෙන් ඇන තවත් දස දෙනෙකුට තුවාල සිදු කළේය. පිහි ඇනුම සඳහා වගකිව යුතු පිහිකරු මුස්ලිම් බවට සාවද්‍ය කටකතාවකින් මුලදී ඇවිල ගියද, පසුව එම පෙලපාලි ඉස්ලාමයට, මහා සංක්‍රමණවලට සහ දේශපාලන නායකයින් සංක්‍රමණිකයන්ට එරෙහිව කටයුතු කිරීමට වඩා දක්ෂිණාංශික විසම්මුතිය යටපත් කිරීමට වැඩි සැලකිල්ලක් දක්වන බවට වන මතයට එරෙහිව පුලුල් විරෝධතාවයක් දක්වා වර්ධනය වී ඇත.
පසුගිය 03වනදා ලිවර්පූල්, මැන්චෙස්ටර්, ස්ටෝක්, ලීඩ්ස් සහ අනෙකුත් නගරවල ඇති වූ කෝලාහලවලින් පසු පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.ඊයේ(04) මිඩ්ල්ස්බ්‍රෝ, බ්ලැක්බර්න් සහ ටැම්වර්ත් ඇතුළු ස්ථානවල ද එවැනිම කැරලි ඇති විය. බෝල්ටන් සහ ස්ටෝක් ඇතුළු සමහර නගරවල මුස්ලිම් විරෝධතාකරුවන්ගේ මැර කල්ලි, පිහි සහ මුගුරුවලින් සන්නද්ධව සිටිනු දක්නට ලැබුණු බව ප්‍රවෘත්ති වාර්තා පවසයි.
ඊයේ(04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති ස්ටාර්මර් අනතුරු ඇඟවූයේ ඉදිරියේදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදුවනු ඇති බවයි. “මෙම ප්‍රචණ්ඩත්වයට සහභාගී වූවන් නීතියේ සම්පූර්ණ ආධිපත්‍යට මුහුණ දෙනු ඇත.” ඔහු ප්‍රකාශ කළේ, වගකිව යුත්තන් “මෙම අක්‍රමිකතාවට සහභාගී වීම ගැන කනගාටු වනු ඇති” බවට අනතුරු අඟවමිනි. ඊයේ(04) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සහ මෙම සතිය මුලදී කළ එවැනිම අදහස් දැක්වීමකදි, ස්ටාර්මර් නොසන්සුන්තාවයට මුල් වූ හේතු කිසිවක් සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ කළේ නැත. ඒ වෙනුවට ඔහු "අන්ත දක්ෂිණාංශික වෛරය" සහ අන්තර්ජාල "වැරදි තොරතුරු" මත ප්‍රචණ්ඩත්වයට මහජනයා යොමුවීම වෙනුවෙන් සියලු දොස් පැවරීය.
රොදර්හැම් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 1980 ගණන්වල අගභාගයේ සිට 2013 දක්වා කාලය තුළ තරුණියන් 1,400ක් පමණ ලිංගික අපයෝජනයට ලක් කළ ප්‍රධාන වශයෙන් කුප්‍රකට බ්‍රිතාන්‍ය-පකිස්තාන සම්භවයක් සහිත මුස්ලිම් 'ස්ත්‍රී දූෂක කල්ලිය' බ්‍රිතාන්‍ය තැති ගැන්වීමට ලක් කර තිබේ. කෙසේ වුවද කල්ලියේ අපරාධ වසන් කිරීමට හේතු වූයේ අපරාධකරුවන් හඳුනාගෙන දඬුවම් කිරීම “ජාතිවාදී” ලෙස සලකනු ඇතැයි යන බිය නිසා ය.
WATCH British rioters torch migrant hotel
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..