හමාස් දේශපාලන මණ්ඩලයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී මරා දැමූවා- හමාස් සංවිධානය පවසයි

පලස්තීන හමාස් සංවිධානය අද(31) ප්‍රකාශ කළේ එම ව්‍යාපාරයේ දේශපාලන මණ්ඩල ප්‍රධානී ඉස්මයිල් හනියේ ඉරාන අගනුවර වන ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් මිය ගිය බවයි.
ඉරානයේ නව ජනාධිපතිවරයාගේ සමාරම්භක උත්සවයට සහභාගි වී තම වාසස්ථානයට පැමිණීමෙන් අනතුරුව හමාස් සංවිධානයේ දේශපාලන මණ්ඩලයේ ප්‍රධානියා වූ ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන් මරණයට පත්ව ඇති බව එම ව්‍යාපාරය පවසයි.ඉරානයේ නව ජනාධිපති Masoud Pezeshkian ඊයේ(30) දිවුරුම් දුන්නේය.
මේ අතර ඊශ්‍රායල හමුදාව "විදේශ මාධ්‍යවල වාර්තාවලට ප්‍රතිචාර නොදක්වන" බව පවසමින් සිද්ධිය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව, CNN ප්‍රවෘත්ති සේවය පැවසුවේය. වොෂින්ටනය සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව එක්සත් ජනපද රජයේ නියෝජිතයා මාධ්‍ය වෙත පැවසුවේය.
ටෙහෙරානයේදි හමාස් දේශපාලන මණ්ඩල ප්‍රධානී ඉස්මයිල් හනියේ සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමට හේතු ඉරානය විමර්ශනය කරමින් සිටින අතර ප්‍රතිඵල ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය උපුටා දක්වමින් Tasnim ප්‍රවෘත්ති ඒජන්සිය බදාදා වාර්තා කළේය.MOSCOW (Sputnik)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්