නව ව්‍යවස්ථා කෙටුම්පත: මනෝහාර මැතිතුමාගේ ආරක්ෂාකාරී ප්‍රතිපාදන වලින් සැබෑ ආරක්ෂාව නොලැබෙන බව පෙන්වා දීම
1987 සිට අද දක්වා මා විසින් 13 වැනි සංශෝධනයට එරෙහිව විවිධ සංවාද මතු වූ අවස්ථාවල පුවත්පත් සහ සඟරා වලට සපයා ලිපි ප්‍රමාණය 20කට අධික වන අතර සකස් කරන ලද අත් පත්‍රිකා ප්‍රමාණය 10 ඉක්මවා යයි. එහෙත් මා මෙම ලිපිය ලියන්නේ නොලියාම බැරි නිසාය. කමිටුවේ සාමාජික වූ මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා විසින් අදාල ප්‍රතිපාදන පිළිබඳව විරෝධය පළ කරන තත්ත්වයක් තුළ සහ ජනාධිපති නීතිඥ මාරපන මහතා විසින් තමා මෙම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රචලිත කිරීමට ඉදිරිපත් නොවන බව සඳහන් කරද්දී ජාතිකවාදී කඳවුරේ ගෞරවනීය චරිතයක් වන මනෝහාර මහතා නව කෙටුම්පතේ පළාත් සභා වලට අදාල ප්‍රතිපාදන වෙනුවෙන් 100% කොන්දේසි විරහිතව පෙනී සිටීම පුද්ගලිකව කණගාටුවට කරුණකි.
මනෝහාර මැතිතුමා සඳහන් කරන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් ආරක්ෂාව ලැබෙන්නේ බෙදුම්වාදයට අදාළව ආණ්ඩුවේ ප්‍රතිපත්ත සහ ඊට එරෙහිව පවතින මහජන මතය අනුව ය. නව කෙටුම්පත මගින් ආණ්ඩුකාරවරයාගේ බලය අහෝසි කිරීම මගින් දැන් තිබෙන ආරක්ෂාව පවා දුර්වල කෙරෙන තත්ත්වයක් තුළ ආණ්ඩුවට ප්‍රායෝගිකව බෙදුම්වාදීන්ගේ උත්සාහයනට ඉඩ සලසමින් කටයුතු කිරීමට වැඩි ඉඩක් ලැබේ. නීතීඥයෙක් ලෙස එතුමා වගන්තිවල අඩංගු ප්‍රතිපාදන තුළින් අවසන් ප්‍රතිඵලය විනිශ්චය කිරීම පිළිබඳව මාගේ විරෝධයක් නැත. එහෙත් මාගේ ලිපියේ මුලින්ම සඳහන් කළ ආකාරයට ව්‍යවස්ථාමය ප්‍රතිපාදන විග්‍රහ කරගත යුත්තේ ඊට අදාළ දේශපාලන අරමුණු සහ ඒ කරා ළඟාවීම සඳහා යොදාගන්නා දේශපාලන උපාය මාර්ග වලට සහ මාර්ග සිතියමට සාපේක්ෂව ය.
1985 සිට තම්පු සාකච්ඡා මගින් මඟින් අපේක්ෂා කරනු ලැබුවේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමය. එහි අවසන් අරමුණ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමය. ඉන්දියාව ඊට මැදිහත් වන්නේ 1932 සර්ධාර් පනික්කාර් න්‍යාය අනුව ඊළාම් රාජ්‍යය ගිවිසුම් මගින් අර්ධ යටත් විජිතයක් ලෙස ඈඳා ගැනීම සඳහා බවට සාක්ෂි ඇත. ඉන්දු ලංකා ගිවිසුම තුළ 13 වැනි සංශෝධනයක් හෝ පළාත් සභා පිළිබඳව සඳහන් නොවුණද ඒකාබද්ධ උතුරු සහ නැගෙනහිර පළාත් වලට අසම්මිතික බලය බෙදීමක් පිළිබඳ සඳහන් වේ. ඒ අනුව ඉන්දියාව ප්‍රභාකරන්ට පොරොන්දු වන්නේ අනාගතයේ දී බෙදී වෙන්වී යාමට ඉඩ සලසන ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කරන බවටය. (විවිධ රටවල් බෙදා වෙන් කළ ආකාරය සහ ජාත්‍යන්තර අධිකරණ තීන්දු හුවාදක්වමින් මා විසින් සඳහන් කරන්නට යෙදුනේ එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අනාගත රාජ්‍යයේ දේශ සීමා සලකුනු කුල යුතු අතර පරමාධිපත්‍ය බලය බෙදී යන ආකාරයට ව්‍යවස්ථාව මගින් එම ජනතාවට යම් බලතල ප්‍රමාණයක් ලබාදීම එවැනි ක්‍රියාවලියක ප්‍රධාන අංග වන බවය) එහිදී අසම්මිතික බලය බෙදීම වෙනුවට රට පුරා පළාත් සභා පිහිටුවීමට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩු එකඟ වන්නේ මහජනයා ගොනාට ඇන්දවීම සඳහා බව ඉතා පැහැදිලිය.
කෙසේ වෙතත් තිම්පු සාකච්ඡා මගින් යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් හෙවත් ආරක්ෂාකාරී වගන්ති කිහිපයක් ඇතුල් කිරීමට ඉන්දියාව එකඟ වන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ගේ බලපෑම නිසා බවට සාක්ෂි ඇත. එතුමා එදා 1987 පෙබරවාරි සහ නොවැම්බර් මාසවලදී පාර්ලිමේන්තුවට කරන ලද ප්‍රකාශ මගින් පූර්ණ ෆෙඩරල් පාලනයක් ලබා දුනහොත් රට බෙදීම වැළැක්විය නොහැකි බවට ඉතා පැහැදිලි ව සඳහන් කරනු ලැබීය. (මෑතකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ද අයිලන්ඩ් පුවත්පත මගින් ප්‍රකාශයට පත් කළ 13 බලාත්මක කිරීමේ අනතුර පිළිබඳව ලියන ලද ලිපි පෙළ මඟින් ඒ බව දීර්ඝලෙස අනාවරණය කරනු ලැබීය. මනෝහාර මැතිතුමා ඒවා ගැඹුරින් හදාරන්නට ඇතැයි කල්පනා කරමි.) ඉන්දියාවට වුවමනා ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකර ඊට ව්‍යස්ථාමය බාධක පැනවීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතාට අවකාශය ලැබෙන්නේ එදා පැවැති ප්‍රබල මහජන විරෝධය තුළ ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි වීම නිසාය.
බහුතර සිංහල ජනතාවගේ අනුකම්පාව මත ඊළාම දිනාගැනීමට බෙදුම්වාදීන් සැලසුම් නොකරන බව ඉතා පැහැදිලිය. මනෝහාර මැතිතුමාලාට “ඔරුමිත්ත නාඩු’ මුල් කරගෙන පොත් ලිවීමට සිදුවන්නේ ජනමත විචාරණයකින් සිදු කළ යුතු සංශෝධන සිදුකිරීමට බෙදුම්වාදීන් ඉදිරිපත් නොවන බව වටහාගැනීමට නොහැකිවීම නිසාය. ව්‍යවස්තා ප්‍රතිපාදන ඊට අදාල දේශපාලන අරමුණ සහ ඒ කරා ළඟාවන උපායමාර්ගික මාර්ග සිතියම අනුව කියවා ගත යුතු බවට අවධාරණය කරනු ලබන්නේ බෙදුම්වාදීන් අප නොමග යැවීම සඳහා හෝ ගොනාට ඇන්දවීම සඳහා රඟපාන නාට්‍යවල සැබෑ පිටපත තේරුම් ගැනීම සඳහාය.
කෙසේ වෙතත් 1987 ජූලි මාසයේදී ආයුධ බිම තැබීමට එකඟ වන ප්‍රභාකරන් නොවැම්බර් මාසයේදී 13 වැනි සංශෝධනය සම්මත කිරීමට පෙර නැවත ආයුධ අතට ගන්නේ බෙදුම්වාදයට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය නොවන නිසාය. ඒ අනුව අනාගත සංශෝධනයක් මගින් හෝ පරිපාලන වශයෙන් 13 බලාත්මක කිරීමට නම් කේවල් කිරීමේ බලය අවශ්‍ය වේ. ප්‍රභාකරන් දිගටම යුද්ධ කරන්නේ 13 බලාත්මක කරවා ගැනීමට බව ඉතා පැහැදිලිය. රෝ සංවිධානය විසින් පසුකාලීනව ප්‍රභාකරන් නොමැති ඊලමක් ප්‍රාර්ථනා කිරීම වෙනම කරුණකි.
ඒ අනුව 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා පනවා ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා ප්‍රවේශයන් දෙකක් යොදා ගැනීමට හැකියාව ඇත. පළමුවැන්න ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බාධක ඉවත් කිරීමය. නමුත් රටේ පවතින විරෝධය නිසා ජනාධිපතිවරුන් 7 දෙනෙකුට ඒ සඳහා ධෛර්යයක් තිබුණේ නැත. දෙවන ක්‍රමවේදය පරිපාලන වශයෙන් එම බාධක අභිබවා යාම මගින් 13 බලාත්මක කිරීමය. වර්තමාන ජනාධිපතිවරයා එම දෙවන ක්‍රමය ඉතා ඉහළින් ම යොදා ගැනීමට අපේක්ෂා කරන බව පැහැදිලිව දැක ගත හැක. එහෙත් ක්‍රමවේද දෙකම දෙමුහුන් කිරීමේ උත්සාහයන් බැහැර කළ නොහැක. විශේෂයෙන්ම පවතින ආපදා තත්ත්වය යටතේ මහජනයා වික්ෂිප්තව සිටින තත්වයක් තුළ ඒ සඳහා යම් ඉඩක් ඇත.
මා විසින් නැවත නැවතත් අවධාරණය කරනු ලබන්නේ මෙම සමස්ත මහා පින්තූරය තේරුම් නොගෙන වගන්ති තුළින් පමණක් කියවා ගැනීම මගින් අනර්ථයක් සිදු වන බව ය. මාගේ ලිපියේ සඳහන් වූ බාධක 05 පිළිබඳව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව ප්‍රසිද්ධ රැස්වීම්වල පවා අදහස් දක්වා ඇත. ඔහුගේ මතය අනුව 13 යනු ශ්‍රී ලංකාවේ හිසට උඩින් එල්ලා ඇති කඩු තුඩකි. එය රඳවා ඇත්තේ ව්‍යවස්ථාමය බාධක නැමැති සිහින් රැහැන් පට 5ක් මගිනි. ඒ නිසා දිවි හිමියෙන් ඒවා කපා දැමීමට ඉඩ නොදිය යුතු බව ඔහුගේ මතය විය. එපමණක් නොව එම කඩුව සොලවා ගලවා දැමීමට උත්සාහ කළහොත් එය හිස මත මත කඩා වැටිය හැකි බවට ඔහු විසින් අනතුරු ඇඟවීය. එනම් දහතුන්වැනි සංශෝධනය පමණක් ඉවත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම මගින් දේශපාලන අර්බුද නිර්මාණය විය හැකි බවය. ඒ අනුව ඔහුගේ අදහස වූයේ රැහැන් පට කැපීමට ඉඩ නොදී ආරක්ෂා කරන අතර 13ක් නැති නව ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු බව සහ බෙදුම්වාදයට ගොදුරු නොවන ආකාරයට බලය විමධ්‍යගත කළ යුතු බවය.
එහෙත් ඔහු විසින් බි්‍රතාන්‍ය ආදර්ශයක් ගෙන හැර දක්වමින් සඳහන් කළේ ප්‍රකාශන පනතක් මගින් මීට පෙර පාර්ලිමේන්තුව විසින් සිදු කළ වරදක් නිවැරදි කළ හැකි බවය. ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසුව පළාත් සභා පනත සම්මත කිරීම වෙනුවට ඒ දෙකම එකවර සංශෝධනය කිරීමේ පටිපාටිමය වරද එම ක්‍රියාවලියම අහෝසි කිරීමෙන් නිවැරදි කළ හැක. එවිට අවශ්‍ය නම් නිවැරදි ආකාරයට 13 නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක. නමුත් යුද ජග්‍රහණයෙන් පසුව පවා එවැන්නක් සඳහා දේශපාලන ධෛර්යයක් ඇති කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් විය. ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ ප්‍රබලයන් ද පිළිගන්නා ආකාරයට ඉන්දියාව අභියෝග නොකර හෝ ඉන්දියාව උදහසට ලක් නොකර අප රටේ ව්‍යවස්තා සංශෝධන සිදු කළ යුතු බවට මානසික බාධක පනවා ගැනීම ඊට හේතු වූවා විය හැක.
ඉහත සඳහන් කළ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයකින් නොවේ නම් 13 බලාත්මක කලහැකි දෙවන ක්‍රමය පරිපාලන තීන්දු මගින් බලාත්මක වීමට ඉඩ සැලසීමය. වර්තමාන ආණ්ඩුව වැනි බෙදුම්වාදීන් සතුටු කිරීමට සැදී පැහැදී සිටින ආණ්ඩුවකට එය සුළු දෙයකි. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා විසින් මහ ඇමතිට යටත්වන ආණ්ඩුකාරවරයෙකු පත් කළහොත් එම ආණ්ඩුකාරය ප්‍රඥප්ති සම්මත කිරීමේදී ඊට එරෙහිව පියවර ගැනීමෙන් වැළකී සිටිනු ඇත. එවිට අදාළ ප්‍රඥප්තියේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව මගින් ලබාදී ඇති අවස්ථාවද අහිමි වේ.
ඊට අදාළ දෙවන ක්‍රමය පළාත් බලය දුර්වල කෙරෙන මධ්‍යම රජයේ පනත් සංශෝධනය කිරීම මගින් දුර්වල කිරීමය. උදාහරණ ලෙස මහවැලි අධිකාරිය පනත අහෝසි කිරීම සහ අදාළ ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතට පත් කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත, පුරාවිද්‍යා පනත, වනජීවී සහ වන සංරක්ෂණ පනත සංශෝධනය කිරීම ආදිය දැක්විය හැක. දැනටමත් එම ක්‍රියාවලිය ආරම්භ වී ඇති බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් තුළ නව කෙටුම්පතක් තුළ දැනට පවතින බාධක දුර්වල කිරීම සාධාරණීකරණය කළ හැකිද? උදාහරණයක් ලෙස නව කෙටුම්පත මගින් ආණ්ඩුකාර බලතල ඉවත් කර ඇති බැවින් මීට පෙර සම්මත කිරීමට උත්සාහ කළ ඒත් නොහැකි වූ මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය වැනි භයානක ප්‍රඥප්ති ඉතා පහසුවෙන් සම්මත කර කර ගැනීමට ඉඩ ලැබේ.
නව කෙටුම්පතට අනුව මගින් පළාත් සභාවකට විෂයන් 67කට අදාලව ඕනෑම ප්‍රඥප්තියක් සම්මත කර ගැසට් කළ හැක. ඊට එරෙහිව ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්විය හැක්කේ ප්‍රඥප්තිය සම්මත කිරීමෙන් පසු ව ය. එම අවස්ථාවද අධිකරණයේ අනුකම්පාවට යටත් කිරීම සාධාරණීකරණය කෙරෙන්නේ කෙසේද? සුමනිතිරන් මහතා විසින් සකස් කළ බවට පිළිගත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ 22ක ලෙස නම් කළ 21 වැනි සංශෝධනය මගින් ආණ්ඩුකාරවරයාගේ බලය දුර්වල කිරීම සඳහා වගන්ති දෙකක් ඇතුල් කර තිබුණි. ඒ අනුව නව කෙටුම්පත පිළිබඳව සුමන්දිරන් මහතා කෙතරම් සතුටු වනු ඇද්ද.
මනෝහරන් මහතා විසින් වගන්ති දක්වමින් පළාත් ප්‍රඥප්ති අභිබවා මධ්‍යම රජයට නීති සම්පාදනය සිදු කළ හැකි බව සඳහන් කළ ද එසේ සිදුවන්නේ ප්‍රායෝගිකව බෙදුම්වාදීන් සමග ආණ්ඩුව සිදුකරන ගනුදෙනු වලට සාපේක්ෂවය. 13වැනි සංශෝධනය තුළ අඩංගු වූ ප්‍රධාන බාධකයක් වූයේ ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම රජයට පමණක් ලබාදීමය. නව කෙටුම්පත මගින් එය තවදුරටත් විස්තීරණ ලෙස දක්වා ඇතත් පළාත් සැලසුම්කරණය නැමැති බලතල යටතේ යම් සැලසුමකට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත. සැලසුම්කරණ යනු හුදු භෞතික සැලසුම් සකස් කිරීම පමණක් නොවේ. සැළසුමක් පදනම්වන ප්‍රතිපත්තියද සැලුසුමේ කොටසක් බවට පත්වේ.
කෘෂිකාර්මික බලතල ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් සැලසුමක් සකස් කිරීමේදී කෙටි කාලීනව ආයෝජකයන්ට ඉඩ ලබාදීම පළාත් ප්‍රතිපත්තියක් බවට පත්වේ. එවිට ඉඩම් ප්‍රඥප්තියක් නොමැතිව වුවද ජනාධිපතිවරයා විසින් විසින් ඉඩම් ප්‍රමාණයක් බදු පදනමෙන් නිකුත් කිරීම සඳහා නිදහස් කරන්නේ නම් කෘෂිකර්ම ප්‍රඥප්තිය යටතේ එය සිදුකල හැක. ඊට අමතරව අමාත්‍යවරයාට යම් යෝජනා ඉදිරිපත් කිරීම සහ අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීම මගින් අදාල ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා නව කෙටුම්පත මගින් ප්‍රතිපාදන පනවා ඇත. එවැනි සැලසුම් මගින් මහජනයාට යහපතක් සිදුවී නම් ඊට එරෙහි වීමට මධ්‍යම රජයේ අමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට පහසු වන්නේ නැත. විශේෂයෙන්ම පළාත්තුල ආයෝජන ප්‍රවර්ධනය සඳහා බලතල ලබා දී ඇති බැවින් රටට ආර්ථික ප්‍රතිලාභ ලබා දීමේ මුවාවෙන් ඩයස්පෝරාව ද මැදිහත්කර ගනිමින් එවැනි ප්‍රඥප්ති සාධාරණීකරණය කිරීමේ හැකියාව ලැබේ. ආයෝජන දිරිමත් කිරීම සහ වෙළඳාම දිරිමත් කිරීම සහ වානිජ ආයතන පිහිටුවීම සඳහා ලබා දී ඇති බලතල සීමා කිරීම සඳහා නව කෙටුම්පත තුළ වෙනත් විශේෂිත ප්‍රතිපාදන පනවා නැත.
පළාත් සභා වලට වාණිජ බැංකු හැර වෙනත් ඕනෑම වාණිජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලය ලබා දී ඇති තත්ත්වයක් තුළ සහ ආයෝජන දිරිගැන්වීම සඳහා බලය ලබාදී ඇති තත්ත්වයක් තුළ මහා පරිමාණ ආරක්ෂක සමාගමක් පිහිටුවීම වැළැක්වීම සඳහා වෙනත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ඇතුළු කර නැත. එසේ ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන පනත සංශෝධනය කරන තත්ත්වයක් තුළ රජයේ විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා පළාත්වලට බලය ලබාදී නැතත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වැළැක්වීම සඳහා ප්‍රතිපාදනයක් නොමැත. වානිජ ආයතන පිහිටුවීම සහ ආයෝජන දිරිගැන්වීම යටතේ පුද්ගලික විශ්ව විද්‍යාල පමණක් නොව ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල ශාඛා පිහිටුවීම හෝ පුද්ගලික පාසල් පිහිටුවීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් නැත. මනෝහාර මැතිතුමා වගන්ති ගැන කියමින් එම තත්ත්වයන් ප්‍රතික්ෂේප කළද ප්‍රායෝගිකව සිදුවන දේ තේරුම් ගැනීමට මහා දැනුමක් අවශ්‍ය නොවන බව මගේ අදහස වේ.
නව කෙටුම්පතට අනුව ප්‍රඥප්තියක් සම්මත කිරීමට පෙර කිසිවක් කළ නොහැකි බැවින් ඊට පසුව ගනු ලබන තීරණ දේශීය අධිකරණය ඉදිරියේ පමණක් නොව ජාත්‍යන්තර අධිකරණය හමුවේ පවා අභියෝගයට ලක්විය හැක. නැගෙනහිර ටිමෝරයට අදාළ ජාත්‍යන්තර අධිකරණ නඩු තීන්දුව මෙන්ම කොසෝවෝ වලට අදාළව එම අධිකරණයෙන් ලබාගත් මත විමසුම් අනුව පරමාධිපත්‍ය බලය බෙදී යන ලෙස බලය බෙදා ඇති අවස්ථාවක එය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදේනම් එම ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ ඉඩක් විවර වේ. එවැන්නක් සිදුවීම සඳහා ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීමට අදාළව ගැටුමක් නිර්මාණය කරගත යුතුය. 13 යටතේ ප්‍රඥප්තියක් සම්මත කිරීමට පෙර පවතින බාධක නිසා එවැනි ගැටුමක් නිර්මාණය කිරීමේ අවස්ථාව සීමාසහිත වුවද නව කෙටුම්පත මගින් ප්‍රඥප්තියක් සම්මත කිරීමෙන් පසුව නීත්‍යානුකූලව ගැටුමක් නිර්මාණය කර ගැනීමේ ඉඩකඩ වැඩිවේ.
එම ගැටුම මේ වන විට මධ්‍යම රජයේ නීතියක් හෝ ප්‍රතිපත්තියක් සම්මත කර නොමැති කරුණකට අයත් ප්‍රඥප්තියකට අදාලව ඇති කරගත් විට බෙදුම්වාදීන්ගේ මාර්ග සිතීම දිගහැරීම වඩා පහසු වේ. එම නිසා යම් වගන්ති වලට කළ හැකි දේ මාර්ග සිතියමේ කාල වකවානු අනුව වෙනස් වේ. 13 සම්මත කිරීමෙන් පසුව ඉඩම්, පොලිස්, මහ ඇමති අරමුදල් ආදී ප්‍රඥප්ති සකස් කළ ද ඒවා සම්මත කිරීමට බෙදුම්වාදීන් ධෛර්යමත් නොවන්නේ ජාත්‍යන්තර නීතියට අනුව පරමාධිපත්‍ය බලය බෙදීයාම නැමැති පූර්ව කොන්දේසිය වඩා හොඳින් සපුරා ගැනීම සඳහා 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කර ගැනීම අවශ්‍ය වන බැවිනි. බාධක ඉවත් කර ගැනීමට පෙර ගැටුම හදා ගැනීම ඔවුන්ට අවාසිදායක වේ. නමුත් නව කෙටුම්පත මගින් යම් බාධක ඉවත් කරන තත්ත්වයක් තුළ ගැටුම ඉක්මන් කිරීමේ හැකියාව ඇත. එවිට යම් පිරිස් විසින් ජේ.ආර්. ජයවර්ධනටත් වඩා මරාගෙන මැරෙන ස්වරයෙන් ආරක්ෂා කරන විධායක ජනාධිපතිට ජාත්‍යන්තර මැදිහත්වීම් හමුවේ නිවටයෙකු සේ බලා සිටීමට සිදුවනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඊට අදාලව ඉතා ප්‍රභල පූර්වාදර්ශයක් ලබාදී ඇත.
තවද මනෝහාර මහතාගේ මතය අනුව පළාත්සභාවලට විෂයන් 67කට අදාලව බලතල ලබාදී ඇතත් ප්‍රායෝගික එම ලැයිස්තුව සමගාමී ලැයිස්තුවකි. ඊට හේතුව එමස ෑම විෂයකටම අදාලව පාර්ලිමේන්තුවට නිති පැනවිය හැකි වීමය. නමුත් 13 යටතේ පළාත් සභාවක් සමගාමී ලැයිස්ුවට අයත් විෂයකට අදාල ප්‍රප්‍රඥප්තියක් පැනවීමට පෙර පාර්ලිමේන්තුවේ එකඟතාවය ලබාගත යුතු බවට පූර්ව කොන්දේසියක් ව්‍යවස්ථාව මගින් පනවා ඇත. නමුත් මෙම ඊනියා සමගාමී ලැයිස්තුවේ විෂයන්ට අදාලව ප්‍රඥප්ති සම්මත කිරීමට පෙර කිසිදු පූර්වකොන්දේසියක් නව කෙටුම්පත මගින් පනවා නැත.
මනෝහාර මැතිතුමා සඳහන් කරන ආකාරයට ප්‍රඥප්ති බලය ප්‍රඥප්ති සභාවක අතුරු නීතියකට සමාන වන්නේ නම් ව්‍යවස්ථාව මගින් බලතල ලබා නොදී නීතිය මගින් ලබාදීමේ බාධාවක් නැත. පරමාධිපත්‍යය බලය බෙදීයන බව තහවුරු කෙරෙන්නේ ව්‍යවස්ථාව මගින් පළාත් සභාවකට බලතල පැවරීම මගිනි. එසේම පළාත් පාලන ආයතන වලට මෙන් නීතිය මගින් අදාළ බලතල ලබාදීමට යෝජනා නොකර ව්‍යවස්ථාව මගින් බලතල ලබාදීම සාධාරණීකරණය කරන්නේ කෙසේද? නව ව්‍යවස්ථාවක 13ක් නැත. දේශපාලන හේතු මත කුමක් හෝ සංවර්ධනය නාමයෙන් කුමන හෝ පළාත් සභා ව්‍යුහයක් නිර්මාණය කිරීම අවශ්‍ය නම් බෙදුම්වාදීන්ට රට ගොදුරු නොවන ආකාරයට ඊනියා බලතල පළාත් සංවර්ධන සභා පනතක් මඟින් ලගින් ලබාදිය නොහැක්කේ කුමක් නිසාද? කාගේ බලපෑම මතද? කවුරුන් සතුටු කිරීම සඳහා ද?
- වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)
රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)
ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි
අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්
රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර
විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම තීරණය වෙන්නේ භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව... ලබන අවුරුද්දේ පඩි වැඩිකරනවා, හැබැයි තාම ගාණක් කියන්න බැහැ - ඇමැති විජිත කියයි
කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා