ශ්‍රී ලංකාවේ පැරණි නිවාස
නිවාස ඉදි කිරීම සහ ඒවායේ ජීවත් වීම ශිෂ්ටාචාරික ලක්ෂණයකි. දඩයම් කිරීම සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම සිය ජීවනෝපාය කර ගත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු පසු කාලයක සිය සංචාරක ජීවිතයෙන් මිදී එක් තැනක දීර්ඝ කාලයක් ජීවත් වීමේ පුරුද්දට නැඹුරු වූහ. එය හඳුන්වන්නේ 'ස්ථීරවාසීතාව' යනුවෙනි. කිසියම් ජනකොටසක් ස්ථීරවාසීතාවට පත් වූ බව පෙන්නුම් කරන ප්‍රධානතම දර්ශකය ස්ථීර නිවාස තනා ගැනීම යි.
නිවාස තැනීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු ය. එම ඉතිහාසය පිළිබිඹු කරන සාක්ෂි සොයා ගෙන තිබෙන්නේ පුරාවිද්‍යාත්මක කැණීම් මඟිනි. දැනට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ක්‍රිස්තු පූර්ව 1750 වන විට ශ්‍රී ලංකාවේ කඳුකර පළාත්වල ජීවත් වූ ජනතාව නිවාස තනා ගැනීමේ සමත්කම් දැක්වූ බව තහවුරු වී තිබේ. ඒ කාලයට අයත් පැරණි නිවාසයක ගෙබිමක් සොයා ගැනීමට 2011 වසරේ දී පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. එය පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ලේ පිහිටි කොස්වත්ත නමින් හැඳින්වෙන පෞද්ගලික තේ වත්තක ය.
මෙම නිවාසය සොයා ගැනීමට වසරකට පෙර තවත් පැරණි නිවාසයක ගෙබිමක් කැණීමකින් අනාවරණය විය. එය පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කුඩා ගම්මානයක් වූ උඩරංචාමඩමේ ය. පවුල් දහයක් පමණ ජීවත් වන මෙම ගම්මානය තිබෙන්නේ කඳු ගැටයකට අයත් සානුවක ය. එම නිවාසය ක්‍රිස්තු වර්ෂාරම්භයට සියවස් දොළහකට පමණ පෙර ඉදි කරන ලදැයි සැලකිය හැකි ය. වඩා පැරණි කාලයකට අයත් හල්දුම්මුල්ලේ නිවාසය වෘත්තාකාර හැඩයෙන් යුත් ගෙබිමක් සහිත වූවකි. එහි විෂ්කම්භය මීටර් 2.20කි. කැණීම්වලින් එය මතු කරන අවස්ථාවේ ගෙබිම සකස් කිරීමට යොදා ගන්නා ලද ගල්කැබලිති ඇතුරුමට අයත් කොටස් එහි ඉතිරි වී තිබුණි. එහෙත් එම නිවාසයේ ඉතිරි කොටස්වලට අයත් කිසිදු දෙයක් එහි නො තිබීමෙන් පැහැදිලි වන්නේ ඒවා දිරාපත් ව විනාශ වී ඇති බව ය. නිසැකයෙන් ම එහි බිත්ති වරිච්චි මැට්ටෙන් තනා තිඛෙන්නට ඇත.
අපේ රටේ ගම්බද පළාත්වල තව මත් වරිච්චි මැටියෙන් සෑදූ බිත්ති සහිත ගෙවල් දකින්නට තිබේ. පහසුවෙන් සොයා ගත හැකි වීමත් ස්වභාවධර්මයට වඩාත් ගැළපීමත් යන කරුණු නිසා අපේ ආදි මුතුන්මිත්තෝ සිය නිවාස තැනීමට වරිච්චි මැටි භාවිත කළහ. මෙම නිවාසයේ වහල කිසි යම් කොළ අතු වර්ගයක් භාවිත කර දැව වලින් තනා තිබෙන්නට ඇතැයි ද ඒවා පහසුවෙන් දිරායන සුලූ ද්‍රව්‍ය නිසා අතුරුදන් ව ගොස් ඇතැයි ද සිතිය හැකි ය. ඉලූක්, මානා, පිදුරු සහ පොල් අතු ආදියෙන් වහල සෙවිලි කිරීම අපේ රටේ පැවතිනී. මෑතක් වන තුරු ප්‍රචලිත ව ගම්බද පළාත්වල දැනුදු ඒ ක්‍රමය භාවිත වේ.
ගෙබිමේ ඇතුළත තිබී පැරණි වළං කැබැලිති, යකඩ උපකරණයකට අයත් කොටස් සහ මැටියෙන් සාදා පුලූස්සා ගත් පබළු කිහිපයක් ද සොයා ගත හැකි විය. සොයා ගන්නා ලද වළං කටු අතර සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් වර්ණ ගැන්වූ වළං කැබලිති කිහිපයක් ද තිබිණි. පුළුල් ලෙස කැණීම් කටයුතු සිදු කිරීමේ දී පෞද්ගලික තේ වත්තට ඇති විය හැකි හානිය සැලකිල්ලට ගෙන නිවාසයේ සම්පූර්ණ ගෙබිම මතු කර ගැනීමේ අදහස පසුව අත්හැර දැමිනි.
උඩරංචාමඩමෙන් සොයා ගන්නා ලද්දේ ද පැරණි නිවාසයක ගෙබිමකි. එය ආයත චතුරස්‍රාකාර හැඩයකින් යුක්ත ව තනන ලද්දකි. එහි ගෙබිමට කළුගල් අතුරා තිබිණි. නිවාසය දිගින් මීටර් 10.20කින් ද පළලින් මීටර් 6.80කින් ද සමන්විත ය. එහි ඇතුළත අවකාශය කොටස් දෙකකට ඛෙදා ඇත. ඊට යොදා ගෙන තිඛෙන්නේ බිත්තියකි. එම බිත්තියට අයත් අත්තිවාරම කැණීමේ දී මතු කර ගැනීමට හැකි විය. එම අත්තිවාරමේ මැද කොටසේ කණු වළවල්
දෙකක් තිබිර්‍ණ. ඒ එම බිත්තිය මැද වූ දැවමය උළුවස්සට අයත් කණු වළලා තිබූ තැන් ය. මෙම උළුවස්ස භාවිත කොට තිබෙන්නේ නිවාසයේ ඉදිරිපස කොටසින් පසුපස කොටසට ප්‍රවේශ වීම සඳහා ය. ඉදිරිපස කොටසේ තිබී සොයා ගන්නා ලද පුරාවස්තු අතර කාන්තාවන් ඇස් අඳුන් තැබීමට භාවිත කරන ලෝහ කූරක්, ශරීරය වර්ණ ගැන්වීමට යොදා ගත් කහ සහ රතු පැහැති ගුරුගල් කැබලි දෙකක්, මැටියෙන් සාදා පුලූස්සා ගත් පබළු කිහිපයක් සහ පිලිස්සූ මැටියෙන් තැනූ මූර්තියක් ද විය. මෙම අවශේෂවල ස්වරූපය සැලකිල්ලට ගත් විට පෙනෙන්නේ මෙම නිවසේ ඉදිරිපස කොටසේ කාන්තාවන් විසූ බව ය.
නිවසේ පිටුපස කොටස භාවිත කර තිබෙන්නේ මුළුතැන්ගෙයක් ලෙස ය. කැණීම්වල දී ඊට අයත් ළිප සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ.
ළිප අවට තිබී යකඩ පිහි කැබලි කිහිපයක් සහ ගල්මෙවලම් කිහිපයක් හමු විය. මුළුතැන්ගෙයින් පිටතට ජලය ගලා යෑමට කානුවක් සකස් කර තිබිණි. මෙම නිවාසය තුළ තිබී රතු පැහැයෙන් වර්ණ ගැන්වූ ඉතාමත් විසිතුරු කුඩා මැටි බඳුනක් ද සොයා ගැනිණි. බිම් සැලැස්ම පරීක්ෂා කරන විට ඉතා පැහැදිලි ව පෙනෙන්නේ මෙම නිවෙස ඉදි කර තිබෙන්නේ ඉදිරිපස කොටස දකුණු දිශාවටත් පිටුපස කොටස උතුරු දිශාවටත් වන පරිද්දෙන් බව යි.
පාදා ගන්නා ලද ගෙබිමේ අවට කැණීම් කිරීමේ දී පිලිස්සී ගිය වරිච්චි කැබලි කිහිපයක් හමු විය. නිසැකයෙන් ම ඒවා නිවාසයේ බිත්තිවලට අයත් ව තිබූ ඒවායි. එම වරිච්චි කැබලි දැවී ගිය බවට සාක්ෂි තිබෙන හෙයින් එම නිවාසය ගිනි ගැනීමකට ලක් වීමෙන් විනාශයට පත් වූ බව පෙනේ.
හම්බන්තොට දිස්ති්‍දිස්ත්‍රික්කයට අයත් තිස්සමහාරාමයේ පිහිටි කිරින්දගොඩාන සහ වලගම්පත්තුව නමින් හැඳින්වෙන ගම්මානවල තිබී තවත් පැරණි නිවාස දෙකකට අයත් සාක්ෂි සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ. ඒ 2000 වසරේ දී ය. මෙම ස්ථාන දෙකෙන් ම හමු වූ නිවාස වටකුරු හැඩයේ ගෙබිම්වලින් සමන්විත ය. කිරින්දගොඩානේ නිවාසය ක්‍රිස්තු පූර්ව 240දී ඉදි කරන ලද්දක් බව අනුමාන කෙරේ. එහි ගෙබිම බොරලූ දමා යහමින් තළා සකස් කර තිබිනි. එය ද වරිච්චියෙන් තැනූ නිවෙසකි. වලගම්පත්තුවේ නිවස මෙහි විස්තර කළ අන් සියලූ නිදර්ශනවලට වඩා වෙනස් ය. එහි ගෙබිම සකස් කර තිබෙන්නේ සෙන්ටිමීටර් 35ක් පමණ ගැඹුරට පොළොව සෑරීමෙනි. එහි දී සෑදෙන නො ගැඹුරු වළේ පතුලේ සහ ඉවුරුවල ගොම-මැටි ආලේප කර ගෙබිම
නිමවා ගෙන තිබේ. පොළොව සාරා ගෙබිම සකස් කර ගැනීමෙන් අත් වන වාසිය නම් අදාළ නිවාසයේ වහල නූස් වීම ය. කොළ අතු සෙවිලි කළ නිවාසයක වහල උසට පිහිටීමෙන් එය සුළඟට හසු වී ගසාගෙන යෑමට තිබෙන අවකාශය මහත් ය. වලගම්පත්තුවේ නිවාසය ඉදි කර තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 240 දී පමණ ය.
මහාචාර්ය රාජ් සෝමදේව විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද්දකි.



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..