ඉන්දියාවේ ආරක්ෂාව තර කරයි.... මොදිගේ දිවුරුම් දීමේ උත්සවය අද
අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අද (09) නවදිල්ලි අගනුවරදී පැවැත් වෙයි.
ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගිවීමට නියමිතය.
දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය පසුගිය දා සමත්වුණි.
එය වාර්තා අතරට එක්වන්නේ මෝදිගේ පක්ෂයද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අඛණ්ඩව ජයගත් තෙවැනි මහමැතිවරණය ලෙසය.
ජය තහවුරු කරගැනීමෙන් පසුව ඊයේ දිනයේදී නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරුණි.
ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින්, නව රජයට නායකත්වය ලබා දෙමින් අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙසට නරේන්ද්‍ර මෝදි පත් කෙරුණේ ඉන් අනතුරුවය.
ඒ අනුව, ඉන්දීය අගමැති මෝදිගේ නිල දිවුරුම් දීමේ උත්සවය අද පස්වරුවේ ඉන්දීය ජනපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හීදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා අසල්වැසි රටවල රාජ්‍ය නායකයින් ඇතුළුව 9000ක පමණ පිරිසක් ආරාධනා ලැබ සිටී.
ඒ අතර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් මෙන්ම සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයාද එක්වීමට නියමිතය.
එමෙන්ම මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා ලැබ සිටීම විශේෂත්වයකි.
දැනටමත් නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇත්තේ අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සමගාමීවය.
ඒ අනුව අද සිටම දේශසීමා ආසන්න විශේෂ රථ වාහන පරීක්ෂා කිරීමක් ආරම්භ කර ඇති අතර හෙට, අගනුවර ගුවන්ගමන් තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ.
එමෙන්ම මහජන ඒකරාශී වීම් තහනම් කර ඇති අතර, රාශ්ට්‍රපති බවන් අවට කමාන්ඩෝ නිලධාරීන් සහ ස්නයිපර්වරුන් යොදවා ඇති අතර ඒ අවට ඩ්‍රෝන මගින් නිර්ක්ෂණය කෙරෙන බව සඳහන් ය.
විශේෂිත ආරක්ෂක ක්‍රමවේද යටතේ රාජ්‍යතාන්ත්‍රිකයින් නවාතැන් ගන්නා හෝටල් අවටද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..