මෝදි තුන්වෙනි වරටත් ඉන්දියාව ජයගනී.... එහෙත් වාර්තාගත ජයක් ලබාගැනීමට නොහැකි වෙයි
අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී අදියර 07 ක් යටතේ පැවැති ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වී ඇති අතර, ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමිකර ගත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි.
ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරම ලද මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව මෝදිගේ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 543 න් ආසන 292 ක් හිමිකර ගෙන තිබේ.
කොංග්‍රස් පක්ෂයේ නියෝජනයෙන් යුත් ඉන්දියානු ජාතික සංවර්ධන ඇතුළත් සන්ධානය නැතහොත් “ඉන්දියා” (I.N.D.I.A) සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 232 ක් හිමිකර ගෙන තිබේ.
සුළු පක්ෂ සඳහා ආසන 19 ක බලය හිමිව ඇත.
මහ මැතිවරණයට පෙර නිකුත් වූ පූර්ව මැතිවරණ මතවිමසුම් අනාවැකි පළ කළේ මෙවර මහ මැතිවරණයේදී මෝදිගේ නායකත්වයෙන් යුත් සන්ධානය බහුතර බලය ද සහිතව පාර්ලිමේන්තුවේ බලය හිමිකර ගනු ඇති බවයි.
එහෙත් මෝදි ප්‍රමුඛ සන්ධානයට මෙවර එවැනි වාර්තාගත ජයක් ලබා ගැනීමට නොහැකි වීම ඉන්දීය දේශපාලන කරළිය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.
එමෙන්ම විපක්ෂ සන්ධානය අපේක්ෂිත ආසන සංඛ්‍යාව ඉක්මවා ආසන හිමිකර ගනිමින් අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රබල අභියෝගයක් එල්ල කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අතර, 2019 වසරේ පැවැති මහ මැතිවරණයේදී මෝදිගේ නායකත්වයෙන් යුත් පාලන බී ජේ පී පක්ෂය ප්‍රමුඛ NDA සන්ධානය හිමි කර ගත් ආසන සංඛ්‍යාව 352 ක් වුවත්, මෙවර එම ආසන සංඛ්‍යාව හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් හිමිකර ගැනීමට මෝදි අපොහොසත් වීම ඔහුට එල්ල වූ දැඩි අහියෝගයක් ලෙස ද එම වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත්, තුන්වැනි වරටත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරය හිමිකර ගැනීමට සමත්ව තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..