ඉන්දියානු කුළුබඩුවල විෂ අඩංගු වීම ගැන නවසීලන්තය රජය විමර්ශන අරඹයි
නවසීලන්තයේ ආහාර සුරක්ෂිතතා නියාමන ආයතනය ඉන්දියාවේ ප්‍රමුඛතම කුළුබඩු සන්නාමයන් වන MDH සහ එවරස්ට් සන්නාමයන් එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල පරීක්ෂාවකට ලක්වීමෙන් පසු පළිබෝධනාශක අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇතිදැයි තහවුරු කර ගැනීමට විමර්ශන අරඹා ඇතැයි වාර්තා වේ.
TradeImex ආයතනයට අනුව, ඉන්දියාව පසුගිය වසරේ, දකුණු ආසියාතික රටවල් 180 කට පමණ ඩොලර් බිලියන 3.89 ක් වටිනා කුළුබඩු නැව්ගත කර ඇති අතර, ලෝකයේ විශාලතම කුළු බඩු අපනයනකරුවාද විය. ඉන්දියානු කුළුබඩු ආහාරවල රස සහ මස් වර්ග ඉවීමට පෙර පදම් කිරීමට ගන්නා අමුද්‍රව්‍ය ලෙස ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව තිබේ.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී හොංකොං රාජ්‍යය විසින් MDH හි කුළුබඩු මිශ්‍රණයන් තුනක් සහ එවරස්ට් නිෂ්පාදන වලින් එකක් ඒවායේ පිළිකා ඇති කරන පළිබෝධනාශක වන එතිලීන් ඔක්සයිඩ් ඉහළ මට්ටමක පවතින බව පවසමින් අලෙවි කිරීම අත්හිටුවා තිබේ. එලෙසම සිංගප්පූරුව රාජ්‍යය සමහර ඉන්දියානු කුළුබඩු අලෙවිය ද නවතා දැමීමටද කටයුතු කර ඇත.
"එතිලීන් ඔක්සයිඩ් යනු මිනිසුන් තුළ පිළිකා ඇති කරන රසායනික ද්‍රව්‍යයක් වන අතර නවසීලන්තයේ සහ අනෙකුත් රටවල ආහාර ජීවානුහරණය සඳහා භාවිත කිරීම ක්‍රමානුකූලව ඉවත් කර ඇත." යනුවෙන් නවසීලන්ත ආහාර සුරක්ෂිතතා ආයතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙනී බිෂොප් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. "MDH සහ එවරස්ට් කුළුබඩු නවසීලන්තයේ ද ඇති බැවින්, අපි මෙම ගැටළුව සොයා බලනවා." ඔහු වැඩිදුරටත් පැවසුවේය.
රොයිටර් වාර්තාවට අනුව MDH සහ එවරස්ට් ඔවුන්ගේ නිෂ්පාදන පරිභෝජනයට ආරක්ෂිත බව ප්‍රකාශ කර ඇත. කුළුබඩු අපනයන ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනා එක්සත් ජනපදය, යුරෝපය, අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ ඕස්ට්‍රේලියාවට තම නිෂ්පාදන අපනයනය කරයි.
අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) ඉන්දියාවේ විශාලතම වෙළඳ නාම දෙකේ නිෂ්පාදනවල පළිබෝධනාශක අඩංගු විය හැකිද යන්න පිළිබඳව පරීක්ෂණයක් දියත් කළ බව FDA ප්‍රකාශකයෙක් රොයිටර් වෙත පැවසීය. 2021 වසරේ සිට MDH කුළුබඩු එක්සත් ජනපදයට කරණු ලැබූ නැව්ගත කිරීම්වලින් 14.5% ක සාමාන්‍යයක් ප්‍රතික්ෂේප වී ඇති බව ද පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.
හොංකොං හි සොයාගැනීම් වලට දින කිහිපයකට පෙර, ඉන්දියානු හෝ ජාත්‍යන්තර රෙගුලාසිවලට යටත්ව නොතිබූ කුළුබඩු සහ ඖෂධ පැළෑටිවල පළිබෝධනාශක අපද්‍රව්‍යවල අවසර ලත් සීමාව දස ගුණයකින් වැඩි කිරීමට ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය ඉඩ දී ඇති බව පුවත් ඒජන්සිය වාර්තා කළේය.
අවදානම් තක්සේරුව මත පදනම්ව විවිධ ආහාර ද්‍රව්‍ය සඳහා අවශේෂ සීමාව වෙනස් ලෙස නියම කර ඇති බව පවසමින් නියාමන ආයතනය තමන් ගත් ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට කටයුතු කළේය. ඉන්දියාවේ කෘෂිකර්ම හා ගොවීන්ගේ සුබසාධන අමාත්‍යාංශය එහි මධ්‍යම කෘමිනාශක මණ්ඩලය සහ ලියාපදිංචි කිරීමේ කමිටුව හරහා පළිබෝධනාශක නියාමනය කරයි.
New Zealand investigates Indian spices over contamination
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..