LTTE කොටි ත්‍රස්තයන්ට පනවා තිබූ තහනම ඉන්දියාව තවත් වසර 5කින් දීර්ඝ කරයි
ඉන්දිය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ LTTE කොටි ත්‍රස්ත සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට සහ ආරක්ෂාවට අගතිගාමී ක්‍රියාකාරකම්වල නිරතවන බව ඔවුන්ගේ මතය බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.
එසේම 2009 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව තුළදී LTTE කොටි ත්‍රස්ත සංවිධානය ලද පරාජය සමග ඔවුන් ‘ඊළාම්’ සංකල්පය තවදුරටත් අත්හැර නොමැති බවද එහි සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම එම LTTE කොටි ත්‍රස්ත සංවිධානය සඳහා අරමුදල් රැස්කිරීම සහ ‘ඊළාම්’ සංකල්පය සඳහා රහසිගත අයුරින් කටයුතුවල නිරතවන බවද එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
LTTE කොටි ත්‍රස්ත සංවිධානය ඉන්දියාව තුළ මෙන්ම විශේෂයෙන් තමිල්නාඩුවේ ජනතාව අතර සිය බෙදුම්වාදී මතය අඛණ්ඩව ප්‍රචාරය මේ හේතුවෙන් අවසානයේ සමස්ත ඉන්දීයාවේ භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ලකර ඇති බවත් මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්