නව ලිබරල්වාදය දැන් බහුතර පාලනය සම්බන්ධයෙන් හෝ පුද්ගල නිදහස සම්බන්ධයෙන් හෝ බර තබා නැහැ... ඒ වෙනුවට එය සුළු ජාතීන්ගේ පාලනය සම්බන්ධයෙන් බර තබා තිබෙනවා - ඇලෙක්සැන්ඩර් ඩුගින්(රුසියානු ජනාධිපතිගේ ජේෂ්ඨ උපදේශක)
ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාසන් (Tucker Carlson ) විසින් ඉහල පෙලේ රුසියානු දාර්ශනිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින් (Alexander Dugin ) සමඟ කළ විනාඩි 20 ක රූපවාහිණී සම්මුඛ සාකච්ඡාව මේ වන විට ඔහුගේ යූ ටියුබ් චැනලය වෙත නිකුත් කර ඇත.
රුසියානු ජනාධිපතිවරයා කෙරෙහි ඇලෙක්සැන්ඩර් ඩුගින් දක්වන බලපෑම සහ පොදුවේ රුසියාවේ ප්‍රභූ පැලැන්තියට ඔහු කරනු ලබන බලපෑම හේතුවෙන් බටහිර මාධ්‍ය ඩුගින්ව හඳුන්වනු ලබන්නේ ‘පුටින්ගේ මොළය’ ලෙසිනි.
බටහිර හා විදේශ ප්‍රතිපත්ති උකුස්සන් වෙත දැඩි විවේචන එල්ල කරන ඩුගින් කියෙව්ට එරෙහි රුසියාවේ මිලිටරි මෙහෙයුමට දැඩි ලෙස සහාය දෙන අතර ස්වාධීන යුක්‍රේන රාජ්‍යයක් නොතිබිය යුතු බවට දැඩි මතයක් ඉදිරිපත් කර ඇත.
2022 දී, ඔහුගේ දියණිය ඩාරියා ගමන් කළ මෝටර් රථයට සවි කර තිබූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් මිය ගියාය. රුසියානු බලධාරීන් පවසන පරිදි යුක්රේන නියෝජිතයන් විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණි. නම් නොකළ එක්සත් ජනපද ඔත්තුසේවා නිලධාරීන් උපුටා දක්වමින් සමහර ප්‍රවෘත්ති ඒජන්සි පවසා සිටියේ,ඇත්ත වශයෙන්ම වොෂින්ටනය, යුක්‍රේන බලධාරීන් ඝාතනයට සම්බන්ධ බවට විශ්වාස කරන බවයි.
කාල්සන් සිය වීඩියෝ පටයෙන් ඩුගින්ව හඳුන්වා දුන්නේ "දැවැන්ත අදහස් සම්බන්ධයෙන් ලිඛිතව අදහස් දක්වන දාර්ශනිකයෙකු" ලෙස ය. "ඔබට ඇමේසන් වෙතින් එම පොත් ඒවා මිලදී ගත නොහැකියි." ඔහු පැවසීය.
සංවාදය අතරතුර, ඩුගින් තර්ක කළේ, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු බටහිර රටවල කිසිදු විරෝධයකින් තොරව පිළිගත් ලිබරල් දෘෂ්ටිවාදය පවුල යන සංකල්පයේ අභාවයට හේතු වන බවයි. “ලිබරල්වාදය නැමැති මෙම පුද්ගලවාදයට අනුගත වීම හේතුවෙන් "පවුල" විනාශ වෙමින් පවතිනවා.” ලිබරල්වාදයේ ස්වාභාවික ප්‍රගතිය “අත්හැර දැමූ මානව අනන්‍යතාවයට” තුඩු දෙනු ඇතැයි ඔහු පැවසීය.
“නව ලිබරල්වාදයේ ඊළඟ අදියර දැන් පවතින්නේ බහුතරයකගේ පාලනය සම්බන්ධයෙන් බර තබා නෙවෙයි. එය සුළු ජාතීන්ගේ පාලනය සම්බන්ධයෙන් බර තබා තිබෙනවා. ඇත්ත වශයෙන්ම එය පුද්ගල නිදහස සම්බන්ධයෙන් බර තබා නැහැ. නමුත් එය woke-ism (සමාජ සහ දේශපාලන අසාධාරණයට සංවේදී පුද්ගලයින්ගේ හැසිරීම් සහ ආකල්ප.) හෙවත් අවදි-වාදය සම්බන්ධයෙන් පෙනී සිටිනවා.”ඩුගින් පැවසීය. “එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එය ඒකාධිපතිවාදයයි.”

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..