ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට රුසියාවේ ප්‍රතිචාරය
රුසියාවේ විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් කලාපයේ සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත්ය. සති අන්තයේ ඊශ්‍රායලයට ටෙහෙරානයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊයේ(14) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම අභියාචනය කරන ලදී.
මේ මස මුලදී සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ බවට සැක කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල වී තිබේ. ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනයට ලක් විය. ප්‍රහාරය සම්බන්ධයෙන් ටෙහෙරානය ඊශ්‍රායලයට චෝදනා කළේය. ඊශ්‍රායලය ප්‍රහාරය සම්බන්ධ වගකීම විවෘතව පිළිගෙන නැති නමුදු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඅව් ගැල්ලන්ට් පසුව කළ ප්‍රකාශයක් මගින් ඇඟවුම් කළේ ඊශ්‍රායලය “මැද පෙරදිග පුරා විහිදී සිටින තමන්ගේ සතුරන්ට පහර දෙන” බවයි.
මැද පෙරදිග, විශේෂයෙන්ම වර්තමාන පලස්තීන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් පැන නගින අර්බුද, "බොහෝ විට වගකීම් විරහිත ප්‍රකෝපකාරී ක්‍රියාවන් මගින් අවුළුවන" බව සඳහන් කරමින්, "කලාපයේ තවත් භයානක ගැටුම් උත්සන්නවීම සම්බන්ධයෙන් අපි ගැඹුරින් කනස්සල්ලට පත්ව සිටිමු" යයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් මගින් පැවසීය.
“අපි ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි. දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් කලාපීය රාජ්‍යයන් විසින් පවතින ගැටලු විසඳනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට (IDF) අනුව, ටෙහෙරානය යුදෙව් රාජ්‍යයට මිසයිල සහ කමිකේස් ඩ්‍රෝන 300 කට වැඩි ප්‍රමාණයක් දියත් කළ නමුත් එල්ල වූ ප්‍රහාර බොහොමයක් ඊශ්‍රායල ගුවන් සීමාවට ළඟා වීමට පෙර වෙඩි තබා විනාශ කර තිබුණි.
කෙසේ වෙතත්, ඉරාන නිලධාරීන් කියා සිටියේ මෙම දැවැන්ත ප්‍රහාරය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සාර්ථක වූ බවයි. ඉරානයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි ඊයේ(14) කියා සිටියේ ටෙහෙරානය සති අන්තයේ සිය කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ප්‍රමාණවත් “දඬුවමක්” ලැබුණා යැයි සලකන බවත් මෙහෙයුම දිගටම කරගෙන යාමට අදහසක් නොමැති බවත්ය. කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා වෙතින් එල්ලවන අනාගත ප්‍රහාර වලදී “වඩාත් පුළුල්” ප්‍රතිචාරයක් දක්වන බවට ඔහු පොරොන්දු විය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය සහ ඉරානය අතර ආතතීන් උත්සන්න විය. බටහිර ජෙරුසලම ටෙහෙරානයට චෝදනා කළේ ගැටුම අවුලුවාලූ මාරාන්තික වැටලීමේ ප්‍රධානියා ලෙසත්, හමාස්, හිස්බුල්ලා සහ කලාපයේ අනෙකුත් පලස්තීන හිතවාදී සටන්කාමී කණ්ඩායම්වලට සහාය දුන් බවටත්ය.මේ අතර ටෙහෙරානය ඔක්තෝබර් ප්‍රහාරයට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ නමුත් හමාස් සහ අනෙකුත් පලස්තීන කණ්ඩායම්වලට දිගටම සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේය.
Russia responds to Iran’s attack on Israel
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..