ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට රුසියාවේ ප්‍රතිචාරය
රුසියාවේ විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් කලාපයේ සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත්ය. සති අන්තයේ ඊශ්‍රායලයට ටෙහෙරානයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊයේ(14) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම අභියාචනය කරන ලදී.
මේ මස මුලදී සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ බවට සැක කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල වී තිබේ. ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනයට ලක් විය. ප්‍රහාරය සම්බන්ධයෙන් ටෙහෙරානය ඊශ්‍රායලයට චෝදනා කළේය. ඊශ්‍රායලය ප්‍රහාරය සම්බන්ධ වගකීම විවෘතව පිළිගෙන නැති නමුදු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඅව් ගැල්ලන්ට් පසුව කළ ප්‍රකාශයක් මගින් ඇඟවුම් කළේ ඊශ්‍රායලය “මැද පෙරදිග පුරා විහිදී සිටින තමන්ගේ සතුරන්ට පහර දෙන” බවයි.
මැද පෙරදිග, විශේෂයෙන්ම වර්තමාන පලස්තීන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් පැන නගින අර්බුද, "බොහෝ විට වගකීම් විරහිත ප්‍රකෝපකාරී ක්‍රියාවන් මගින් අවුළුවන" බව සඳහන් කරමින්, "කලාපයේ තවත් භයානක ගැටුම් උත්සන්නවීම සම්බන්ධයෙන් අපි ගැඹුරින් කනස්සල්ලට පත්ව සිටිමු" යයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් මගින් පැවසීය.
“අපි ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි. දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් කලාපීය රාජ්‍යයන් විසින් පවතින ගැටලු විසඳනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට (IDF) අනුව, ටෙහෙරානය යුදෙව් රාජ්‍යයට මිසයිල සහ කමිකේස් ඩ්‍රෝන 300 කට වැඩි ප්‍රමාණයක් දියත් කළ නමුත් එල්ල වූ ප්‍රහාර බොහොමයක් ඊශ්‍රායල ගුවන් සීමාවට ළඟා වීමට පෙර වෙඩි තබා විනාශ කර තිබුණි.
කෙසේ වෙතත්, ඉරාන නිලධාරීන් කියා සිටියේ මෙම දැවැන්ත ප්‍රහාරය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සාර්ථක වූ බවයි. ඉරානයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි ඊයේ(14) කියා සිටියේ ටෙහෙරානය සති අන්තයේ සිය කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ප්‍රමාණවත් “දඬුවමක්” ලැබුණා යැයි සලකන බවත් මෙහෙයුම දිගටම කරගෙන යාමට අදහසක් නොමැති බවත්ය. කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා වෙතින් එල්ලවන අනාගත ප්‍රහාර වලදී “වඩාත් පුළුල්” ප්‍රතිචාරයක් දක්වන බවට ඔහු පොරොන්දු විය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය සහ ඉරානය අතර ආතතීන් උත්සන්න විය. බටහිර ජෙරුසලම ටෙහෙරානයට චෝදනා කළේ ගැටුම අවුලුවාලූ මාරාන්තික වැටලීමේ ප්‍රධානියා ලෙසත්, හමාස්, හිස්බුල්ලා සහ කලාපයේ අනෙකුත් පලස්තීන හිතවාදී සටන්කාමී කණ්ඩායම්වලට සහාය දුන් බවටත්ය.මේ අතර ටෙහෙරානය ඔක්තෝබර් ප්‍රහාරයට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ නමුත් හමාස් සහ අනෙකුත් පලස්තීන කණ්ඩායම්වලට දිගටම සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේය.
Russia responds to Iran’s attack on Israel
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්