ඉරානය තීරාණාත්මක ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත පහර දෙයි
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරානයේ ඓර්‍ණැ ප්‍රවෘත්ති ඒජන්සිය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රරුත්ති නිවේදනයක් උපුටා දක්වමින් පවසයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ හමුදාව "වැදගත් මිලිටරි ඉලක්ක" වෙත පහර දී විනාශ කිරීමට සමත් විය යනුවෙන් එම ප්‍රවෘත්තිය පවසයි.
සිරියාවේ අගනුවර වන ඩමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළුව, බටහිර ජෙරුසලම විසින් සිදු කරන ලද "බොහෝ අපරාධ" ලෙස ටෙහෙරානය නම් කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසයි. අප්‍රේල් 1 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළුව IRGC හි කඩ්ස් බලකායේ නිලධාරීන් හත් දෙනෙක් මිය ගියහ.
මේ අතර ඉස්ලාමීය ජනරජයේ ප්‍රහාරයට ඩ්‍රෝන යානා 100කට වඩා සම්බන්ධ වූ බව ඊශ්‍රායල සහ බටහිර මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ තමන් ඊශ්‍රායල භූමිය වෙත පැමිණෙන මිනිසුන් රහිත ගුවන් යානා ලුහුබැඳ ගිය බවත් මිත්‍ර හමුදාවන්ගේ සහාය ඇතිව ඒවා ගුවනේදී විනාශ කළ බවත්ය.
ඉරාන මාධ්‍ය විසින් ඊශ්‍රායලයේ ඔවුන්ගේ ඉලක්ක වෙත මිසයිල එල්ල වූ අවස්ථා දැක්වෙන කෙටි වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍යවල පළ කර ඇත. එයින් එකක් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේ නෙගෙව් කාන්තාරයේ ජනාවාසයක් ආශ්‍රිතව බව කියනු ලැබේ.
ඊශ්‍රායල ජනාවාසයක ඉලක්ක වෙත පහර දෙන මිසයිල කිහිපයක වීඩියෝ දර්ශනද සමාජ ජාලා වල සංසරණය වේ.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් තහවුරු කර ඇත්තේ ඉරාන ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස එක් හමුදා කඳවුරකට "සුළු" හානියක් පමණක සිදුව ඇති බවයි. ප්‍රහාරයෙන් මේ වන විට තුවාල ලැබූ එකම පුද්ගලයා දකුණු ඊශ්‍රායලයේ 10 හැවිරිදි දරුවෙකි.
ඉරාන ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදයට , ඉරානයේ අවශ්‍යතාවලට හානි වන පරිදි ඊශ්‍රායලයට සපයන ඕනෑම සහයෝගයක් “තීරණාත්මක ප්‍රතිචාරයක්” ලබා දෙන බවට අනතුරු ඇඟවීය. බටහිර ජෙරුසලමේ “නපුරු ක්‍රියා සඳහා වොෂින්ටනය වගකිව යුතු” බව ටෙහෙරානය සලකයි. ඉරාන ඉස්ලාමීය ජනරජයට ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට උදව් කිරීමට සම්බන්ධයෙන් තම අසල්වැසියන්ට අනතුරු ඇඟවීය.
ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ බටහිර ජෙරුසලම ඉරාන ප්‍රහාරයට දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊශ්‍රායලයේ සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍ය Miki Zohar ද ප්‍රකාශ කළේ බටහිර ජෙරුසලමට “පෙර නොවූ විරූ බලයකින් ඉරානයට පහර දීම සඳහා 13 දා රාත්‍රියේ පුළුල් ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයක් ලැබී ඇති” බවයි.
Iran struck ‘important’ Israeli military targets
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්