පුටින් දැවැන්ත ජයග්‍රහණයක් අබියස - රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම
වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙවර ජනාධිපතිවරණයෙන් 87% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කරන බව රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම (CEC) පවසයි.
රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම ට අනුව, මොස්කව් වේලාවෙන් ඊයේ (17) උදෑසන 7 වන විට ප්‍රකාශිත සමස්ත ඡන්දවලින් 99.5% කට වඩා ගණන් කර ඇති අතර පුටින් ලැබී ඇති සමස්ථ ඡන්ද වලින් 87.3% කින් පමණ ඉදිරියෙන් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
ඔහුගේ ප්‍රතිවාදියා වන රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ Nikolay Kharitonov ප්‍රකාශිත සමස්ත ඡන්ද වලින් 4.3% ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර නව ජනතා පක්ෂයේ Vladislav Davankov ප්‍රකාශිත ඡන්ද වලින් 3.8% ක් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ Leonid Slutsky ප්‍රකාශිත සමස්ත ඡන්ද වලින් 3.2% ක් පමණ ලබාගෙන පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථානවලට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව පිටව යන ජනයා ඇසුරෙන් කළ මත විමසුමකදී මේ හා සමාන ප්‍රවනතාවයක් පෙන්නුම් කළ අතර, වත්මන් රුසියානු රාජ්‍ය නායකයා මැතිවරණයෙන් 87.8% කින් ජයග්‍රහණය කරනු ඇතැයි එම මත විමසුමක මගින් අපේක්ෂා කෙරිනි. රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද දායකයින් 466,324ක් මෙම සමීක්ෂණය සඳහා අදහස් ප්‍රකාශ කර ඇත.
රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම හි දත්ත වලට අනුව, මෙම වසරේ මැතිවරණයට ඉහල ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සහභාගි වී ඇති අතර, එය 74% දක්වා ඉහළ අගයක් බවද කියවේ.
බොහෝ රුසියානු කලාපවල ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු දැනටමත් අවසන් වී ඇත. ප්‍රථම වරට පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කරන රුසියාවේ නව ප්‍රදේශ දෙකක් වන ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේ (එල්පීආර්) 94.12% කට සහ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ (ඩීපීආර්) 95% කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද ලබා ගැනීමට පුටින් සමත්ව තිබේ.
Tyva, Khakassia සහ Yakutia ජනරජවල, Zaporozhye, Kherson සහ Khabarovsk යන ප්‍රදේශවලින් සහ Chukotka ස්වයං පාලන ප්‍රදේශයෙන් ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ, දළ වශයෙන් 90% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්, අපේක්ෂකයන් හතර දෙනාගෙන් ඉදිරියෙන් සිටීමට පුටින් සමත්ව ඇති බවයි.
Putin set for landslide win – Russia’s election commission
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්