News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවටත් ජාඩි දමන හැටි කියාදුන් අපේ මුතුන්මිත්තෝ


ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත සම්ප්‍රදායයික ආහාර අතර දකුණු පළාතේ මූලාරම්භය සිදු වූ බවට සැලකෙන ජාඩිවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීතයේ දී ජාඩි නිශ්පාදනය විශාල වශයෙන් සිදු වූ අතර ලාංකිකයන් ඉන්දියාවට පවා ගොස් ජාඩි නිපදවා කර තිබෙන බව ඔබ කිසිදිනක අසා නැතිව ඇති. වර්තමානය වන විට දිනෙන් දින අලුත් වන ආහාර රටාව නිසා ජාඩි නිපදවීම සිදු වන්නේ ඉතා මඳ වශයෙනි.

මේ ලිපිය ජාඩි නිපදවීම හා සම්බන්ධ සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳවයි.

ජාඩි යන නාමය

සිංහල බසෙහි ව්‍යවහාර වන ජාඩි යන වචනය ඉන්දියාවේ භාෂා කිහිපයක ම ව්‍යවහාර වනු දැකිය හැකි හැකි ය. එම වචනයෙන් අදහස් වන්නේ බුජම, බරණිය, තාලිය නැතහොත් විශාල සැලිය (භාජනය) යන්නයි. මෙම ජාඩි නම් බඳුන් විශේෂය පටු මුවකින් ද පුළුල් බඳකින් ද යුතු වූවකි. මුල් යුගයේ දී ලුණු දැමූ මාළු අසුරා තැබීම සඳහාත්, පසුව ලුණු සහ ගොරකා දැමූ මාළු කල් තබා ගැනීම සඳහාත් මෙම බඳුන් යොදා ගෙන ති‌බේ. එම බඳුන්වල බහා තැබීම මගින් කල් තබා ගත් මාළු හැඳින්වීම සඳහා ද එම නාමය ම යොදා ගන්නට ඇති බව සිතිය හැකි ය. ජාඩියට මූඩිය යන යෙදුම ද මේ අනුව නිර්මාණය වී ඇත.

ජාඩිවල නිජබිම

ජාඩි යන නාමයට ඉන්දියානු ආභාෂයක් තිබූ නිසා ඇතැමෙකු මෙම ආහාරයට ද භාරතීය ආභාෂයක් ඇතැයි සිතුව ද එය නිවැරදි නොවේ. ජාඩිවල නිජබිම මෙරට දකුණු පළාත බව සනාථ කිරීමට ඇති හොඳ ම නිදසුන ගොරකා වේ. ද්‍රවිඩ ජනයා ආහාරවලට ඇඹුල් රසය ලබා ගැනීම සදහා ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ සියඹලා වුව ද දකුණු මුහුදු තීරයේ ප්‍රචලිත මාළු ඇඹුල්තියල් සඳහා යොදා ගන්නේ ගොරකා ය. ඇඹුල්තියල් මාළු පිසීමේ ක්‍රමය තුළින් ම ජාඩි නිපදවන තාක්ෂණය බිහි වන්නට ඇතැයි සැලකිය හැකි ය. බොහෝ රටවල මාළු කල්තබා ගැනිමේ දී ලුණු පමණක් භාවිත කළ ද ඒ සඳහා ගොරකා භාවිත කිරීම මෙරටට ආවේණික වේ.

ජාඩි දැමීම සඳහා යොදාගන්නා මාළු වර්ග

ජාඩි දැමීම සදහා උචිත ම මාළු වර්ගය හුරුල්ලන් යයි කියනු ලැ‌බේ. ඊට අමතර ව බෝල්ලන් සහ කුම්බලාවන් ද ඒ සඳහා යොදා ගනියි. අතීතයේ දී වැඩි ආදායමක් ඇති පිරිස් හුරුල්ලා මාළු යොදාගෙන දමන ලද ජාඩි මිලට ගත් අතර අඩු ආදායම් ඇති පිරිස් ‌බෝල්ලා සහ කුම්බලා ජාඩි මිලට ගත්හ. තෝරා, පරව්, බලයා, ඇටවල්ලා ආදී මාළු ද ජාඩි දැමීමට ගන්නා නමුත් මෝරා වැනි තෙල් සහිත වූ මාළු ඒ සදහා උචිත නොවී ය. තෝරා වැනි විශාල මාළු ජාඩි දැමීම සඳහා යොදාගන්නේ පෙති කැපීමෙන් අනතුරුව ය.

ජාඩි දැමීමේ තාක්ෂණය හා පාරම්පරික නිෂ්පාදන ක්‍රමය

ගෘහාශ්‍රිත ව ජාඩි දමන ලද්දේ මාළු ඔළු සහ බඩවැල් ඉවත් කොට ඇල් වතුර බිඳක් හෝ භාවිත නොකොට ය. ඒ වෙනුවට කරිජ්ජ හෙවත් මුහුදු වතුරෙන් ම මාළු සෝදා පිරිසුදු කර ගැනිණි. එසේ පිරිසුදු කර ගත් මාළු ලුණු කැට සහ ගොරකා සමඟ මැටි මුට්ටිවල හෝ බරණි වැනි විශාල භාජනවල තැන්පත් කරයි. ලුණු සෑහෙන තරමට යෙදිය යුතු අතර ලුණු අඩුවෙන් යෙදීම මාළු ජාඩි බවට පත් නොවී නරක් වීමට හේතු වේ.

1800 අග භාගයේ සහ 1900 මුල් භාගයේ ශ්‍රී ලාංකික ධීවරයන් ජාඩි නිපදවීම සදහා ඉන්දියාවට ද ගොස් කටයුතු කළ බව පැරැන්නන් සඳහන් කරන අතර ඒ සඳහා වැඩි වශයෙන් ගාල්ල දොඩන්දුව ප්‍රදේශයේ ධීවරයන් දායක වී තිබේ. ජාඩි මුදලාලිලා එක් කණ්ඩායමකට 40 – 50 පමණ පිරිසක් ඇතුළත් වන පරිදි ඉන්දියාවට රැගෙන ගොස් ඇත. ඔවුන් එහි මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් රැඳෙමින් ජාඩි නිපද වූ බව කියැ වේ.

ඉන්දියාවේ ජාඩි දැමූ ලාංකිකයෝ

ඉන්දියාවේ කොචින් සහ මල්පේ යන ප්‍රදේශවල එකල මෙසේ ජාඩි කර්මාන්තය ඉතා දියුණු අන්දමින් සිදු කරගෙන ගොස් ඇත. ජාඩි මුදලාලිලා මෙම කණ්ඩායමට වඩු කාර්මිකයකු ද රැගෙන ගොස් තිබේ. ඔහුගේ වගකීම වුයේ ජාඩි ඇසිරීම සදහා අවශ්‍ය වන පීප්ප සැකසීමයි. මෙකී වඩු කාර්මිකයන් හා ශ්‍රමිකයන් දුම්රියෙන් තලෙයිමන්නාරමට ගොස් ඇත. ඉන්පසුව නෞකාවෙන් ඉන්දියාවේ ධනුෂ් කොඩිය වෙත ගොස් නැවත දුම්රියෙන් මල්පේ ප්‍රදේශයට ගොස් තිබේ.

පසුව විශාල පරිමාණයෙන් ජාඩි සකසා ගැනීමේ දී ප්‍රථමයෙන් ම මාළු කරිජ්ජ‌‌ට හෙවත් මුහුදු ජලයට අල්ලා සේදීමෙන් අනතුරුව පොල් අතු මත ඇතිරීම සිදු විය. කුඩා වක් පිහියක් උපයෝගී කොට ගනිමින් මාළුන්ගේ අභ්‍යන්තර කොටස් ඉවත් කිරීම සිදු කළ අතර එය බඩ ඇදීම නමින් හැඳින්විණි. ඉන් අනතුරුව එම මාළු කූඩවලට පුරවා නැවැතත් මුහුදු රළට අල්ලා සෝදා ඇත. එවිට මාළු මනාව ශුද්ධ වේ. පසුව වෙරළාසන්නයෙහි තනා ඇති සිමෙන්තියෙන් ඉදි කළ ටැංකිවලට මෙම මාළු දමා ලුණු හා ගොරකා දමා පදම් වීමට හෙවත් පැසවීමට තබා ඇත.

පීප්පවල ජාඩි සකස් කිරීමේදී ලුණු මිශ්‍ර ගොරකා තට්ටුවක් අඩිය‌ට දමා සූදානම් කර ගන්නා අතර ඊට පසු ලුණු සහ ගොරකා මිශ්‍රිත මාළු අසුරනු ලැ‌බේ. ඉන් අනතුරුව ඒ මත ගෝණි කැබැල්ලක් එළා එය තෙරපමින් මාළු, ලුණු, සහ ගොරකා තට්ටුව තෙරපීමකට ලක් කරනු ලැ‌බේ. නැවත ඒ මත ලුණු ගොරකා අතුරා මාළු දමනු ලැබේ. මේ ආකාරයට හොඳින් අසුරා තද කර අවසානයේ මුහුදු ජලය දමා පීප්ප වසා තබනු ලැබේ. මෙලෙස දිනකට පීප්ප 50 -60 පමණ වැඩ අවසන් කළ බව කියැවේ.

පීප්ප තැනීමට අවශ්‍ය ලී තීරු ලෙස සකස් කොට මෙරටින් ගෙන ගිය අතර ඒ සදහා පළල අගල් 2 – 2 ½ පමණ වූ සූරිය ලී මේ සදහා යොදා ගැනිණි. ජලයට ඔරොත්තු දීම ශක්තිමත් බව මෙන් ම නිර්මාණ සදහා යොදා ගැනීමේ පහසුව මේ සදහා සූරිය දැව යොදා ගැනීමට හේතු විය. පීප්පයක උස අඩි 3-4 පමණ ද, බඳ ප්‍රමාණය අඩි 9 පමණ ද විය. විසි වන සියවසේ මැද භාගය වන විට ජාඩි පීප්පයක මිල රු. 10- 15 පමණ වූ අතර 1960 පමණ වන විට එය රු. 30 ද ඉක්මවී ය.

එකල ජාඩි පීප්ප සෑදීම සඳහා ඉන්දියාවට යන වඩු කාර්මිකයකුට රජය රුපියල් තුන්සියයක පමණ සහනාධාරයක්ද ලබාදී තිබේ. මෙකී කටයුතු සඳහා යන කණ්ඩායම මාස හයක පමණ කාලයක් ඉන්දියාවේ ගතකොට යළි මෙරටට පැමිණෙති.

ජාඩිවලට ප්‍රසිද්ධ දොඩන්දූවේ වරාය

ජාඩි මුදලාලිලා රුවල් ‌බෝට්ටු මගින් දොඩන්දූව වරායට ඉන්දියාවේ සිට රැගෙන එන ජාඩි පීප්ප රේගුවට බද්දක් ගෙවා නිදහස් කරගැනීමට කටයුතු කළ අතර එකල දොඩන්දුව උතුරු සීමාවේ රේගු ගොඩනැගිල්ල පිහිටා තිබුණේය. මෙම රුවල් ‌බෝට්ටු “සුලුප්පු” ලෙස ද හැඳින්වූ අතර එවැනි සුලුප්පුවකට ජාඩි පීප්ප 250 පමණ පැටවිය හැකි විය. දොඩන්දුව වරායෙන් ගොඩ බෑ ජාඩි පීප්ප ඇතුළු භාණ්ඩ තැන්පත් කර ඇත්තේ මෙකී රේගු ගොඩනැගිල්ලෙහි ය. එම රේගු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ මුල්කාලයට අයත් වුවකි.

1970 වර්ෂයෙන් පසු ඉන්දියාවේ නිශ්පාදිත ජාඩි දොඩන්දුවේ දී දක්නට නොලැබුණු අතර එරටට ගොස් ජාඩි නිශ්පාදනය කිරීම ද නතර වූ බව පෙනේ. එකල පැවති විදේශ විනිමය සීමා මෙන් ම ගොරකා, ලුණු හා පීප්ප සදහා නව බදු පැනවීම මෙන් ම බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ජාඩි කර්මාන්තය ඒ ආකාරයෙන් කඩා වැටීමට හේතු විය.

ආහාර රස කළ ජාඩි වතුර හෙවත් ලුණිජ්ජ

ලුණිජ්ජ හෙවත් ජාඩි වතුර යනු මාළු ඉස්ම ( දියරයක් වැනි දේ ), ලුණු සහ ගොරකා සමග මිශ්‍ර ව පදම් වූ දියරමය කොටසයි. මෙය පීප්ප හිමිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනයට තබා ගන්නා අතර එය අලෙවි නොකරයි. මෙහි පළමු භාගයේ ලුණිජ්ජ කිරිකැඳ ( පොල් කිරෙන් සාදාගන්නා කැඳ ) වැනි ය. ලුණිජ්ජ ඉවතට ගන්නේ පීප්පය මැද ඇති මූඩිය ගැලවීමෙන් වන අතර අනතුරුව එයට වතුර ස්වල්පයක් එක් කොට ලිපි තබා රත් කරයි. එය බෝතලයකට දමා නිසල ව තැබූ විට ඉහළින් රන්වන් පැහැ කොටසක් වෙන් ව පෙනෙන අතර එය පෙරා ගනියි.

අධික සුවදකින් හා රසවත් බවින් යුතු එය පොල්මැල්ලුම් ආදියට මිශ්‍ර කිරීම මගින් එම ආහාරය ඉතා රසවත් කර ගත හැක. කෘත්‍රිම රසකාරක බහුල නොවූ යූගයක මේ සඳහා විශාල ඉල්ලුමක් තිබූ අතර 1940 පමණ කාලයේ දී ලුණිජ්ජ ‌බෝතලයක් ශත 50කට අධික මිලකට අලෙවි වූ බව පැවසේ.

වර්තමාන තත්ත්වය

වර්තමානය වන විට පෙර තත්වයෙන් ම හා රසයෙන් නැතත් ජාඩි නිශ්පාදනය කරනු දැකිය හැකි අතර ගාලු පාර දෙපස ධීවර ගම්මාන අසල ජාඩි විකිණීමට තබා තිබේ. නව ආහාර සැකසීමේ ක්‍රම වඩාත් ප්‍රචලිත වීම ජාඩි වඩා ප්‍රචලිත නොවීමට හේතු වී ඇති බව පෙනේ.

(උපුටාගැනීම - අන්තර්ජාලයෙන්)







සම්බන්ධිත පුවත් | Related News

'අමරන්' කියන්නෙ මේ දවස්වල හුගක් අය කතා කරන ෆිල්ම් එකක්. සත්‍ය කතාවක් ඇසුරෙන් කරල තියෙන දුක්බර අවසානයක් තියෙන ෆිල්ම් එකක්. ඉන්දීය යුද්ධ හමුදා නිලධාරියෙක් සහ ඔහුගේ ආදර කතාව අර්ථාන්විත ලෙස සමාජයට යොමු කරන චිත්‍ර පටයක්.
මෙම ජන කවිය බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත. මෙය මතු පිටින් එක්තරා ආකාරයකට පරිසර වර්ණනාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.
දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය පියවීමේ පියවරක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ආනයනය කිරීමට රජය අවසර දී තිබේ.
මම ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලයේ ක්‍රිකට් සීසන් එක නොවෙන කාලයක, ගාල්ලේ ටියුෂන් පන්තියකට ගියා. මාතර ඒ තරම් පන්ති තිබුනට ඒ කාලයේ ලංකාවේ ශුද්ධ ගණිතය ගැන නම් දරාපු කොලඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක්වූ මැදගම සර් ඒ පන්තිය කරපු නිසා, ඔන්න අපි යාලුවො කට්ටියයි මගේ ධම්මික අයියයි ඒ පන්තියට යන්න තීරණය කලා.
අහම්බෙන් ඉතිරි වුන මම, වසර 35 අත්නොහල ලියවිල්ලෙන්ම අදත් මෙසේ ලියා තබමි.
කොවිඩ් සමයෙන් පසුව කියුබාව තුළ වර්ධනය වූ ආර්ථික අර්බුදය සහ අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට එල්ලකර ඇති සම්බාධක හේතුවෙන් අද වන විට කියුබාව රාජ්‍යක් ලෙස ඉතා ශෝචනීය ඉරණමකට ගොදුරු වී තිබේ.
කවුද දුන්න ඔත්තුවක් නිසා සුජීව සේනසිංහගෙ ගෙදර තියෙන වාහනේ පරීක්ෂා කරල , සුජීවම ඒක පොලිසිය සහ අධිකරණය කිව්ව විදියට රස පරීක්ෂක ගාවටත් ගෙනිහිල්ල, ඉම්පෝට් කල ලියකියවිලි සියල්ලත් පොලිසියට උසාවියට දීල , ඒවට අදාල මුල් ලේඛන රේගුවෙන් සහ RMV එකෙනුත්, රස පරීක්ෂක වාර්තාවත් එන්න තියෙද්දි පොලිසිය ආයෙ ගිහින් උසාවි නියෝගයක් අරගෙන අර වාර්තා එනතුරු වාහනේ අරෙස්ට් කරන්න කියලා.
LGBTQ හෙවත් සමරිසි කණ්ඩායම් යනු උපතෙන්ම එම තත්ත්වයට පත්වූ පිරිසක් නොවන බවත්, එය මානසික විකෘතියක් බවත් ඔවුන්ට අවශ්‍ය අයිතිවාසිකම් නොව නිසි මාර්ගෝපදේශනයක් බවත් හෙළිකෙරෙන වීඩියෝවක් පහතින් දැක්වේ.
එකලට ද මෙකලට ද කාලෝචිත එක්තරා කතා වස්තුවක් මුහුණුපොතේ තිබී අපට හමුවිය. එදා තවුසන් කියා රැවටුණු සොරදෙටුවන්ට අද ද උත්තමයන් කියා අප රැවටෙනවා නොවේදැයි වටහාගනු පිණිස අපගේ පාඨකයන්ගේ අවධානයට එම කතාව මෙසේ පළ කරමු.

ප්‍රධාන පුවත්

රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.

මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)

2024 මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී තිබුන ද ගොවීන්ට සහනාධාර ලෙස රු. 15000ක මුදලක් පසුගිය රජය විසින් ලබාදෙන බව ප්‍රකාශ කර තිබුනද, එම මුදල රු. 25000 දක්වා වර්තමාන රජය ඉහළ දමා ලබාදෙන බව පැවසුවද, මේ වන තෙක් එම 25000ක මුදල කෙසේවුවද 15000ක මුදල පවා ගොවීන්ට නොලැබී ඇති බව ගොවීහු චෝදනා කරති.

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුන රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම විපක්ෂ නායකවරයාට සාම්ප්‍රදායිකව වෙන්වූ අසුනේ අසුන් ගැනීමේ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ.

නාඩු මෙට්‍රික් ටොන් ලක්‍ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්

මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?

වර්තමාන රජයේ බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වූ මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, එම වෙබ් අඩවියේ පළකර ඇති ලිපියේ හිනිදුම සෙනෙවි මහතාට විරුද්ධව නිර්මාණ කොල්ලයක් සම්බන්ධයෙන් නඩුවක් තිබූ බවට දක්වා තිබේ.

රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ජාතික න්‍යෂ්ටික මූලධර්මයකට නිල වශයෙන් අත්සන් කර ඇති අතර එය මොස්කව් හමුදාවන්ට සිය න්‍යෂ්ටික අවි භාවිතයට අවසර දෙනු ලබන අවස්ථා ගෙනහැර දක්වයි. ක්‍රෙම්ලින රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති යාවත්කාලීන කරන ලද රුසියාවේ න්‍යෂ්ටික මූලධර්ම ලේඛනයේ ප්‍රධාන කරුණු පහත පරිදි වේ.

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.