නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනයේ මතය පවසයි
බටහිර මාධ්‍ය විසින් රුසියාවේ විපක්ෂ නායකවරයා ලෙසින් වර නැංවූ ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රුසියාවේ ෆෙඩරල් චරිතශෝධනාගාර සේවය (Russia’s Federal Penitentiary Service- FSIN) අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙෂ්කොව් මාධ්‍ය වෙත පැවසීය.
"අන්තවාදයට" සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් වසර 19ක සිර දඬුවමක් විඳිමින් සිටි නවාල්නි Yamalo-Nenets කළාපයේ බන්ධනාගාරයක් තුළ ඊයේ(16) පස්වරුවේ මිය ගියේය. රුසියාවේ ෆෙඩරල් චරිතශෝධනාගාර සේවයට අනුව, 47 හැවිරිදි නවාල්නි ව්‍යායාම සඳහා ඇවිදීමෙන් පසු අසනීප වී සිහිය නැති වී ඇති අතර, ටික වේලාවකට පසු වෛද්‍යවරුන් විසින් ඔහු මිය ගිය බව ප්‍රකාශ කළේය.
රුසියාවේ ෆෙඩරල් චරිතශෝධනාගාර සේවය "එවැනි තත්වයක් තුළ ගත යුතු සියලු පියවර ගනිමින් සිටිනවා",දිමිත්‍රි පෙෂ්කොව් වාර්තාකරුවන්ට පැවසීය. ඒ අනුව විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා පැවසුවේ නවාල්නිගේ අභාවයට හේතුව වෛද්‍ය වෘත්තිකයන් විසින් නිශ්චිතවම තීරණය කරනු ඇති බවත්, තත්ත්වය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දැනුවත් කර ඇති බවත්ය.
මීට පෙර, රුසියානු රාජ්‍ය සේවා මූලාශ්‍රයක් උපුටා දක්වමින් එරට මාධ්‍ය පැවසුවේ නවාල්නි රුධිර කැටියක් සිරවීම හේතුවෙන් මරණයට ගොදුරු වූ බවයි.
නවාල්නිගේ අභාවය සම්බන්ධයෙන් "රුසියාව වගකිව යුතු" බව එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය ප්‍රකාශ කළාය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පැවසුවේ "මෙම ඛේදජනක මරණයට රුසියානු පාලනය තනිකරම වගකිව යුතු බව යුරෝපා සංගමය විශ්වාස කරන" බවයි.
“පැහැදිලිවම, මේවා සම්පූර්ණයෙන්ම උමතු ප්‍රකාශයන්,” පෙස්කොව් මාධ්‍ය වෙත අවධාරණය කළේය. “මරණයට හේතුව ගැන කිසිම තොරතුරක් නැහැ. එවැනි ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි සහ නුසුදුසු යැයි අපි සලකනවා.”
නවාල්නි ප්‍රථමයෙන් දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු ලෙසත්, සිරගතකිරීමට ප්‍රථම සෑම වසරකම මොස්කව්හි පැවති අතිජාතිකවාදී රැලියක් වූ "රුසියානු පාගමනේ" නායකයෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත් විය. ඔහු පසුව බටහිර ලිබරල් විශ්වාසයන් සමඟ ඔහුගේ දෘෂ්ටිවාදය පෙලගැස්සවීමට කටයුතු කර අතර ජනාධිපති පුටින්ගේ විරුද්ධවාදියෙකු ලෙස ස්ථානගත විය.ඔහු විසින් කරනු ලැබූ වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් තිබියදී පවා 2018 ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඔහු උත්සාහ කළේය.
නවාල්නි 2021 මුල් භාගයේදී සිරගත කරනු ලැබුවේ ඔහුගේ පරිවාස කොන්දේසි කඩ කිරීම හේතුවෙනි. ඔහුට පසුගිය වසරේදි "අන්තවාදය" පෝෂණය කිරීමේ වරද සඳහා අමතර වසර 19ක දඬුවම් ලැබිණි. දෙසැම්බරයේ දී, ඔහු ආක්ටික් කවයට කිලෝමීටර 40 ක් ඉහළින් පිහිටා ඇති රුසියාවේ Yamalo-Nenets කලාපයේ 'Polar Wolf ' ජනපදයට මාරු කරනු ලැබුවේය.
https://www.rt.com/russia/592565-kremlin-comment-navalny-death/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..