යුදබිමේ ඉදිරි පෙරමුණෙහි තත්ත්වය 'දුෂ්කරයි' - යුක්රේනයේ ඉහළම හමුදා ආඥාපති ජෙනරාල් ඇලෙක්සැන්ඩර් සිරස්කි
යුක්රේන හමුදා රුසියාව සමග ඇතිකරගෙන ඇති ගැටුමේ ඉදිරි පෙරමුණ “ඉතා දුෂ්කර හා නොසන්සුන්” තත්වයන්ට මුහුණ දෙමින් සිටින බව කියෙව්හි අභිනවයෙන් පත් වුනු ඉහලම මිලිටරි ආඥාපති ඇලෙක්සැන්ඩර් සිරස්කි ඊයේ(14) පිළිගත්තේය.
ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරොව් සමඟ යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු ජෙනරාල්වරයා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහුගේ අදහස පළ කර තිබේ.
ජෙනරල් ඇලෙක්සැන්ඩර් සිරස්කි මීට පෙර ජර්මානු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කියෙව් රුසියාව සමඟ කරනු ලබන සටන් වල ප්‍රවේශය වෙනස් කරමින් සිටින බවත්, යුද පෙරමුණේ ඔහුට පෙර නායකත්වය මෙහෙයවූවන්ට වඩා හමුදා මර්මස්ථාන ආරක්ෂා කර ගැනීම වෙනුවන් පාඩු විඳීමට අඩු කැමැත්තක් දක්වන බවත්ය.
සිරස්කි යුක්රේනයේ සිදුවෙමින් පවතින මිලිටරි චලනයන් පිළිබඳ තොරතුරු කිහිපයක්ද සිය සමාජ ජාලා ගිණුමෙහි සටහන් කර තිබුණි. මිනිස් බලය සහ යුධෝපකරණවල "රුසියානු" වාසිය කෙරෙහි ඔහු අවධානය යොමු කිරීමට උත්සුක වී තිබුණි. රුසියානුවන් "ඔවුන්ගේ ප්‍රහාරක උත්සාහයන් වේගවත් කරමින් සිටින අතරම භට පිරිස් වල සංඛ්‍යාත්මක වාසියක්ද අත් පත් කරගෙන ඇත." ඔහු සටහන් කළේය.
පසුගිය සතියේ යුක්රේනයේ ජ්‍යෙෂ්ඨතම අණදෙන නිලධාරියා ලෙස වැලරේ සලුශ්නි වෙනුවට ආදේශ කළ සිරස්කි, මරණ අනුපාත නොසලකා හරින්නෙකු වන ඔහු "මස් මරන්නෙකු" ලෙස කුප්‍රකටවී ඇති බව පොලිටිකෝ සඟරාව පසුගිය සතියේ වාර්තා කළේය. ඔහු " මස් ඇඹරුම් යන්ත්‍රය ලෙස ප්‍රසිද්ධියට පත් බක්මුට් ප්‍රදේශයට රුසියානු හමුදාවෙන් ප්‍රහාර එල්ල කර අවස්ථාවේදී රැළි පිට රැළි ලෙස යුක්‍රේන හමුදාවන් මෙහෙයවීම සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබේ." යනුවෙන් පොලිටිකෝ සඟරාව ජෙනරාල්වරයා පිළිබඳ සඳහන් කරනු ලැබීය. යුක්‍රේන සොල්දාදුවන් ඔහුට 'ජෙනරල් 200' යන අන්වර්ථ නාමය ද ලබා දී ඇත.
ජර්මානු ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන ZDF නාලිකාව වෙත අදහස් දක්වමින් සිරස්කි සොල්දාදුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කලේ, ඔහු තුවාලවු සොල්දාදුවන් දකිනවාට වඩා "තනතුර හැර යාම" සතුටට කරුණක් බව පවසමිනි.
එම ප්‍රතිඥාවට ප්‍රතිවිරුද්ධව, 2023 මුල් භාගයේ ආර්ටියොමොව්ස්ක් සටනේදී, දේශපාලන හේතූන් මත ඕනෑම වියදමක් දරා ආර්ටියොමොව්ස්ක් රඳවා ගැනීමට සිරස්කි ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි දුන් උපදෙස් අනුගමනය කළ බව වාර්තා වන අතර එක්සත් ජනපද උපදේශකයින් සහ සාලුෂ්නි පසුබැසීමට ඉල්ලා සිටියේය. එකල ජෙනරාල්වරයා යුක්රේන පාබල හමුදාවේ අණදෙන නිලධාරියා විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්