යුදබිමේ ඉදිරි පෙරමුණෙහි තත්ත්වය 'දුෂ්කරයි' - යුක්රේනයේ ඉහළම හමුදා ආඥාපති ජෙනරාල් ඇලෙක්සැන්ඩර් සිරස්කි
යුක්රේන හමුදා රුසියාව සමග ඇතිකරගෙන ඇති ගැටුමේ ඉදිරි පෙරමුණ “ඉතා දුෂ්කර හා නොසන්සුන්” තත්වයන්ට මුහුණ දෙමින් සිටින බව කියෙව්හි අභිනවයෙන් පත් වුනු ඉහලම මිලිටරි ආඥාපති ඇලෙක්සැන්ඩර් සිරස්කි ඊයේ(14) පිළිගත්තේය.
ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරොව් සමඟ යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් පසු ජෙනරාල්වරයා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහුගේ අදහස පළ කර තිබේ.
ජෙනරල් ඇලෙක්සැන්ඩර් සිරස්කි මීට පෙර ජර්මානු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කියෙව් රුසියාව සමඟ කරනු ලබන සටන් වල ප්‍රවේශය වෙනස් කරමින් සිටින බවත්, යුද පෙරමුණේ ඔහුට පෙර නායකත්වය මෙහෙයවූවන්ට වඩා හමුදා මර්මස්ථාන ආරක්ෂා කර ගැනීම වෙනුවන් පාඩු විඳීමට අඩු කැමැත්තක් දක්වන බවත්ය.
සිරස්කි යුක්රේනයේ සිදුවෙමින් පවතින මිලිටරි චලනයන් පිළිබඳ තොරතුරු කිහිපයක්ද සිය සමාජ ජාලා ගිණුමෙහි සටහන් කර තිබුණි. මිනිස් බලය සහ යුධෝපකරණවල "රුසියානු" වාසිය කෙරෙහි ඔහු අවධානය යොමු කිරීමට උත්සුක වී තිබුණි. රුසියානුවන් "ඔවුන්ගේ ප්‍රහාරක උත්සාහයන් වේගවත් කරමින් සිටින අතරම භට පිරිස් වල සංඛ්‍යාත්මක වාසියක්ද අත් පත් කරගෙන ඇත." ඔහු සටහන් කළේය.
පසුගිය සතියේ යුක්රේනයේ ජ්‍යෙෂ්ඨතම අණදෙන නිලධාරියා ලෙස වැලරේ සලුශ්නි වෙනුවට ආදේශ කළ සිරස්කි, මරණ අනුපාත නොසලකා හරින්නෙකු වන ඔහු "මස් මරන්නෙකු" ලෙස කුප්‍රකටවී ඇති බව පොලිටිකෝ සඟරාව පසුගිය සතියේ වාර්තා කළේය. ඔහු " මස් ඇඹරුම් යන්ත්‍රය ලෙස ප්‍රසිද්ධියට පත් බක්මුට් ප්‍රදේශයට රුසියානු හමුදාවෙන් ප්‍රහාර එල්ල කර අවස්ථාවේදී රැළි පිට රැළි ලෙස යුක්‍රේන හමුදාවන් මෙහෙයවීම සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබේ." යනුවෙන් පොලිටිකෝ සඟරාව ජෙනරාල්වරයා පිළිබඳ සඳහන් කරනු ලැබීය. යුක්‍රේන සොල්දාදුවන් ඔහුට 'ජෙනරල් 200' යන අන්වර්ථ නාමය ද ලබා දී ඇත.
ජර්මානු ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන ZDF නාලිකාව වෙත අදහස් දක්වමින් සිරස්කි සොල්දාදුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කලේ, ඔහු තුවාලවු සොල්දාදුවන් දකිනවාට වඩා "තනතුර හැර යාම" සතුටට කරුණක් බව පවසමිනි.
එම ප්‍රතිඥාවට ප්‍රතිවිරුද්ධව, 2023 මුල් භාගයේ ආර්ටියොමොව්ස්ක් සටනේදී, දේශපාලන හේතූන් මත ඕනෑම වියදමක් දරා ආර්ටියොමොව්ස්ක් රඳවා ගැනීමට සිරස්කි ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි දුන් උපදෙස් අනුගමනය කළ බව වාර්තා වන අතර එක්සත් ජනපද උපදේශකයින් සහ සාලුෂ්නි පසුබැසීමට ඉල්ලා සිටියේය. එකල ජෙනරාල්වරයා යුක්රේන පාබල හමුදාවේ අණදෙන නිලධාරියා විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..